
(ඉන්දික අරුණ කුමාර)
යතුරුපැදියක ගමන්ගත් පාසල් සිසුවෙකු ඉදිරියෙන් පැමිණි කැබ් රථයක ගැටීමෙන් තුවාල ලබා ඊයේ(17) වැනි දා නාලන්ද රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි නාඋල පොලිසිය කියයි.
නාඋල විදුලි බල මණ්ඩලය ඉදිරිපිට දී ඊයේ(17) වැනි දා පෙරවරුවේ මෙම අනතුර සිදුව ඇතැයි පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ කැකුළන්දර මුදියාන්සේලාගේ දාසය හැවිරිදි ප්‍රේමෝත් සත්සර නැමති නාඋල - පෙනලබොඩ ලිපිනයේ පදිංචිව සිටි පාසල් සිසුවෙකි.
කැබ් රථයේ රියදුරු හසලක බෝමළුව ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙක් වන අතර සැකකරු නාඋල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඔහු ඊයේ(17)වැනි දා නාඋල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd