යුද ජයග්‍රහණයේ හත් වැනි සංවත්සරය අදට (18) යෙදී ඇත.
ඒ වෙනුවෙන් පැවැත්වෙන ප්‍රධාන රණවිරු සැමැරුම් උත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) හතරට බත්තරමුල්ලේ රණවිරු කේන්ද්‍රයේදී පැවැත්වේ.
යුද්ධයේදී මිය ගිය රණවිරුවන් සිහිකිරීම ද එහිදී සිදු වේ.
මෙම සැමරුම් උත්සවය සඳහා අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ද, මැති ඇමැතිවරු සහ ආණ්ඩුකාරවරු ඇතුළු ආරාධිතයෝ රැසක් සහභාගී වෙති.
මේ අතර රණවිරු සැමරුම් විශේෂ සංස්කෘතික සංදර්ශනයක් ‘සංහිඳියාවේ පිය සටහන්‘ මැයෙන් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේදී අද (18) පස්වරු 7.30ට පැවැත්වීමට නියමිතය.
ආරක්ෂක අමාත්‍යංශය සංවිධානය කරන එම සංස්කෘතිය සංදර්ශනය සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහත්වරු ඇතුළු ආරාධිතයන් රැසක් ඊට සහභාගී වීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවාට පිළිතුරු කියන්න වදන් නැහැ අපිට (නි)
එතකොට යුද්ධදය නිමා කළ නායකයට ආරාධනා නැද්ද? කාගේවත් ජයග්‍රහණ තමන්ගේ කරගන්න එපා. තව කියන්න දේවල් තියෙනවා. කිව්වොත් මේකේ පළකරන්න අමාරුයි (නි)
යුද්ධය නිමවීම සිහිකිරීම සහ යුද්ධය ජයගැනීම සිහිකිරීම අප පටළවා ගතයුතු නැත. (නි)
ප්‍රධාන රණවිරු සැමැරුම් උත්සවය බත්තරමුල්ලේ රණවිරු කේන්ද්‍රයේදී පැවැත්වේ. (ර)
මේ වෙලාවේ කරන්න ඕනෑ උත්සව තියන එකද, එහෙමත් නැත්නම් අර ගංවතුරට අහුවෙලා නායයාම් වලට අහුවෙලා අසරණවෙලා ඉන්න අහිංසක මිනිසුන්ට පිහිටවෙන එකද කියලා ඔබතුමාලම හිතලා බලන්න. ඔය වැඩ වලට සල්ලි වියදම් කරන්න එපා. නායයාම් වලින් පවුල් කීයකට උන්හිටි තැන් නැතිවුණාද? ඒ අහිංසක මිනිසුන්ට ඉන්න තැනක් හදලා දෙන්න. (නි)
රණවිරු සැමරුම් උත්සවය කිලිනොච්චියේ හෝ අලිමංකඩ තිබ්බා නම් සමහරු මැදවච්චියට හරි පාමංකඩ ගිහිල්ලා තමයි නවතින්නේ. (නි)
යුද්ධය නිමා වී අවුරුදු හතයි. තව තුනකින් මේ රටට කුමක්වේද? (නි)
යුද්ධයට විහිලු කළ අයත් අද එය සමරනවා .මහින්දට එය සැමරුමට ආරාධනා කළේවත් නැහැ. සත්‍ය යටපත්වී ප්‍රෝඩාව මතුවී ඇත. රට සහ ජාතිය විනාශ වී යනු ඇත (නි)
ජාතික ජයග්‍රහනයක් සමරන්න ඔය තරම් බය ඇයි? (ර)
ත්‍රිවිධ හමුදා සහභාගීත්වය නැති රණවිරු සැමැරුම් නිකන් හුලන් ගිහිපු බැලුමක් වගෙයි, ලෝකේ කිසිම රටක මේ විධියට රණවිරු සැමැරුම් සිදුකරන්නේ නෑ. (ර)
මොවුන්ගේ මේ ක්‍රියාවන් වලට ජනතාව ඉතා ළගදීම පිළිතුරු සපයාවී (බ)
රණවිරුවනි අප ඔබ සමගයි. (ර)
ත්‍රස්තවාදයෙන් රට මුදා ගත් රණවිරුවන්ට අපගේ උත්තමාචාරය. (ර)
යුද්දයක් තිබුනද? මට මතක නැහැ. අර අනාරක්ෂක ලේඛම් කියලත් තියෙන්නේ! (බ)
යුද්ධය නිම වුනාද ? නිමා කළාද? (බ)
හිටපු ජනාධිපති තුමායි මුලසුනේ ඉන්න ඕනෙ. ප්‍රධාන ආරාධිතයා වෙන්න ඕනෙ මේකෙ. සරත් ෆොන්සේකා ඇතුලු ත්‍රිවිධ හමුදාවම නියෝජනය කරපු හමුදාපති වරුත් ඉන්න ඕනෙ. එහෙව් එකේ... මහින්ද ජනාධිපති නෙමෙයි යුද්ද කළෙ කියන අයගෙන් අහන්නේ මෙයාලා මෙහෙම කළාම හරිද? (බ)