අතුරුදන්ව සිටින මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ඔහුගේ බිරිද ගොනුකළ හබයාස් කෝපුස් පෙත්සම සම්බන්ධයෙන් වන තම විරෝධතාව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා අද (18) අභියාචනාධිකරණයට භාරදුන්නේය.
එක්නැලිගොඩ මහතාගේ බිරිඳ වන සන්ධ්‍යා එක්නැලිගොඩ මහත්මිය අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව මෙම පෙත්සමේ වගඋත්තරකරු ලෙස වත්මන් යුද හමුදාපතිවරයා සහ යුද හමුදා බුද්ධි අධ්‍යක්ෂකවරයා නම් කරන ලද්දේ මීට පෙර මෙම පෙත්සම කැඳවූ අවස්ථාවේදීය.ඔවුන් මෙම පෙත්සමට විරුද්ධව විරෝධතා ගොනු කරන බව දැනුම්දී තිබූ අතර යුද හමුදාපතිවරයා මෙසේ තම විරෝධතාවය අධිකරණයට ඉදිරිපත් කළේ ඒ අනුවය.
එක්නැලිගොඩ මහත්මියගේ හබයාස්කෝපුස් පෙත්සම අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන විජිත් මලල්ගොඩ,දේවිකා ලිවේරා ද තෙන්නකෝන් යන දෙපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණින.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි ඉවසීමෙන් බලාගෙන ඉඳිමු මෙතන වෙන්නේ මොකක්ද කියලා (නි)
යුද හමුදාව එදා කළේ ඉතාමත් අමාරු කර්තව්‍යයක්. ඒ ගැන අපි හිතන්න ඕනෑ (නි)
අසාද් වගේ අයට නම් රණවිරුවන් පෝරකයට යවන්න ඕනෑකම තිබෙන බව පෙනෙනවා. නමුත් මේ රටේ බහුතරයකට කළගුණ තිබෙනවා. (නි)
සන්තුෂ්, සැබෑ රණවිරුවන් අතර රණවිරුවන් කියලා කියාගන්න පිරිසක් ඉන්නවනේ. ඒ අය බලපුළුවන්කාරකම් වලට හැංගිලා කළ නීතිවිරෝධී ක්‍රියා වලට කවුද අරගල කරන්නේ? නීතියක් ක්‍රියාත්මක වෙනකොට එයට සහය දෙන්න ඉගෙනගන්න. නීතිය ක්‍රියාත්මක වීම වැළැක්වීමත් දඬුවම් ලැබිය හැකි වරදක් බව දැනගන්න.. (නි)
ගතවුණ මාස 11 ට රටට වුණ විපත අපමණයි. සන්තුෂ් මෙන් අපිද සියළු රණවිරුවන් කොන්දේසි රහිතව නිදහස් කරනතෙක් අරගල කිරීමට සූදානම් (නි)
මේ අදහස් පළකරන ඇතැම් අයගෙ මානසිකත්වය ගැන හිතාගන්නත් අමාරුයි. බලපුලුවන්කාරකම් වලට මුවාවෙලා නීතිවිරෝධී වැඩ කළා නම් ඒ අයට දඬුවම් දියයුතු බව රටම පිළිගන්නවා. රට පුරා බෝම්බ පිපිරුණු, මළකඳන් ගොඩගැහුනු අතීතය මෙතරම් ඉක්මනට අමතකරලා රටබේරාගත් රණවිරුවන් පෝරකයට ගෙනයනකොට අත්පුඩි ගහන්න සමහරු බලාගෙන සිටීම මොනතරම් කණගාටුවට කරුණක්ද? (නි)
ඔය කවුරු කවුරු ගැනත් අපි හොඳට දන්නවා (නි)
ශ්‍රී ලංකා හමුදාව යුද්ධයේදී රසායනික අවි භාවිතා කළා කියා සමහරු අසත්‍ය ප්‍රචාර කරන එකට අපේ රටේ නීතිය යටතේ දඬුවම් නැද්ද? (නි)
රණවිරුවන් මොන වරදක් කළත් නීතිය හමුවට ගෙනඒම නොකළයුතුද? (නි)
අරුණ, හමුදාවේ සිටි හැමෝම රණවිරුවනුත් නෙමෙයි. කිසිම කෙනෙක් නීතියට ඉහළින් නැහැ. (නි)
වාස් ගුණවර්ධන මහත්තයත් රණවිරුවෙක්නේ.ඉතින් ඔය කියන අය අරගල කරන්නේ නැද්ද? (අ)
රණවිරුවෝ කියන්නෙත් මෙරටේ පුරවසියෝම තමයි. ඒ අයත් රටේ නීතියට යටයි. රට ත්‍රස්තවදෙන්ගෙන් බේර ගන්න සටන් කල කියල මිනිසුන් මැරීමට ඒ අයට අයිතියක් නැහැ.මේ අතුරුදහන් වීමට රණවිරුවන් සම්බන්දනම් ඒ අයට දඩුවම් ලැබිය යුතුයි. (අ)
වැරදි කරලා තියෙනවනම් කුමන තරාතිරමක වුවත් දඩුවම් ලැබිය යුතුයි. (කෞ)
සියළු රණවිරුවන් කොන්දේසි රහිතව නිදහස් කරනතෙක් අරගල කිරීමට ජනතාව වන අප සූදානම් (නි)
හෙට අනිද්දා අයිඑස් කාරයන්ට විරුද්ධව ලංකාව තුළ සටන් මෙහෙයවන්න වේවිද දන්නෙ නැහැ. මේ බොරු වැඩ නවත්වන්න. ආරක්ෂක අංශ ශක්තිමක් කරන්න. (නි)
රණවිරුවෝ කියන්නේ එක කොට්ඨාශයකට. අපරාධකාරයෝ කියන්නේ තවත් කොට්ඨාශයකට. අපේ රටේ ඉන්න අය මේ දෙක තේරුම්ගන්නේ තමන්ටත් විපත්තියක් වුණදාක තමයි. (නි)