(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පාලවිය ප්‍රධාන මාර්ගයේ කොයියවාඩිය ප්‍රදේශයේ දී ත්‍රී රෝද රථයකින් ප්‍රවාහනය කරමින් තිබූ අයිස් ග්‍රෑම් 11 කුත් මිලි ග්‍රෑම් 500 ක්, සැකකරුවකු සහ ත්‍රී රෝද රථයත් එහි රියදුරුත් නොරොච්චෝල පොලිසිය අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
අත් අඩංගුවට පත් ප්‍රධාන සැකකරුගේ යට ඇදුම තුළ සගවා ගෙන තිබියදී මෙම අයිස් තොගය අත් අඩංගුවට ගෙන ඇත.
මෙම සැකකරු නාගවිල්ලුව පදිංචි 47 හැවිරිදි විවාහකයෙකි.
මෙම සැකකරු විෂ මත් ද්‍රව්‍ය පනතේ 54 වන වගන්තිය ප්‍රකාර ජාවාරම් චෝදනාව යටතේ මීට පෙර පුත්තලම සහ මදුරන්කුලිය පොලිසි මගින් දෙවරක් අධිකරණයට ඉදිරිපත් කළ අයෙකි.
සොරකම් කිරීම් මංකොල්ල කෑම් රැසක චෝදනා ලැබ සිටින මොහු,අපරාධක් සිදු කිරීමෙන් අනතුරව මන්නාරමට පලා ගොස් සැගව සිටින බැව් පොලිසිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd