මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් තරු පටි ගැලවූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදහස් කර නැවත තරුපටි ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළද ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර නැත.
ෆොන්සේකා මහතාගේ තරුපටි ගැලවූ පසු ඔහු හිටපු හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කැරිණි.
යුද හමුදා වෙබ් අඩවියේ අලුත් තොරතුරු දිනපතා යාවත්කාලීන කළ ද යුද හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවට ෆොන්සේකා මහතා නම අද පස්වරු 1.30 වන විටත් ඇතුළත් කර නොතිබිණි.
ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරුන්ගේ ලැයිස්තුව බලන්නකුට හැඟී යන්නේ 2005 දෙසැම්බර 05 වැනි දා සිට 2009 ජූලි 15 වැනි දා තෙක් හමුතාපතිවරයකු සේවය කර නැති සැටියකි.
ජනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ මහතා 2004 ජූලි පළමු වැනි දා සිට 2005 දෙසැම්බර 05 වැනි දා තෙක් සේවය කර ඇතැයි සඳහන් වන අතර ඉන් පසු ඇත්තේ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ නමයි. ඒ 2009 ජූලි 15 සිට 2013 ජූලි 31 දක්වා යනුවෙනි.
2009 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය පරාජය කළ යුද්ධයට නායකත්වය දුන්නේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
461
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
‘යුද වීරයාගේ නම තාම හමුදා ලැයිස්තුවේ නෑ‘
ටිකිරි Thursday, 22 January 2015 04:14 PM
ජනාධිපති සමා වලින් වැඩක් නැහැ . සරත් පොන්සේකා මහත්මයට සියලු දේවල් නැති වුනේ අධිකරණ තීන්දුවකිනුයි. හැකිනම් ඒ සියලු චෝදනා වලින් එතුමා නිදහස් කර වැරදි තීන්දුවක් දී තිබේදැයි සෙයා ඔවුන් හටද දඬුවම් දෙන්න. (නදී)
ජගත් Thursday, 22 January 2015 05:48 PM
ඒක අපේ හදවතේ ලියාගෙන අවසානයි. (නි)
අෆ්සාල් Thursday, 22 January 2015 11:44 AM
මොන ලෝකෙද මෙහෙම වැඩ කරන්නේ? නම ගළවපු එක ඉතාම වැරදි වැඩක් (නි)
වයිකෝ Thursday, 22 January 2015 06:12 PM
මෙයට වගකිවයුතු නිලධාරීන්ට විරුද්දව විනයානුකූලව කටයුතු කළ යුතුයි (නදී)
ප්‍රනාන්දු පැරිස් Thursday, 22 January 2015 06:26 PM
මොකක්ද අර සුදු කොඩි කතාව (නදී)
නඩරාජා Thursday, 22 January 2015 07:34 PM
ප්‍රබා ගේ නමත් ඉදිරියේදී ඇතුල් වෙයිද දන්නේ නැහැ (නදී)
සමන් Thursday, 22 January 2015 12:42 PM
සමහරුන්ට මේ නම විනාඩියක් පරක්කු කරන එකත් නිවන් ගියා වගේ සතුටක් ඇති. (නදී)
සරත් Thursday, 22 January 2015 12:54 PM
මම මේ ගැන ආමි වෙබ් එකේ අයටත් ලියුවා අද උදේ. (නදී)
නිමල් ලාලිත Thursday, 22 January 2015 11:14 PM
දේශපාලන බලලෝභීන් කුමක් කළද,පැවසුවද, නියම යුධ වීරයා කවුද,වීරෝධාර රණවිරුවන් මෙහෙයවූයේ කවුද යන්න මුළු ලොවම දනිති. (නි)
මහින්ද රොහාන් Thursday, 22 January 2015 01:13 PM
2005 දෙසැම්බර් 05 වැනිදා දා සිට 2009 ජුලි 15 දක්වා හමුදාපතිවරයෙක් ඉඳල නෑ හිටියේ මීයෙක්. තරු ටිකත් කාලා . පටි ටික කද්දී පටිවලින් මියට ගහලා. මීයට බෙහෙත් කරන්නේ ඇමරිකාවෙන් ලු. (නදී)
නිලංක Thursday, 22 January 2015 01:54 PM
ඉවසලා ඉන්නකෝ. ඒක වෙලාවට කරයි (නි)
මහින්ද Friday, 23 January 2015 02:59 AM
ගෝටාභයගේ උපදෙස් මත හැම කඳවුරකම එතුමාගේ තිබුණු සියලුම සිහිවටන , ඡායාරූප ඉවත් කරලා තියෙන්නේ. දැන් නැවතත් ගෝටාභයටම කියල ඒවා සවිකරවන්න (නදී)
රුවන් Friday, 23 January 2015 03:03 AM
මම ඔය වැඩේට එරෙහිව කී පාරක් කතා කළාද. නව ජනාදිපති පත් වීමෙන් පසුවද ඕක දැනුවත් කළා. තාම විසදුමක් නෑ. ලංකාදීප පත්‍රයට ස්තුතිවන්ත වෙමි. දැන්වත් අදාළ පුද්ගලයන්ගේ ඇස් ඇරෙයි. (නදී)
සාලිකා Thursday, 22 January 2015 02:31 PM
ලැයිස්තුවේ නැති උනාට ලෝකවාසී සියලු දෙනාගේ හදවතේ ලියවිලා තිබුනා (නදී)
රොෂාන් ප්‍රනාන්දු Thursday, 22 January 2015 02:41 PM
නම දමයි ඉක්මනින්. පොඩ්ඩක් ඉන්නකෝ ඉතින්! (නි)
කුමාර් Thursday, 22 January 2015 10:25 AM
යුද්දයට නායකත්වය දුන්නේ ජනාදිපති සහ ආරක්ෂක ලේකම්. යුද්ද හමුදාවට නායකත්වය දුන්නේ පොන්සේකා මහත්මයා. සත්‍ය විකෘති කරන්ට එපා. බොරු නම්බු දීල සරත් මහත්මයාව විනාශ කරන්ට එපා ගියවර වගේ (නදී)
මතුගම මහනාම Thursday, 22 January 2015 02:54 PM
තාමත් ඇතුලේ විරුද්ධකාරයෝ ඉන්නවා වගෙයි. ඔහොම යන්කෝ (නදී)
අශේන් Thursday, 22 January 2015 10:43 AM
තවමත් ඇතුලේ මීයෝ ඉන්නවා වගේ.(දිල්)
පියසිරි Thursday, 22 January 2015 03:52 PM
නමුත් ඔබ අපේ හදවතේ සදා ජීවමානයි (නි)