2004 සිට වසර 11 ක් ශ්‍රී ලංකාවේ අපරාධ පන් ලක්ෂ හැට දෙදහස් හත්සිය හැට හතක් සිදුවී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි.
යුද සමයේ රටේ අපරාධ වැඩි වශයෙන් සිදුවූ බවත් 2009 සිට 2014 දක්වා අපරාධ සියයට 120 න් අඩු කිරීමට පොලිසියට හැකිවූ බවත් පොලිසියේ දක්ෂතාව හා කාර්යක්ෂම බවත් ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොහොමඩ් ඛාන් ලංකාවේද ඉන්නේ ? (දී)
"හොරාගේ අම්මගෙන් පේන අහන්න එපා" කියල කතාවක් මම අහල තියෙනවා. (නදී)
රටේ වෙන සමහර අපරාධ දිහා නොබලන ස්වරූපයක් පොලිසියෙන් නම් පෙන්නුම් කරනවා. (නදී)
බලයේ රූකඩයක් නොවී නිල ඇඳුමට නිගා නොකර ඔබට රාජකාරිය කිරීමට ඇත්තටම නොහැකිද? පොලිසියේ දක්ෂ තාවය මැනවින් ප්‍රදර්ශනය කළා කාන්තාවකට මහා පාරේ බිම දමාගෙන ගහපු ආකාරයෙන්. ලෝකයේ කිසිම රටක එවෙනි දර්ශනයක් දකින්න ලැබෙන්නේ නැහැ (නදී)
සියයට 120 කින් අඩු කලා කියන ගණන හදපු හැටි කියන්න පුලුවන්ද? ඒ කියන්නේ අපරාද නොවෙන ඒවත් නැති කරලා. (අ)
ඔය කියන කතා කව්ද ගණන් ගන්නේ. (නදී)
යන්නකෝ ආණ්ඩුවේ වේදිකාවකට. හැමදාම මිනීමැරුම් ළමා දුෂණ හොරකම් , කකුල් අතපය කඩනවා මොනවා හරි බිලද ඕවා කියන්නේ (නදී)
යුද්ධය තිබුණු කාලයට වැඩියෙන් නම් දැන් අපරාද ගොඩක් අඩුයි තමයි. එ්ක පිළිගන්න වෙනවා (නදී)
අනේ මන්දා! (නි)
රටේ අපරාධ අඩුවෙලාද? නැත්තම් පොලීසියට එන අපරාධ අඩුවෙලාද? (නි)
ඔව්. ඒක ඇත්ත තමයි (නි)
මම නම් කියන්නේ යුද්ධය තිබුණු කාලයටත් වැඩියෙන් දැන් අපරාධ වැඩියි.ඉස්සර යුද්ධය නිසා මැරෙනවා. දැන් නිකන් මිනීමරනවා. ගෙවල් වලට පැනලා මරනවා.කපනවා. මංකොල්ලකනවා. පොඩි දරුවා ඉඳලා වයසක කෙනෙකුටවත් ඉන්න නැහැ. එළිපිට බැංකු බිඳිනවා. (නි)