ඩුබායි සිට තම යට ඇඳුමේ සඟවාගෙන  රත්තරන් කිලෝ දහයක් ශ්‍රී ලංකාවට   ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින්  අද  අළුයම  අත් අඩංගුවට ගත්  ගණකාධිකාරීවරිය  එම රත්තරන් තොගය සමග කොළඹ රේගු මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දෙන ලෙස ඉහළින් ආ  නියෝගයක් නිසා ගුවන්තොටුපොළ රේගුව මගින් කරගෙන ගිය රේගු පරික්ෂණය අතරමග නවතා දැමීමට සිදු වු බව වාර්ථා වෙයි.

සාමාන්‍යයෙන්   නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සහ කර ගුවන්තොටුපොළේදී රේගුව මගින්  අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වැනි භාණ්ඩ ගෙන ආ තැනැත්තා තමන් එය ගෙන ආ බවට වරද පිළිගනීනම් ගුවන්තොටුපොළේදීම  එම භාණ්ඩ  රාජසන්තක කර දඩ මුදලක් නියම කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. එසේ  උවත්  මෙම රත්තරන් තොගය මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දීමට හදිසියේ ඉහළින්  නියෝගයක් ලැබීම නිසා යම් මත බේදාත්මක වාරතාවරණයක් රේගු නිලධාරීන් තුළ ඇති වී තිබිණි.

මේ පිළිබදව අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තිලක් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ  රුපියල් කෝටි පහක් වටිනා මෙම රත්තරන් තොගය නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ සිද්ධිය මෙහෙයවු මහ මොලකරු සහ එයට සම්බන්ධ පජාවරමුන්  කවුරුන්දැයි අනාවරණය කර ගැනීම සදහා මධ්‍යම විමර්ශණ ඒකකයට එහි විමර්ශණ කටයුතු බාර දුන් බවයි.

එසේම වෙනත් අවස්ථාවලදී ගුවන්තොටුපොළේදීම සැකකරු වරද පිළිගෙන දඩ මුදලක් ගෙවා නිදහස්ව යන බැවින් කිසි දිනක ජාවාරම මෙහෙයවන්නා අනාවරණය කරගැනීමට නොහැකි වන බවත් ඔහු කීවේය.

මේ අතර මධ්‍යම විමර්ශණ ඒකකයේ අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා පැවසුවේ රුපියල් ලක්ෂ 100ට වැඩි වටිනාකමක් ඇති භාන්ඩ අත් අඩංගුවට ගත් විට එය වැඩි වටිනාකමක් බැවින් එහි විමර්ශණ කටුයතු කිරීමට රේගු මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දෙන ලෙස මීට මාස හයකට පමණ පෙර සිට දන්වා ඇති බවයි.

එසේම මෙම සිද්ධිය පැය විසි හතරක් තුළ අනාවරණය කරගැනීමට නොහැකි බවත් එනිසා  සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන විමර්ශණ කටයුතු මධ්‍යම විමර්ශණ ඒකකය මගින් මෙහෙයවන බවත් ඔහු කීවේය.

 20150610_060833