(කේ බුද්ධික කුමාරසිරි,බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ශාන්ත ප්‍රදිප් කුමාර)

පාදුක්ක ඉංගිරිය මාර්ගයේ ශ්‍රි විජය බෝධිරාජ බෞද්ධ මධ්‍යස්ථානය අසල පාලම මතදී ලොරි රථයක් යතුරැ පැදියක ගැටීමෙන් අද (17) දින සවස සිදු වූ අනතුරින් යතුරු පැදියෙහි ගමන් ගත් පොලිස් සැරයන්වරයකු මියගොස් ඇතැයි ඉංගිරිය පොලිසිය පවසයි.

මියගිය පොලිස් නිළධාරියා නිල ඇදුමින්ම යතුරු පැදියෙන් මිරිහාන සිට ඉංගිරිය දෙසට යමින් සිටියදී පිටුපසින් පැමිණි ලොරි රථය යතුරු පැදිය හප්පා පලා ගොස් ඇති අතර එහිදී බරපතල තුවාල ලැබූ පොලිස් නිළධාරියා ඉංගිරිය ප්‍රාදේශීය රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇතැයි ද පොලිසිය පවසයි.

මිරිහාන නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ පැවැති වැඩසටහනකින් අනතුරුව මාස කිහිපයකට පෙර උපන් දරුවාට අසනීප බවට ලද තොරතුරක් මත සිය බිරිදගේ නිවස පිහිටි කලවාන දක්වා යාමට යන අතරතුර මෙම අනතුර සිදුව ඇතැයි ද පොලිසිය පවසයි.