යුද වීරයකුටත් ,දේශපාලනඥයකුටත්, සාමාන්‍ය වැසියකුටත් ,මේ රටේ පවතින්නේ එකම පොදු නීතීයක් යැයි ජනාධිපති නිතිඥ ශ්‍රීනාත් පෙරේරා මහතා කොළඹ අලුත් කඩේ උපරිමාධිකරණ සංකීරණ ඉදිරිපිට දී මාධ්‍යට පැවසීය.
පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ජයන්ත කැටගොඩ මහතා සහ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතා අතර පැවැති නඩු විභාගයේදී ජයන්ත කැටගොඩ මහතා වෙනුවෙන් තමන් ඉදිරිපත් වීමට විරුද්ධව ෆොන්සේකා මහතා ඉකුත්දා මාධ්‍ය හමුවේ පැවැසු ප්‍රකාශ කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රීනාත් පෙරේරා අදහස් දැක්වීය.
යුද වීරයකු. නමුත් ඔහුද රටේ පොදු නීතියට එකඟ විය යුතු බවත් මා ඇතුළු ඕනෑම නීතීඥවරයකුට තමන් කැමැති සේවාදායකයකු වෙනුවෙන් තම සේවාව ලබා දිය හැකි බව ඔහු නොදන්නේ මන්දැයිද ශ්‍රීනාත් මහතා විමසා සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සදාචාරය, හෘද සාක්ෂිය මේ ඔක්කොම සල්ලිවලට යටයි. (බ)
ඔබ තුමන්ලා කවුද? එයා කවුද? එයාම හමුදාපති වෙලා එයාම හමුදාව හදාගෙන අවශ්‍ය සියලු පහසුකම් එතුමාගේ වියදමින්ම සපයා ගෙන ජාත්‍යන්තරයත් කළමනාකරණය කරගෙන ත්‍රිවිධ හමුදාවටම අණ දීල තනියෙම හැමදේම අරගෙන ගිහින් ත්‍රස්තවාදය නැති කරපු උත්තමයනේ (දිල්)
නීතිය හැමෝටම සමානව බලපවත්වන බව නීති පොත්වල සඳහන් වෙලා තිබුණට නීතිය ක්‍රියාත්මක කිරීමේදී එහෙම වෙන්නේ නැති බව ලංකාවේ ඕනෑම පොඩි දරුවෙකු වුණත් දන්නවා.(දිල්)
යහපලට ගොඩක් වැරදිලා වගේ.(හේ)
වීරත්වය යනු නීතිය ඉක්මවා යන බල පතක් නොවේ. (ර)
පසුගිය ආණ්ඩුව කාලේ මේක කිවුවේ නැත්තේ ඇයි. (ර)
නීතීඥවරයකුට තමන් කැමැති සේවාදායකයකු වෙනුවෙන් තම සේවාව ලබා දිය හැකි උවත්, මේ අවස්ථාවේදී ඔබේ වචනයෙන් කියන විදිහටම, ඔබට සදාචාරාත්මක අයිතියක් තිබෙනවද යන්න මට ගැටලුවකි. (ර)
නීතියට තියෙන්නේ නීතිය විතරයි එකේ සදාචාරයක් අදාල නෑ. (ර)
ඊළඟ ඡන්දෙදි බලමු කවුද දිනන්නේ කියලා. (නි)
ඒ වුණාට මෙතන තියෙන්නේ වෙනම කතාවක්නේ? මෙතැනදී ඔබතුමාගේ ඔය කතාව අසාධාරණයි. (නි)
අනේ මන්දා ඉතින් මේවා! (නි)
කලුකෝට් අය ළඟ මනුස්සකමක් තිබෙනවා කියලා මම නම් කවදාවත් හිතන්නේ නැහැ (නි)
ලේඛන සහ මුදල් මත ඔය කියන සදාචාරාත්මකකමේ අරුත වෙනස් කරන්න පුළුවන්. සල්ලි දෙවියන්ගේ මල්ලි නිසා තමා මේ ඔක්කොම සිද්ධවෙන්නේ අපේ රටේ (නි)
මොනවා කියන්න බැරිද ඉතින්? (නි)
ඔය කියන විදියට සමාන කරන්න ගියොත් බන්ධනාගාර රෝහල හුඟක් ලොකු කරන්න වෙයි නේද? වැරදි කරන පොඩි අපිටත් ඇප දෙනතුරු ලෙඩ ඇඳට වෙලා ඉන්න දෙන්න පුලුවන්ද? ඔක්කොම මේ රටේ නීති පොඩි මිනිහාට විතරයි (නි)
විශිෂ්ට ප්‍රකාශයක්. (නි)
ඔය තර්කය සියළු දේශපාලකයන්ට අදාළද? (නි)
වීරයාටත් ද්‍රෝහියාටත් සාමාන්‍ය පුරවැසියාටත් නඩුවකදී නීතිඥයකුගේ සේවය ලබාගන්න අයිතිය තිබෙනවා. කාටවත් බැහැ ඒ අයිතියට අභියෝග කරන්න. (නි)
නීතියයි සදාචාරයයි අතර විශාල වෙනසක් තිබෙනවා.ෆොන්සේකා කියන්නේ අපිට මැණිකක්. (නි)
සරත් ෆොන්සේකා කියන්නෙත් මේ රටේ ජීවත්වන සාමාන්‍ය පුරවැසියෙක් (නි)
සරත් ෆොන්සේකා කියන්නේ උත්තමයෙක් අපිට නම් (නි)
සරත් ෆොන්සේකා හමුදදාවේදී හොඳ සේවයක් කළත් එයාට තිබුණු ගෞරවය නැතිකර ගත්තා. තමාට පෙර රට කියන දෙය හැමදෙනාම මතක තබාගත්තොත් හොඳයි. (නි)