අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම යන වැරැදිවලට රුපියල් 25 000 ක දඩයක් ගැසීම ප්‍රායෝගික නැති බැවින් ඒ ගැන යළි සළකා බලන්නැයි සමස්ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය මුදල් අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටී.
අන්තර්ජාතික ප්‍රමිතියට අනුව වේග සීමා පුවරු සවි කර නැති බැවින් රියැදුරන් අපහසුවට පත් කර මුදල් ඉපැයීමක් මෙමගින් සිදුවන බවට එම සංගමය චෝදනා කරයි.
මෙම නීතිය හමුවේ අඩු ආදායම්ලාභීන්ට දිවි නසාගන්නා තත්ත්වයක් වුව නිර්මාණය වීමට ඉඩ ඇතැයි ද එමනිසා රථ වාහනයේ තරාතිරම අනුව දඩගැසීම් සිදුකරන්නැයි ද ලිපියක් යොමුකරමින් එම සංවිධානය ඉල්ලා සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වේග සීමා පුවරු සවිකර නොතිබීම හා වමෙන් ඉස්සර කිරීමට 25000ක දඩය ප්‍රායෝගික නොවෙනවා කීමයි අතර සම්බන්ධය කුමක්ද? රටක නීතියක් පැනවූවිට එයින් රිංගන්නේ හෝ අවනත නොවී සිටීමට වඩා එයට ගරු කර අවනතවීමට පුරුදු වෙන්න. ළිඳේ ඉන්න මැඩියෝ නොවී වාහනයට, හෙල්මටයට කැමරාවක් සවිකර ගන්න. බොරුවට නැවත්තුවොත් සාක්ෂි ලෙස පටිගත දත්ත ඉදිරිපත් කරන්න. (නි)
අධික වේගය හා වමෙන් ඉස්සර කිරීම යන වැරැදි කාට වුණත් බරපතල වැරදි විය යුතුයි. තමාගේ වේගය තමන් හැඳින නොගැනිමෙන් තමනුත්, අනිත් අයටත් බරපතල අනතුරු වලට මුහුණපාන්න සිද්ධවෙනවා. සියලුම රියදුරන්ට මේ පිළිබඳව මුලින්ම තැපැල් මඟින් දැන්විය යුතුයි. දඩය නොවෙයි ප්රශ්නය, අනතුරු වලින් වළක්වා ගැනීමයි. ජිවිත හානි බොහොමයක් වෙන්නේ දඩය නිසා නොවෙයි,අනතුරු නිසා බව කවුරුත් අමතක කළයුතු නැහැ. (නි)
රටක නීතියක් ක්‍රියාත්මක කරන්නේ කොහොමද? වමෙන් ඉස්සර කරලා හැපුනොත් අනෙක් වාහනේට වන්දිත් ගෙවා සිදුවන හානි වලටත් ඔවුන් ජීවිත වලින් වන්දි ගෙවීමට සුදානම් නම් දඩය පසක තබා වාහන පදවන උදවිය අකුරට නීතයට වාහනේ පදවන එකයි ඇත්තේ. හැබැයි එම නීතිගරුක රියදුරාට එරෙහිව නීතියේ ආරක්ෂාව ලබාදිය යුතුයි (නි)
මේගොල්ලො කියන දේ යම් ප්‍රායෝගික ඇත්තක් තියෙනවා. (ම)
අැමතිලාගේ වාහනයකට ඔයකියන නීතිය වලංගුද? සමහර රියදුරන් වාහනය පදින්නේ පැයකට කිලෝමීටර් 30 වේගයෙන්. ඒගොල්ලන්ගේ පිටිපස්සෙන් ගියොත් අපිට ගෙදරට යන්න වෙන්නේ අලුයමේ තමයි. ලංකාවේ මහාමාර්ග වල මීටර් 100 වෙනකොට කහ ඉරක් හරි වංගුවේ දිග ඉරක් හරි අහුවෙනවා. අඩි 40 කන්ටේනර් රටයක් අහුවුණා නම් ඕවර්ටේක් කරන්නම බැරිවෙලා ගෙදර එනකම් ඕක පිටිපස්සෙන්ම තමයි එන්න වෙන්නේ (නි)
සකල සිරින් පිරි සිරි ලංකාවේ නීතිරීති හදන්නේ රජය, පාර්ලිමේන්තුව හෝ විෂය භාර ඇමති නොවෙයි කියලා මට හිතෙනවා මේ පුවත කියවනකොට. මා පදිංචි රටේ නීති හදන්නේ මහජනයා ආරක්ෂා කිරීමටයි. මේවට විරුද්ධව තවමත් තුන්මුල්ලේ අයියලා ටික නැඟී නොසිටියේ මොකද? (නි)
