යුද හමුදා ක‍්‍රිකට් කණ්ඩායම අන්තර් සමාජ පළමු පෙළ ලීග් ක‍්‍රිකට් තරගාවලියේ ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්වෙමින් ‘ඒ’ කාණ්ඩය දක්වා උසස්වීම් ලැබීය. මංජුල ද සොයිසාගේ නායකත්වයෙන් යුත් යුද හමුදා පිල අපරාජිතව ‘බී’ කාණ්ඩයේ ශූරයන් බවට පත්විය.
මෙහිදී යුද හමුදා පිල හමුවේ කොළඹ ප‍්‍රධානතම ක‍්‍රිකට් සමාජ වන සී. සී. සී. සහ බී. ආර්. සී. යන කණ්ඩායම් පසු බැස තිබීම කැපී පෙනෙයි.
යුද හමුදා පිල මෙවර තරග නවයේදී ජයග‍්‍රහණ 7 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 131.63 ක් හිමිකර ගත්තේය. අනු ශූරයන් වූ නාවික හමුදා පිල තරග නවයේදී ජයග‍්‍රහණ 3 ක්, පරාජ තුනක් සමගින් ප‍්‍රසාද ලකුණු 95.325 ක් හිමිකර ගත්තේය.
ශ්‍රී ලංකා ජාතික පිල නියෝජනය කරන පිට දඟ පන්දු යවන අජන්ත මෙන්ඩිස් සහ පා දඟ පන්දු යවන සීකුගේ ප‍්‍රසන්න යුද හමුදා පිල නියෝජනය කරති.
සීකුගේ ප‍්‍රසන්න මෙවර තරගාවලියේ තරග 5 කදී කඩුලූ 50 ක් දවාගෙන තිබේ. අසේල ගුණරත්න මෙවර යුද හමුදා පිල වෙනුවෙන් තරග 9 කදී ලකුණු 596 ක් රැස්කර තිබේ.
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd