(එෆ්.අස්ලම්)
දේශපාලන අර්බුදයට අධිකරණය සාධාරණ තීන්දුවක් ලබාදුන් පමණින් යුද අපරාධ සහ ජන සංහාරය පිළිබද සාධාරණ තීන්දුවක් අපේක්ෂා කළ නොහැකි නිසා එක්සත් ජාතීන්ගේ අධීක්ෂණය යටතේ විදේශීය විනිසුරුවරුන් ඉදිරියේ යුද අපරාධ පිළිබද විමර්ශනයක් කළ යුතු බව උතුරු පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් පැවසීය.
අතුරුදන් වූවන්ගේ පවුල් වලට සාධාරණත්වය ඉටුකරන්නේ නම් විදේශීය විනිසුරුවරුන්ගේ සහභාගීත්වයෙන් විමර්ශනයක් සිදුකළ යුතු බවද විග්නේෂ්වරන් මහතා පැවසීය.
ගංවතුරෙන් ආපදාවට ලක්වූවන්ට සහන බෙදා දීමේ වැඩසටහනක් තමිල් මක්කල් කූට්ටනි පක්ෂයේ නායක සී.වී.විග්නේෂ්වරන් මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(29) කිලිනොච්චියේදී පැවති අතර සහන බෙදාදීමෙන් අනතුරුව ජනතාව හමුවේ අදහස් පලකරමින් විග්නේෂ්වරන් මහතා මේ අදහස් පලකර සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විග්නේෂ්වරන් මහතා මෙසේද කීය.
හමුදාව තවදුරටත් උතුරේ සිටිය හොත් ජනතාවගේ දුප්පත්කම තම වාසියට යොදා ගන්නා තත්වයක් ඇතිවිය හැකි නිසාම හමුදාව මේ පළාතෙන් ඉවත් විය යුතුයි කියල මම බලකර සිටියා.මිනිසුන්ව අමු අමුවේ මරා දැමූ හමුදාව අද ජනතාවට උපකාර කරන්නට ඉදිරිපත් වී සිටිනවා.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යුද්දෙකදී අපරාධ වෙන්නේ නැතිව වෙන මොනවා වෙන්නද? යුද්ධයක් කියන්නේ අපරාධයක්. යුද අපරාධ ගැන විමර්ශනයක් නොව අවශ්‍ය.. යුද්ධයක් ඇතිවීමට උඩගෙඩි දෙන්නේ කවුරුන්ද කියන එක ගැන විමර්ශනය කර නැවතත් සාමාන්‍ය ජනතාවගේ ජිවිත විනාශ කරන යුද්ධයක් ඇතිනොවීමට වගබලා ගැනීමයි. ලංකාවේ දැන් යුද්ධයක් නැහැ. නැවතත් යුද මානසිකත්වයක් අපිට එපා. රදල පැලන්තිවල මුරුග ඕනෑ එපාකම් සාමාන්‍ය ජනතාව පිටින් යවන්න එපා. ලංකාව කියන්නේ මිනිසුන්ට ජීවත් වෙන්න පුළුවන් දියුණුයි කියන රටවල්වල නැති නිදහසක් තියෙන රටක්... එ්ක විනාශ කරන්න එපා. සාමාන්‍ය දෙමළ ජනතාව හමුදාවට කැමතියි. කුලවාදී දෙමල දේශපාලකයන් විසින් රට ඇතුලේ යුද්ධ ඇතිකර විදේශ වලට ගැති කීම නැති කරන සමාජ ක්‍රමයක් අවශ්‍යයි.
යුද්ධය වෙනුවෙන් කහින නුඹලා එල්ටීටීයේ අපරාධ බාරගන්නේ නම් විමර්ශනයක් නෙවේ.. දෙකක් කරමු.
විග්නේෂ්වරන් මහත්තයා උත්සාහ කරන්නේ යුද්ධයෙන් මිදුණු පීඩිත ජනතාව නැවතත් යුද මානසිකත්වයකට යොමු කරන්නයි. ජනතාව උසිගැන්වීම තුළින් ඔහුගේ ප්‍රතිරූපය ගොඩනංවා ගැනීම මෙම ප්‍රකාශ වලින් පැහැදිලි කරුණක්...
අපේ රණවිරුවාව දංගෙඩියට ගෙනියන්න නියම සිංහලයින් කවදාවත් ඉඩදෙන්නේ නැති එකත් ඔබතුමා හිතේ තියාගන්න.
ඔන්න ඊළඟ පාර ඡන්ද ගන්න දාපු බෝම්බයක්... සේනාධිරාජ මන්ත්‍රීවරයා ළඟදී කිව්වා. මෙයාව දේශපාලනයට ගෙනාපු එක පාපකර්මයක් බව... යුද්ධය කියන්නේ අපරාධ තමයි. එහෙමනං කොටි ත්රස්තයන් විසින් පැහැරගත් සිද්ධිවලට අදාළ දඬුවම් දියයුත්තේ මේ විග්නේශ්වරන්ට...
සාමාන්‍ය දෙමළ ජනතාව මෙවැනි පුද්ගලයින් ප්‍රතික්ෂේප කරන්න මේ කාලයයි. ජාතීන් අතර සමගිය ඇතිවන දේ මිස පරණ තුවාල නැවත පලුදු කිරීම, සිත් බිඳවීම නවත්වන්න තාමත් නොහැකිවීම කණගාටුවට කරුණක්...
මෙයාට කියන්න අර ජලගැලීම්වලට යට වේල්ල ඉන්න අයට උදව් කරන්න කියලා. ඒ නැත්නම් අපේ හමුදාවට නිකන් ඉන්න කියන්න.
ඔබේ සිහින සත්‍ය නොවේ. කරුණාකර ජම්පරය අඳින්න ලෑස්ති වෙන්න.
අවුරුදු තිහකටත් (30) වැඩිකාලයක් අපේ රටේ.. සංවර්ධනය කඩාකප්පල් කරමින්... මනුස්සයින්ට මරණ බය ඇතිකරමින්... හිටිය මේ ත්රස්තවාදීන් ගැන නේද? මේ සම්බන්ධන් කතාකරන්න හදන්නේ... ඔව්, අපි ඒ ගැන කතාකරමු... අනේ නිකන් ඉන්නවා ඕයි... කටවාචාල කමට දොඩවන්නේ නැතුව ..!!!
මේ හාදයා දැන් නම් හරි හයියෙන් කතාව නේද? 2009 ඉස්සෙල්ලා නැට්ට තියෙන තැනවත් හොයාගන්න බැරි තරමටම නැට්ට හංගගෙනනේ හිටියේ... හරියට මීමින්නෙක් වගේ දැන් කතාව...
අනේ මෙහෙමක් අයෙක්... ජාතිවාදය පැතිරවීමෙන් ඔබට බලය ලබා ගත හැක.. එහෙත් අහිංසක ජනතාවට ඉන් සහනයක් නොලැබේ.
එතකොට ඔහේගේ ප්රභාකරන් අමුඅමුවේ මරපු සිංහල, මුස්ලිම් ළමා ලපටින්, ගැහැණු වෙනුවෙන් උසාවි දාන්න ඕනේ... ඔහේගේ තමිල්නාඩුවෙන් ආපු දෙමාපියන්වද?
පිස්සු විකාරෙන් වගේ ... අනාගත පරම්පරාව ගැන හිතල රටටත්, මිනිස්සුන්ටත් ඉදිරියට යහපතක් වෙන වැඩක් කරන්නේ නැතිව පරණ තුවාල කස කස ඉන්නවා.
විග්නේශ්වරම්ට වෙනත් සටන් පාඨ නැහැ... වාසු හරහා මහින්දගේ කොන්තරාත්තුවක් විය හැක...
මෙයා බයිලා ගහලා ත්‍රිවිධ හමුදාව තරහ කරගත්තොත් මේ අයටමයි පාඩුව...
මෙයාට තියෙන්නේ ලංකාවේ පුරවැසිභාවයද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
අපි පරිස්සම් වෙන්න ඕනෑ.. මොකද මේ දෙමල නායකයෝ කියන මිනිස්සු කොහොමහරි මොන උප්පරවැට්ටියකින් හරි හදන්නේ මේ රට දෙකට කඩලා ඉස්සරවෙලා උතුර අල්ලාගෙන කාලයත් සමග දකුණත් යටත් කර ගැනීමේ ඉතා දුෂ්ට චේතනාවෙන්. සිංහලයා එක්ක මේ කට්ටිය පුදුම වෛරයකින් ඉන්නේ. හැබැයි පෙන්නන්නේ වෙන මුහුණක්. ඒ හින්ද ජවිපෙ නෙමෙයි මොන සක්‍රයා කිව්වත් මේ අය හවුල් වෙන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝදන නම් කවරදාකවත් කරන්න යන්න හොඳ නැහැ.
ඔව් ඔව් පළමුව එල්ටීටීඊ එක කළ අපරාධ විමර්ශනය කර එල්ටීටීඊ යට දරදිය ඇද දැන් ඉතිරිවෙලා ඉන්න අය උලතියමු. ඉතුරුටික පසුව කතා කරමු.
මොහුට උතුරේ ජනතාවට අද පවතින අපදා තත්වය පෙන්නේ නැහැ මොහු උතෙරේ ඉදන් ජාතිවාදය අවුස්සනවා.
එජාපෙට බලයට එන්නට තිබෙන එකම මාර්ගය සුළුජාතික ඡන්දය පමණක් බව දන්නා නිසාත්, රනිල් දුර්වල නායකයකු බව නිසාත්, රට දෙකඩකර ගත හැක්කේ රනිල් ගෙන් පමණක් දන්නා අය රට දෙකඩ කරගැනීමේ කාර්ය ඉක්මන් කර තිබේ.
මේ කව්ද යුද අපරාධ ගැන කතා කරන්න...? ඉස්සෙල්ලාම අල්ලලා හිරේ දාන්න. ත්රස්තවාදයට පක්ෂව මත පලකරන නිසා...
හරියට හරි ඔබතුමා පළමුවෙන් ආයුධ බිමතබා යටත් වුණු පොලිස් නිලදරුවන් 800 දෙනාගේ ඝාතනය ගැන පළමුවෙන් කළොත් ඔබතුමා මීළඟ අගමැති කරනවා. එම වරදට අනුබල දුන්නු රටේ නායකයෝ සමග සන්නද්ධ කල්ලි එල්ලා දැමුවොත්... මොකද අපේ අය අඩුම ගානේ මේ මිනීවල පැත්ත බලන්න බය නිසා...
මේ විග්නේශ්වරන්ගේ කට... මහින්දගේ අදහස්... සම්බන්ධීකරණය වාසු...
අහිංසක දෙමළ ජනතාවට පිළිකාවක් වෙලා තියෙන්නේ... තම වාසියට මිසක් දෙමළ ජනතාවට ඇති ආදරයක් නෑ...
ප්රභාකරන් හිටිය නං මොහු තවම කොළඹ