එමනිසා රථ වාහනයේ තරාතිරම අනුව දඩගැසීම් සිදුකරන්නැයි.......??? එසේනම් මෙය ඕනෑම වරදකට පොදුවිය යුතුයි. තර්කය මේකනම්, ස්ත්‍රී දුෂණයටත් මිනීමැරුම් වලටත් දඩුවම් කළයුත්තේ තරාතිරම බලාද? නමුත් රජයට මුදල් අවශ්‍ය වුණ පලියට දඩ වැඩි කිරීමට නම් මම විරුද්ධයි. (නි)
දඩය කොපමණ වුවත් ක්‍රියාත්මක කිරීමට ක්‍රමවත් පිළිගත හැකි සාක්ෂි සහිතව කිරීම සඳහා පිළිවෙතක් සැදිය යුතුයි. (ම)
කමණිගේ කීම හරි (නි)
දඩය වැඩි කරන්න කැමතිවෙනවා කියන්නේ ජනතාවට ද්‍රෝහීවෙන එක. දහසක් බොරු කියලා ඡන්දෙ අරන් දැන් කරන්නේ ජනතාව හූරාකමින් ආණ්ඩු කරන එක. ඉක්මනින් ඡන්දයක් තියන්න, අපිට කරපු වරද නිවැරදි කරගන්න (නි)
දඩ ගහන්න එපා කියන්නෙ නැහැ. ගාන වැඩියි හොඳටම. 25000 අම්මෝ! ගෙවාගන්න බැරිනිසා හිරේ ඉන්න අය තමා වැඩිවෙන්නෙ (නි)
ශ්‍රී ලංකාවට ආ හැම මොහොතකම අත්දුටු දෙයක් තමයි පොලිසිය දුටුවාම පමණක් කණේ රුවාගෙන සිටින ටෙලිෆෝනය තාවකාලික හංගන එක. විශේෂයෙන්ම පෞද්ගලික බස් රථ රියදුරන් අධික වාහන තදබද අස්සේ පවා තනි අතින් සුක්කානම හසුරුවමින් බස් රථ පදවන හැටි දුටුවහම අවිනීත රියදුරන් ගැන මා හට ඇතිවූයේ කියන්න බැරිතරම් පිළිකුලක්. දඩ සඳහා නම් කර ඇති වරදවල් වලට මේ මාර්ග නීති උල්ලංඝනය ඇතුළත් නොකිරීමෙන් නිගමන දෙකකට අපට එළඹිය හැක. ඔය නීති හදන කිසිම නිලධාරියෙක් කිසිදාක බස් රථවලින් ගමනාගමනය නොකිරීම. සුපිරි වාහන වලින් එහා මෙහා දුවන ප්රබලයන්ට මේ වැරදි කිරීමට ඉඩ හැරීම. දැන්වත් මේ වරදත් ඔය දඩ ලැයිස්තුවට එක්කර අසරණ ජීවිත දහස් ගණනක් බේරාගන්න උත්සුක වන්න. (නි)
දුප්පත් වුනා කියලා නීති කඩන්න අවසර ලැබෙන්නේ මොන රටේද? කවුරු කළත් වරද වරදමයි. දඩ වර්ග දෙකක් අවශ්‍ය නැහැ. (බ)
එක දවසක් කොළඹට එන යතුරුපැදි ඔක්කොම එකා පිටිපස්සේ එකා ගියා නම් ඔය කයිවාරු ගහන කාර්කාරයන්ට තේරෙයි කොච්චර ට්‍රැෆික් එකක් හැදෙනවද කියලා. පොර ටෝක්ස් දෙනවා නීතියට ගියා නම් හරි කියලා. කරන්න ගත්තහම තමා තේරෙන්නේ මොන මෝඩ වැඩක්ද කියලා. හරියට නිකන් අර අහවලාගේ ආර්ථික දර්ශනය වගේ තියේවි. (නි)
යතුරුපැදි, ත්‍රි රෝද රථ, බස් රථ සහ බර වාහන රියදුරන් මාර්ග නීති කඩන පළවන පන්තියේ අය. යතුරුපැදිකරුවන් සහ ත්‍රීරෝද රථ රියදුරන්ට වාහන තදබදය නිසා මාර්ග අවහිර අවස්ථාවලදී පදික වේදිකාවත් මාර්ගය වෙනවා. කවුරු වුවත් මාර්ග නීති කඩන අයට නැවත එම වරද සිහිනෙන් හෝ නොකෙරෙන සේ දැඩි දඩුවම් දිය යුතුය. (නි)
දඩය කොපමණද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තමන් නීතියට වාහන පදවනවා නම් (නි)
දඩය ප්‍රයෝගික නැහැ කියන්නේ මෙයාල ඕක කරන නිසානේ , ඕක වැඩි කරන්නමයි ඕන, බයිසිකල් කාරයෝ වාහන වල පැති කන්නාඩි කොච්චර කලා ඇතිද මෙහෙම රිංගන්න ගිහින්... (ම)
