IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


යුද්ධය නිමා වී අවුරුදු හතයි

යුද ජයග්‍රහණයේ හත් වැනි සංවත්සරය අදට (18) යෙදී ඇත.

ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන රණවිරු සැමැරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) හතරට බත්තරමුල්ලේ රණවිරු කේන්ද්‍රයේදී පැවැත්වේ.

යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහිකිරීම ද එහිදී සිදු වේ.

මෙම සැමරුම් උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද, මැති ඇමැතිවරු සහ ආණ්ඩුකාරවරු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වෙති.

මේ අතර රණවිරු සැමරුම් විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ‘සංහිඳියාවේ පිය සටහන්‘ මැයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (18) පස්වරු 7.30ට පැවැත්වීමට නියමිතය.

ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කරන එම සංස්කෘතිය සංදර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය.



අදහස් (0)

යුද්ධය නිමා වී අවුරුදු හතයි

මහේෂ් Wednesday, 18 May 2016 02:55 AM

මේවාට පිළිතුරු කියන්න වදන් නැහැ අපිට (නි)

:       0       0

ප්‍රියාන් Wednesday, 18 May 2016 03:09 AM

එතකොට යුද්ධදය නිමා කළ නායකයට ආරාධනා නැද්ද? කාගේවත් ජයග්‍රහණ තමන්ගේ කරගන්න එපා. තව කියන්න දේවල් තියෙනවා. කිව්වොත් මේකේ පළකරන්න අමාරුයි (නි)

:       0       0

ලුම්බිණි Wednesday, 18 May 2016 03:18 AM

යුද්ධය නිමවීම සිහිකිරීම සහ යුද්ධය ජයගැනීම සිහිකිරීම අප පටළවා ගතයුතු නැත. (නි)

:       0       0

ධම්ම Wednesday, 18 May 2016 12:03 PM

ප්‍රධාන රණවිරු සැමැරුම් උත්සවය බත්තරමුල්ලේ රණවිරු කේන්ද්‍රයේදී පැවැත්වේ. (ර)

:       0       0

විජේ Wednesday, 18 May 2016 04:00 AM

මේ වෙලාවේ කරන්න ඕනෑ උත්සව තියන එකද, එහෙමත් නැත්නම් අර ගංවතුරට අහුවෙලා නායයාම් වලට අහුවෙලා අසරණවෙලා ඉන්න අහිංසක මිනිසුන්ට පිහිටවෙන එකද කියලා ඔබතුමාලම හිතලා බලන්න. ඔය වැඩ වලට සල්ලි වියදම් කරන්න එපා. නායයාම් වලින් පවුල් කීයකට උන්හිටි තැන් නැතිවුණාද? ඒ අහිංසක මිනිසුන්ට ඉන්න තැනක් හදලා දෙන්න. (නි)

:       0       0

බන්දුල Wednesday, 18 May 2016 04:40 AM

රණවිරු සැමරුම් උත්සවය කිලිනොච්චියේ හෝ අලිමංකඩ තිබ්බා නම් සමහරු මැදවච්චියට හරි පාමංකඩ ගිහිල්ලා තමයි නවතින්නේ. (නි)

:       0       0

බමුණුසිංහ Wednesday, 18 May 2016 04:45 AM

යුද්ධය නිමා වී අවුරුදු හතයි. තව තුනකින් මේ රටට කුමක්වේද? (නි)

:       0       0

සේන Wednesday, 18 May 2016 04:56 AM

යුද්ධයට විහිලු කළ අයත් අද එය සමරනවා .මහින්දට එය සැමරුමට ආරාධනා කළේවත් නැහැ. සත්‍ය යටපත්වී ප්‍රෝඩාව මතුවී ඇත. රට සහ ජාතිය විනාශ වී යනු ඇත (නි)

:       0       0

සීජේ Wednesday, 18 May 2016 05:35 AM

ජාතික ජයග්‍රහනයක් සමරන්න ඔය තරම් බය ඇයි? (ර)

:       0       0

කුමාර් (ගල්ෆ්) Wednesday, 18 May 2016 05:44 AM

ත්‍රිවිධ හමුදා සහභාගීත්වය නැති රණවිරු සැමැරුම් නිකන් හුලන් ගිහිපු බැලුමක් වගෙයි, ලෝකේ කිසිම රටක මේ විධියට රණවිරු සැමැරුම් සිදුකරන්නේ නෑ. (ර)

:       0       0

පාඨලී Wednesday, 18 May 2016 06:29 AM

මොවුන්ගේ මේ ක්‍රියාවන් වලට ජනතාව ඉතා ළගදීම පිළිතුරු සපයාවී (බ)

:       0       0

රුවන් Wednesday, 18 May 2016 07:26 AM

රණවිරුවනි අප ඔබ සමගයි. (ර)

:       0       0

නිහාල් Wednesday, 18 May 2016 07:30 AM

ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්ට අපගේ උත්තමාචාරය. (ර)

:       0       0

ඉන්දික Wednesday, 18 May 2016 07:46 AM

යුද්දයක් තිබුනද? මට මතක නැහැ. අර අනාරක්ෂක ලේඛම් කියලත් තියෙන්නේ! (බ)

:       0       0

වසන්ජය Wednesday, 18 May 2016 08:39 AM

යුද්ධය නිම වුනාද ? නිමා කළාද? (බ)

:       0       0

අඹගමුව Wednesday, 18 May 2016 08:46 AM

හිටපු ජනාධිපති තුමායි මුලසුනේ ඉන්න ඕනෙ. ප්‍රධාන ආරාධිතයා වෙන්න ඕනෙ මේකෙ. සරත් ෆොන්සේකා ඇතුලු ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරපු හමුදාපති වරුත් ඉන්න ඕනෙ. එහෙව් එකේ... මහින්ද ජනාධිපති නෙමෙයි යුද්ද කළෙ කියන අයගෙන් අහන්නේ මෙයාලා මෙහෙම කළාම හරිද? (බ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 129 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 755 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site