මහින්ද රාජපක්ෂ මහතාගේ රජයෙන් තරු පටි ගැලවූ හිටපු යුද හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා සියලු චෝදනාවලින් නිදහස් කර නැවත තරුපටි ලබා දෙන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නියෝග කළද ශ්‍රී ලංකා යුද හමුදාවේ හිටපු හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවට ඔහුගේ නම ඇතුළත් කර නැත.
ෆොන්සේකා මහතාගේ තරුපටි ගැලවූ පසු ඔහු හිටපු හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවෙන් ඉවත් කැරිණි.
යුද හමුදා වෙබ් අඩවියේ අලුත් තොරතුරු දිනපතා යාවත්කාලීන කළ ද යුද හමුදාපතිවරුන්ගේ ලැයිස්තුවට ෆොන්සේකා මහතා නම අද පස්වරු 1.30 වන විටත් ඇතුළත් කර නොතිබිණි.
ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරුන්ගේ ලැයිස්තුව බලන්නකුට හැඟී යන්නේ 2005 දෙසැම්බර 05 වැනි දා සිට 2009 ජූලි 15 වැනි දා තෙක් හමුතාපතිවරයකු සේවය කර නැති සැටියකි.
ජනරාල් එස් එච් එස් කෝට්ටේගොඩ මහතා 2004 ජූලි පළමු වැනි දා සිට 2005 දෙසැම්බර 05 වැනි දා තෙක් සේවය කර ඇතැයි සඳහන් වන අතර ඉන් පසු ඇත්තේ ජෙනරාල් ජගත් ජයසූරිය මහතාගේ නමයි. ඒ 2009 ජූලි 15 සිට 2013 ජූලි 31 දක්වා යනුවෙනි.
2009 මැයි මාසයේ ශ්‍රී ලංකාවේ කොටි සංවිධානය පරාජය කළ යුද්ධයට නායකත්වය දුන්නේ හිටපු හමුදාපති ජනරාල් සරත් ෆොන්සේකා මහතාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජනාධිපති සමා වලින් වැඩක් නැහැ . සරත් පොන්සේකා මහත්මයට සියලු දේවල් නැති වුනේ අධිකරණ තීන්දුවකිනුයි. හැකිනම් ඒ සියලු චෝදනා වලින් එතුමා නිදහස් කර වැරදි තීන්දුවක් දී තිබේදැයි සෙයා ඔවුන් හටද දඬුවම් දෙන්න. (නදී)
ඒක අපේ හදවතේ ලියාගෙන අවසානයි. (නි)
මොන ලෝකෙද මෙහෙම වැඩ කරන්නේ? නම ගළවපු එක ඉතාම වැරදි වැඩක් (නි)
මෙයට වගකිවයුතු නිලධාරීන්ට විරුද්දව විනයානුකූලව කටයුතු කළ යුතුයි (නදී)
මොකක්ද අර සුදු කොඩි කතාව (නදී)
ප්‍රබා ගේ නමත් ඉදිරියේදී ඇතුල් වෙයිද දන්නේ නැහැ (නදී)
සමහරුන්ට මේ නම විනාඩියක් පරක්කු කරන එකත් නිවන් ගියා වගේ සතුටක් ඇති. (නදී)
මම මේ ගැන ආමි වෙබ් එකේ අයටත් ලියුවා අද උදේ. (නදී)
දේශපාලන බලලෝභීන් කුමක් කළද,පැවසුවද, නියම යුධ වීරයා කවුද,වීරෝධාර රණවිරුවන් මෙහෙයවූයේ කවුද යන්න මුළු ලොවම දනිති. (නි)
2005 දෙසැම්බර් 05 වැනිදා දා සිට 2009 ජුලි 15 දක්වා හමුදාපතිවරයෙක් ඉඳල නෑ හිටියේ මීයෙක්. තරු ටිකත් කාලා . පටි ටික කද්දී පටිවලින් මියට ගහලා. මීයට බෙහෙත් කරන්නේ ඇමරිකාවෙන් ලු. (නදී)
ඉවසලා ඉන්නකෝ. ඒක වෙලාවට කරයි (නි)
ගෝටාභයගේ උපදෙස් මත හැම කඳවුරකම එතුමාගේ තිබුණු සියලුම සිහිවටන , ඡායාරූප ඉවත් කරලා තියෙන්නේ. දැන් නැවතත් ගෝටාභයටම කියල ඒවා සවිකරවන්න (නදී)
මම ඔය වැඩේට එරෙහිව කී පාරක් කතා කළාද. නව ජනාදිපති පත් වීමෙන් පසුවද ඕක දැනුවත් කළා. තාම විසදුමක් නෑ. ලංකාදීප පත්‍රයට ස්තුතිවන්ත වෙමි. දැන්වත් අදාළ පුද්ගලයන්ගේ ඇස් ඇරෙයි. (නදී)
ලැයිස්තුවේ නැති උනාට ලෝකවාසී සියලු දෙනාගේ හදවතේ ලියවිලා තිබුනා (නදී)
නම දමයි ඉක්මනින්. පොඩ්ඩක් ඉන්නකෝ ඉතින්! (නි)
යුද්දයට නායකත්වය දුන්නේ ජනාදිපති සහ ආරක්ෂක ලේකම්. යුද්ද හමුදාවට නායකත්වය දුන්නේ පොන්සේකා මහත්මයා. සත්‍ය විකෘති කරන්ට එපා. බොරු නම්බු දීල සරත් මහත්මයාව විනාශ කරන්ට එපා ගියවර වගේ (නදී)
තාමත් ඇතුලේ විරුද්ධකාරයෝ ඉන්නවා වගෙයි. ඔහොම යන්කෝ (නදී)
තවමත් ඇතුලේ මීයෝ ඉන්නවා වගේ.(දිල්)
නමුත් ඔබ අපේ හදවතේ සදා ජීවමානයි (නි)