IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


යට ඇඳුමේ ගෙනා කෝටි පහේ රන් සිද්ධියේ සුළ මුල සොයයි ද?

ඩුබායි සිට තම යට ඇඳුමේ සඟවාගෙන  රත්තරන් කිලෝ දහයක් ශ්‍රී ලංකාවට   ගෙන ඒමේ සිද්ධිය සම්බන්ධයෙන්  කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී  රේගු නිලධාරීන් විසින්  අද  අළුයම  අත් අඩංගුවට ගත්  ගණකාධිකාරීවරිය  එම රත්තරන් තොගය සමග කොළඹ රේගු මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දෙන ලෙස ඉහළින් ආ  නියෝගයක් නිසා ගුවන්තොටුපොළ රේගුව මගින් කරගෙන ගිය රේගු පරික්ෂණය අතරමග නවතා දැමීමට සිදු වු බව වාර්ථා වෙයි.

සාමාන්‍යයෙන්   නීති විරෝධී ලෙස ප්‍රවාහනය කිරීමට උත්සහ කර ගුවන්තොටුපොළේදී රේගුව මගින්  අත් අඩංගුවට ගනු ලැබු රත්තරන් වැනි භාණ්ඩ ගෙන ආ තැනැත්තා තමන් එය ගෙන ආ බවට වරද පිළිගනීනම් ගුවන්තොටුපොළේදීම  එම භාණ්ඩ  රාජසන්තක කර දඩ මුදලක් නියම කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වෙයි. එසේ  උවත්  මෙම රත්තරන් තොගය මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දීමට හදිසියේ ඉහළින්  නියෝගයක් ලැබීම නිසා යම් මත බේදාත්මක වාරතාවරණයක් රේගු නිලධාරීන් තුළ ඇති වී තිබිණි.

මේ පිළිබදව අතිරේක රේගු අධ්‍යක්ෂක ජෙනරාල් තිලක් පෙරේරා මහතාගෙන් විමසු විට ඔහු පැවසුවේ  රුපියල් කෝටි පහක් වටිනා මෙම රත්තරන් තොගය නීති විරෝධී ලෙස මෙරටට ගෙන ඒමේ සිද්ධිය මෙහෙයවු මහ මොලකරු සහ එයට සම්බන්ධ පජාවරමුන්  කවුරුන්දැයි අනාවරණය කර ගැනීම සදහා මධ්‍යම විමර්ශණ ඒකකයට එහි විමර්ශණ කටයුතු බාර දුන් බවයි.

එසේම වෙනත් අවස්ථාවලදී ගුවන්තොටුපොළේදීම සැකකරු වරද පිළිගෙන දඩ මුදලක් ගෙවා නිදහස්ව යන බැවින් කිසි දිනක ජාවාරම මෙහෙයවන්නා අනාවරණය කරගැනීමට නොහැකි වන බවත් ඔහු කීවේය.

මේ අතර මධ්‍යම විමර්ශණ ඒකකයේ අධ්‍යක්ෂක කේ.ඒ ධර්මසේන මහතා පැවසුවේ රුපියල් ලක්ෂ 100ට වැඩි වටිනාකමක් ඇති භාන්ඩ අත් අඩංගුවට ගත් විට එය වැඩි වටිනාකමක් බැවින් එහි විමර්ශණ කටුයතු කිරීමට රේගු මධ්‍යම විමර්ශණ ඒකකයට බාර දෙන ලෙස මීට මාස හයකට පමණ පෙර සිට දන්වා ඇති බවයි.

එසේම මෙම සිද්ධිය පැය විසි හතරක් තුළ අනාවරණය කරගැනීමට නොහැකි බවත් එනිසා  සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කර රඳවා ගැනීමේ නියෝග ලබා ගෙන විමර්ශණ කටයුතු මධ්‍යම විමර්ශණ ඒකකය මගින් මෙහෙයවන බවත් ඔහු කීවේය.

 20150610_060833
 

 



අදහස් (0)

යට ඇඳුමේ ගෙනා කෝටි පහේ රන් සිද්ධියේ සුළ මුල සොයයි ද?

යෝනක Thursday, 11 June 2015 01:47 AM

ඇත්තටම මේවා ගෙන්වීමට මුල්වූ අය කවුද? (නි)

:       0       0

සඳුන් Thursday, 11 June 2015 01:51 AM

මේක කියවලා හර්ෂලාල්ලා උඩ පැනලා ලිව්වා. නමුත් කියෙව්වා නම් තේරෙනවා මොකක්ද වෙන්නේ කියලා. (නි)

:       0       0

හර්ෂලාල් Wednesday, 10 June 2015 01:00 PM

යහපාලනය ඉතා කදිමයි (නි)

:       0       0

ද සිල්වා Thursday, 11 June 2015 05:14 AM

හර්ෂ යහ පාලනය එපා නම් නැවත අලි බබා සහ හොරු හතළිහේ පාලනයට යමු ,(ම)

:       0       0

විජේරත්න Wednesday, 10 June 2015 03:30 PM

යහපාලනය නෙමෙයි ඒක කරන්නෙ එහෙම තමයි. මධ්‍යම විමර්ශණ ඒකකය තියෙන්නෙ ඒකට. නිකං මෝඩ කතා කියන්න එපා. (අ)

:       0       0

සෆි Wednesday, 10 June 2015 04:26 PM

මහින්දට කඩේ යන්න එපා හර්ෂ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 582 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site