යුද අපරාධ චෝදනා පිළිබඳ විමර්ශනයට දේශීය විනිසුරුවන් හා ජාත්‍යන්තර විනිසුරුවරුන්ගෙන් යුතු දෙමුහුන් අධිකරණයක් ස්ථාපිත කිරීමට ප්‍රවිචාරණ කාර්ය සාධක බලකාය නිර්දේශ කළ බව එහි ලේකම් ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා පැවසීය.

උතුරු - නැගෙනහිර ප්‍රදේශවල ජනයාට ලංකාවේ අධිකරණ පද්ධතිය පිළිබඳ වැඩි විශ්වාසයක් නැති හෙයින් ජාත්‍යන්තර වශයෙන් විශ්වාසය තැබිය හැකි එක විනිසුරුවරයෙකු වත් මෙම දෙමුහුන් අධිකරණයට පත් කළ යුතු බවට එහි නිර්දේශ කළැයි සරවනමුත්තු මහතා කීවේය. මහජන අදහස් පදනම් කර ගනිමින් අදාළ වාර්තාව සම්පාදනය කර තිබෙන බවද ඔහු කීය.