මාගම්පුර රුහුණු කෞතුකාගාර පරිශ්‍රයේ ‘ශ්‍රීලංකන් මියුසියම්‘ නමින් ජංගම මෘදුකාංගය සහ ‘වයිෆයි‘ කලාපය සක්‍රිය කිරීම ජනපති මෛත්‍රිපාල සිරිසේන සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මැයි 8 වැනිදා සිදු කිරීමට නියමිතය.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මෙම මෘදුකාංගය සහ වයිෆයි කලාපය ස්ථාපිත කළේය. ඉදිරියේදී සියලුම කෞතුකාගාරවල මෙම පහසුකම් සැලසීමට යයි.
කෞතුකාගාරයට පිවිසෙන්නකුට ‘ස්මාර්ට්‘ ජංගම දුරකථනයට මෙම මෘදුකාංගය ‘ඩවුන්ලෝඩ්‘ කරගත හැකිය. ඉන් පසු එහි තිබෙන සෑම කෞතුක වස්තුවක් පිළිබඳවම අවශ්‍ය සියලු තොරතුරු හඬ පටයක් ඔස්සේ ශ්‍රවණය කිරීමට හා දුරකථනයෙන් නරඹමින් කියවීමටද හැකි බව ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ වැඩසටහන් කළමනාකාර සුබ්‍රමනියම් ගවස්කාර් මහතා පවසයි.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි භාෂා තුනෙන්ම මෘදුකාංගය ඇත. මෙවැන්නක් ශ්‍රී ලංකා ඉතිහාසය තුළ සිදුවන්නේ ප්‍රථම වතාවටය. එබැවින් කෞතුකාගාර ඉතිහාසයේ නව පරිච්ඡේදයක ආරම්භය ලෙස මෙය සනිටුහන් වන බවත් ගවස්කාර් සුබ්‍රමනියම් මහතා කියයි.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණයේ දියුණුව පෙන්නුම් කිරීමේ අවස්ථාවක් මෙන්ම විදෙස් සංචාරකයින්ගේ ආකර්ශනය වඩාත් මෙරටට ලබාගැනීම මෙයින් නිරායාසයෙන්ම සිදුවන බවත් ආරංචි මාර්ග කියයි.
ශ්‍රී ලංකා තොරතුරු සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපතිනි චිත්‍රාංගනී මුබාරක් මහත්මියගේ සහ ප්‍රධාන විධායක නිලධාරී මුහුන්තන් කනගෙ යන මහත්වරුන්ගේ මග පෙන්වීම යටතේ මෙම කටයුත්ත සිදුවිය.
2025 දෙසැම්බර් මස 04
734
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
563
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
453
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
යටගියාවට යන්න ස්මාර්ට් හලෝවේ සහාය
දුමින්ද Wednesday, 06 May 2015 07:37 AM
නිදන් වදුලු ගැන විස්තර සොයවිද (ම)