රජයට අපෙන් සුබපැතුම් ඔහොම දෙයක් හරි කරනවාට නීතිය තදින් ක්‍රියාත්මක කරන්න එතකොට විනයක් ඇතිව පාරේ යන්න පුළුවන් වෙයි (ම)
ලංකාවේ අධික වේගය කියන්නේ පැයට කිලෝ මීටර් 51 හා 71 වේ . මෙය ට අනිවාර්යයෙන්ම රු 25000 ගෙවන්න වෙනවා. එසේම සමහර වාහන දකුණෙන් 40 ට ධාවනය කරනවා . එතකොට වමෙන් ඉස්සර කරහම රු 25000 ගෙවන්න වෙනවා . නමුත් දකුණෙන් හෙමිහිට යන කෙනා වරදක් කරලා නැහැ . අපිට ඉස්සරහට ත්‍රීවීල් එකක් පාරේ මැද්දේ යනකොට ගෙදට්ට යනකම් ඒවායේ පස්සෙන් තමයි යන්න වෙන්නේ. (බ)
දඩය කොපමණද ප්‍රශ්නයක් වෙන්නේ නැහැ තමන් නීතියට වාහන පදවනවා නම් (බ)
වේග සීමා පුවරු සවි කර නැත, වේගය මැනීමට උසස් තක්සණික ක්‍රමද ලංකාව තුල නැත. තිබෙන වේග මානද 80% ක්‍රියා නොකරන බව මීට පෙර ලිපියකින් කියවාද ඇත. පොලිස් මාමලට සරු කාලයක් වගේ.(බ)
ඔය කියන්නේ වමින් ඉස්සර කරන්න දෙන්න කියලනේ,එහෙම නම් හැප්පිලා මැරෙන්නත් සූදානම් වෙන්න වෙනවා. මොකද පාරේ හදිසියකට අනතුරක් වළක්වන්න අහකට කපන්නත් බෑනේ, කොයි වෙලෙත් සයිකලයක් වමින් ඔබනවා. (බ)
නීතිය හොදයි ඒත් මඩෙි හිටවපු ඉන්න වගේ ආණ්ඩුවක්නේ කිබෙන්නේ සංශෝදනයක් ළගදීම (බ)
යතුරු පැදිකරුවන් තරම් නීති කඩ කරන්නවුන් තවත් නැහැ . රිංගනවා රිංගනවා.. වාහන හූරගෙන රෙද්ද අස්සෙම රිංග රිංග වමෙන් දකුණෙන් ඉස්සරහට යන එක තමා කරන්නේ. හොඳ වැඩේ. දැන් ගෙවපන්කෝ. (බ)
නීති ක්‍රියාත්මක කරන්න කලින් අදාළ තත්වයන් නිසිලෙස නිර්මාණයකර දීමත් අවශ්‍යයි. දඩ ගැහුවා කියලා රියදුරන්ගේ විනීතකම ගොඩනගන්න බැහැ. විනීතකම පුරුදුකරන්න ඕන ප්‍රායෝගික වැඩපිළිවෙලක් තුලින්. දඩවලින් මේ තත්වය පාලනයකරන්න පුලුවන්නම් ඇයි දඩය රුපියල් ලක්ෂයක් කරන්නේ නැත්තේ. 25000 ට බයේ වැරදි අඩුවෙන් කරනවානම් ලක්ෂයක් වුනාම වැරදි කරන්නෙම නැහැනේ. (බ)
ජනතාව ගැන නොහිතන තමන්ගේ දේ පමණක් සපයාගන්න ආණ්ඩුව ජනතාවගේ අාදායම් මාර්ග ගැන අවබෝධයක් නැතුව ඔක්කොම එයාලා වගේ කියලා හිතාගෙන ගහන වාහන දඩ නිසා රියදුරන්ට දිවිනසාගන්න තමා වන්නේ. පොලිසිය හැංගිලා ඉඳලා නියමෙට 25000ක දඩකොලයක් දෙයි. අසරණ රියදුරන්ට වන්නේ තමන්ගේ පවුල අමාරුවෙන් නඩත්තු කරගෙන යනගමන් මෙහෙම දඩකොලයක් ලැබුනොත් දිවි නසාගන්නම තමා. නැත්නම් හිරගෙදරට යන්න. මේ වගේ ආණ්ඩුවක් වැඩිකල් පවතින්නේ නම් නැහැ (නි)
දඩය විතරක් තිබිලා මදි. රජයට අාදායමක් ලබාගන්න ඕනෑ නම් ස්වයංක්‍රියව දඩ කොලය ගෙදරට තැපැල් මඟින් එන ක්‍රමය මෙහෙත් ක්‍රියාත්මක කළයුතුය. නැත්නම් පොලිස් නිලධාරියෝ පොහොසත් වේවි. (නි)
වේගය දඩය වේගයට සමානුපාතික විදිහට වෙනස් කළහැකියි. 25000 වේගය දෙගුණයක් නම් විතරක් වගේ. සමහරු දකුණින් හෙමින් යනකොට යන්න තැනක් නැත්නම් වමෙන් ඉස්සර කරන්න තිබිය යුතුයි (නි)