
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රිය තුළදී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරුණු යුද හමුදා සෙබළුන් අට දෙනකු බණ්ඩාරවෙල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.
මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ දියතලාව යුද්ධ හමුදා පීඨයට අනුයුක්ත සෙබලුන් පිරිසකි.
ඊයේ රාත්‍රි කොළඹ සිට බදුල්ල කරා පැමිණි තැපැල් දුම්රිය තුළ පිරිසක් කලහා කාරි ලෙස හැසිරෙන බවට හා හා එම පිරිස බණ්ඩාරවෙල දුම්රියේ ස්ථානයේද කලාහකාරි ලෙස හැසිරෙන බවට ලද තොරතුරක් අනුව සැකකරුවන් පිරිස අත්අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනට අවුරුදු කිහිපයකට කලින් පවුලේ අය සමඟ රාත්‍රී තැපැල් දුම්රියේ ඇල්ල බලා යන වේලාවක අප සිටි මැදිරියට එහා මැදිරියේ මෙවන් පිරිසක් උන්නා. ඔවුන් සිවිල් ඇඳුමින් හිටියත් බීමත්ව හැසිරුනේ අශෝභන විධිහට. පසුව අප සිටි මැදිරියේ උන් විශාමික උසස් යුධ හමුදා නිළධාරියෙක් ඔවුන්ට කාරුණිකව කරුණු පැහැදිලි කිරීමෙන් පසු නිශ්ශබ්ද වුණා. මෙවැනි සිදු වීම් උඩරට දුම්රිය මාර්ගයෙ සාමාන්‍ය දේවල් බව ගාඩ් මහත්තයා අපට එදා කිව්ව. රැකියාවේ ගරුත්වය රැකීම කාගෙත් වගකීමක්.