
(චන්දන හෙන්දුරුගොඩ )
පුත්තලම දිස්ත්‍රික්කය කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංකා යුද හමුදාව 8 වන වරටත් සංවිධානය කළ බහුවිධ වෛද්‍ය සායනය සඳහා දහසකට අධික පිරිසක් සම්බන්ධ වු බව ශ්‍රී ලංකා යුධ හමුදා මාධ්‍ය අංශය කියයි.
යුද හමුදා සාමාජිකයන්ගේ යහපැවැත්ම සහතික කරමින් පවත්වනු ලබන බහුවිධ වෛද්‍ය සායනයන්හි 8 වන අදියර පුත්තලම දිස්ත්‍රික්කයහි පදිංචි විවිධ හේතුන්මත රණක්‍ෂිතයටපත් රණවිරුවන් හා විශ්‍රාමික මෙන්ම ක්‍රියාන්විත හේතූන් මත මියගිය රණවිරුවන්ගේ ළගම ඥාතීන් ඇතුලුව දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් පුත්තලම, සින්නවිල්ලුවත්ත යුද හමුදා කඳවුරේදී අද දවස පුරා පැවැත්විණි.
යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී විය. රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ අධික්‍ෂණය යටතේ සංවිධානය කළ මෙම වෛද්‍ය කඳවුර හරහා වෛද්‍ය ගැටළු හදුනාගනිමින් හා ඒ සඳහා විසඳුම් ලබාදීම, වෘත්තීය සෞඛ්‍ය උපදේශනය, මානසික සෞඛ්‍ය උපදේශන සේවාව, දන්ත වෛද්‍ය සේවාව, ජංගම වෛද්‍ය රසායානාගාර සේවය, කෘතිම අත් පා සහ ශල්‍ය උපකරණ ලබාදීම සඳහා පරීක්‍ෂණ මෙන්ම ජංගම අක්ෂි සායන, භෞත චිකිත්සක සායන, ඇතුලු තවත් සේවා ලබාදීමට කටයුතු සිදුකර ඇත.


2025 දෙසැම්බර් මස 04
626
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
527
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
431
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යුද හමුදා වෛද්‍ය කඳවුරින්