යුද සමයේදී සිදුවූවා යැයි පැවසෙන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් කිරීමේ නීතිමය හැකියාව උතුරු පළාත් සභාවට පවතින්නේ දැයි අධ්‍යනය කරමින් සිටින බවත් එසේ හැකියාවක් ඇතිනම් එම පරීක්ෂණය උතුරු පළාත් සභාව විසින් කරනු ලබන බවත් මහ ඇමති සී.වී. විග්නේෂ්වරන් මහතා පැවසීය.
1985 ජනවාරි 30 වනදා මන්නාරම වට්ටුකන්ඩු ගම්මානයේ ඝාතනය වූ දෙමළ වැසියන් 70 දෙනෙකු සිහිකිරීමේ උත්සවයකට සහභාගී වෙමින් මහඇමතිවරයා මේ අදහස් පළකළේය.
2015 එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරගත් යෝජනාවට අනුකූලව යුද අපරාධ සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම සදහා විදේශීය විනිසුරුවන් සහභාගි කර ගැනීමට නිර්දේශ වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි බොහොම හොඳයි ,ඕක ඇතුලේ ඉන්න කොටි පැටවුන්ගෙන්ම දැනගමු බඩ දරු අම්මල කී දෙනෙක් කපල දැම්මද, කිරිසප්පයෝ කී දෙනෙක් උඩ දාල පොලවේ ගැහුවද කියල. (බ)
අපි කොටින්ගේ අපරාධ ගැන හඬක්, උද්ඝෝෂණයක් නොකරන හින්දා අපේ ඔළුවටම අත හෝදන්න හදනවා. කොටි කරපු ඒවා ගැන කවුරුවත් කතා කරන්නේ නැත්නම් හමුදාවේ වැරදි ගැන පමණක් කතා කරන්න බැහැ කියලා කියන්න ඕනෑ (නි)
අර කියමනක් තිබෙනවානේ "ළිප ගිනි මොළවනතුරු දිය සැලියේ, සැපයක් යැයි කකුළුවා දිය කෙළියේ" කියලා. ඔබතුමාත් සෙල්ලම් දම දමා ඉන්න. (නි)
අපේ මිනිස්සු, පොඩි දරුවෝ බස් වල, ස්ටේෂන් වල, පෝය දවසේ පන්සලේ, බල්ලෝ බළල්ලු ගානට මැරෙන වෙලාවේ හිතුනේ නැද්ද ඔය කියන යුධ අපරාධ පරීක්ෂණ කරන්න. (නි)
ජනපතිතුමනි, ඇයි ඔබ තවමත් නිහඬ මොවුන් මෙච්චර නටද්දී? ඇයි කියන්න බැරි ප්රභාකරන් කළ දේවල් නිසා අහිංසක ජනතාව කී දාහක් අසරණවෙලා ඉන්නවද, දරුවෝ කීදෙනෙක්ට තාත්තලා නැද්ද, අම්මලා කීදෙනෙක්ට දරුවෝ නැතිවුණාද, කාන්තාවන් කීදෙනෙකුට මිනිස්සු නැතිවුණාද, අබ්බගාත, අනාථ අසරණ වුණාද කියලා? (නි)
අනේ මොකටද අපි මේවට උත්තර දීලා ලේ පුච්චාගන්නේ? (නි)
ඔවු ඉතින් මෙයාට කරන්න වෙන වැඩකුත් නැහැනේ (නි)
අනේ මන්දා මොනවා වෙන්න යනවද කියලා (නි)
මේ දේවල් වලින් වෙන්නේ ප්‍රශ්න දික්ගැස්සෙන එක විතරයි (නි)
රටින් පිට ඊළම වගේ ඔය පරීක්ෂණයත් රටින් පිට තියාගන්න (නි)
තමන්ගෙ පාඩුවේ වැඩක් බලාගෙන නොඉඳ මොනවද මේ කරන වැඩ? (නි)
කොටි වලිගෙ අල්ල ගත්ත වගේ තමා (අ)
දැන් ට්‍රම්ප් ජනාධිපති තුමා ඇවිල්ලයි ඉන්නේ එයා ත්‍රස්තවාදය මේ මිහිකතින් අතුගාලා දානවා කියල තියන්නේ ඒ නිසා කවුරුත්වැ ඩිය දගලන්නේ නැතිව හිටියොත් හොඳයි (බ)
සංහිදියාව දොරේ ගලනවා අයුබෝවන්ඩ?? (බ)
දැනට පුනුරුත්ථාපනය වුණු කොටින්ට සහ දේශපාලනයේ යෙදෙන කොටි ටිකට යුද්ද කාලේ මිනි මරන්න උදව් දීපු එකට නඩු දාන්න ඕනේ!! (බ)
මෙයාට පුදුම අමාරුවක්නේ තියෙන්නේ රටට ප්‍රශ්න දාන්න..එයාල හරි සුදනෝ වගේ කතාව..(ම)