යාන් ඔය වැලි නිධියේ කැණිම් කටයුතු විධිමත් කිරිම සඳහා භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය විසින් එහි කැණීම් කටයුතු තහනම් කළ නමුත් මේ වන තුරු එහි කටයුතු විධිමත් කර නැතැයි වාර්තා වේ. බලපත‍්‍ර නිසියාකාරව නිකුත් නොකිරීම නිසා එම නිධිය ජලාශයට යටවීමේ අවදානමක් මතුව ඇතැයි සමස්ත ලංකා ඛණිජ සම්පත් ව්‍යවසායකයින්ගේ සංගමය පවසයි.

වසරකට රුපියල් 3,600,000 කට ආසන්න මුදලක් රජයට ගෙවමින් බලපත‍්‍ර ලබා ගත් 39 දෙනෙක් එහි වැලි කැණිම් කළහ.  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවෙන් බලපත‍්‍ර දුන් බව කියමින් 100 කට අධික පිරිසක් ද එහි මහා පරිමාණයෙන් වැලි ඉවත් කර ගැනීමේ යෙදී සිටියහ. 

මේ නිසා වැලි ඉවත් කර ගැනීමේ කටයුතු විධිම්ත් කිරීම සඳහා භූ විද්‍යා හා පතල් කැණිම් කාර්යංශය විසින් එහි වැලි කැණිම් සම්පූර්ණයෙන්ම නැවැත්වූයේ විධිමත් ලෙස බලපත‍්‍ර ලබා දෙන බව දන්වමිනි.