රන් කැබැලි 3 ක් යටි පතුලේ අලවාගෙන ගෙන ඉන්දියාවේ චෙන්නායි බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද උදෑසන අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
අත් අඩංගුවට ගත් රන් කැබලි වල බර රුපියල් ලක්ෂ පහලොවක් වන බවත් එහි බර ග්‍රෑම් 300 ක් බවත් රේගුව කියයි.
සැකකරු 41 හැවිරිදියි. ඔහු නුවර එළිය ප්‍රදේශයේ පදිංචි රෙදි පිලි ව්‍යාපාරිකයෙකි.
ඔහු ශ්‍රී ලංකන් ගුවන්සේවයට යු.එල් 125 දරණ ගුවන් යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇති බව රේගුව කියයි. ඔහුගේ දකුනු කකුලේ යටි පතුලේ මෙම රන් කැබලි තුන අලවා සපත්තු පැළද සිටි බව රේගුව කියයි.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු ග\වන්තොටුපොළ රේගු අධ්‍යක්ෂිකා ලෝෂිනී පීරිස් මහත්මියගේ අධීක්ෂණය යටතේ රේගු අධිකාරි තිස්ස ප්‍රියන්ත ද සිල්වා, ඩී.එම්.ජී නිමල් තිලක, සහකාර රේගු අධිකාරීවරුවන් වන අරුණ හේවාවිතාරණ, ඉසෙඩ්. ඒ අතීෆ්, එම්.ඒ.ඕ ප්‍රනාන්දු, අසංක ප්‍රියදර්ශණ සහ ආර්.වී.ටී ස්ලෙජස් යන නිලධාරීහු සිදුකරති.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ අල්ලගන්න රත්රන් වලට මොනවාද වෙන්නේ, ඒවා හරිනම් ප්‍රසිද්ධ වෙන්දේසියේ විකිණිය යුතුයි, එහෙම වෙන්නේ නැහැනේ.? (ර)
කොච්චර කිවුවත් අහන්නෙ නම් නැහැ (නි)
කෝටි ගණන් බඩු අල්ලලා ඒවා රාජසන්තක කරනවා.මේවාට ඊට පස්සේ මොකද වෙන්නේ.ඒ ගැන පැහැදිලි කිරීමක් කළොත්? (බ)