භාණ්ඩාගාර බිල්පත් ලබා ගැනීමට රජය ඉදිරිපත් කළ යෝජනාව පරාජයට පත් වීම පිටුපස ඇත්තේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂගේ කූඨ උපක්‍රමයක් බවත් මෙම පනත පැරැදවීමෙන් රජයේ ඉදිරි ගමනට කිසිදු බලපෑමක් සිදු නොවන බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා මුදල් අමාත්‍යංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී පැවසිය.
මෙය පරාජය වීමෙන් දුප්පත් ජනතාවගේ ආර්ථිකයට බලපෑමක් විය හැකි බවත් ඊට වගකිව යුත්තේ මීට විරුද්ධව ඡන්දය දුන් විපක්ෂයේ මන්ත්‍රීන් බවත් පැවසු අමාත්‍යවරයා වැඩි දුරටත් සඳහන් කළේ ජනතාවට සහන සැලැසීමේ වැඩපිළිවෙල නතර නොකරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිරින්ද කියන්නේ යූ එන් පී එකට කඩේ යන කුලී කාරයෙක්. (ස)
මේ ආණ්ඩුවත් අලිමංකඩ යනව කිව්වට යන්නේ පාමංකඩ බොලන්. (ස)
මහින්ද ද එහෙනම් රනිල් සහ රවි කරුණානායකත් ඒ වෙලාවේ සභාවෙන් එළියට ගත්තෙ.. මාරයි.. මහින්ද තාමත් වැඩ කාරයෙක්නේ.. මහින්දට බනින්න කලින් හොයලා බලන්න.. යූ.එන්.පී. එකේ ඉන්න 47 හිටියද? යෝජනාව ගෙනාපු මුදල් ඇමති රවි හිටියද? නායකත්වය දෙන රනිල් හිටියද?.. මේ ආන්ඩුව පරිපාලන හැකියාවක් නැති අති දුර්වල ආණ්ඩුවක්.. එච්චරයි කියන්න තියෙන්නෙ. (ස)
මට අද උදේ වැසිකිලි ගියාට වැඩක් වුනේ නැහැ.හිටපු ජනාධිපති තුමාගේ යටි කූට්ටු වැඩක්! (ස)
ඉක්මනින්ම මහ මැතිවරණයකට යා යුතුයි. නැත්නම් සුළුතර ආණ්ඩුවකින් ජනතාවට වැඩක් කළ නොහැක. ඉන්න හොරු කකුලෙන් අදිනවා. (ස)
මේ හමුදාව පාමංකඩ යන්නේ කියල අපහාස කරපු මිනිහනේ ... මෙයා කියන දේවල් කොහොම විස්වාස කරන්නද.. ? (ස)
නටන්න බැරි මිනිහට පොළව අැදයි කියන කියමන හරියටම හරි නේද? (ස)
නටන්න බැරි මිනිහට පොළව ඇදයි තමා. (ස)
එදාවේල කන්න බැදුම්කර නිකුත් කරාම හරිද? කියන්නෙ නම් ආර්ථික ඔස්තාර්ල කියල රාජ්‍ය මූල්‍ය පාඩම අපිට තිබුණේ 10 වසරෙදි. ඒකෙ සරළම පාඩමක් තමා මහබැංකු බැදුම්කර, බිල්පත් වර්ථන වියදම් පියවන්න මේව භාවිතා කරනව කියන්නෙ හරිම බන්කොලොත් සහ විනාශකාරී වැඩක් කියල තේරුම් ගන්න මහ දැනුමක් ඕනෙ නෑ. (ස)
ඉස්සර මොකුත් කරන්න බැහැ ප්‍රභාකරන් නිසා දැන් කරන්න බැහැ මහින්ද මහත්තය නිසා (ම)
දින100 අපි නෙවෙයි දුන්නේ. යහපාලනේ අය තමයි කිව්වේ දින 100න් ඔක්කොම කරනවා කියල. මහින්දට හොරකනුත් කරලා රට සංවර්දනය කරන්නත් සල්ලි තිබුන. මෙයාලට වැඩ කරන්නත් සල්ලි නෑ.කොහොමත් ඊලඟ ඡන්දෙ එනකල් විතරයි ඔය ඔක්කොම සෙල්ලන්..දැන්වත් මහින්ද මහත්තයාගේ අඩුව පාඩුව දැනෙනවා හොඳින්ම. මිනිස්සුන්ට වෙච්ච වැරැද්ද හදාගන්න මිනිස්සු මගබලන් ඉන්නේ. (ස)
මට අද අලිමංකඩ යන්න ගියාට පාමංකඩ වත් යන්න බැරිඋනා.මගේ අඩුපාඩුවක් නොවේ. අර මනුස්සයාගේ කුමන්ත්‍රණයක්. (ස)
මහින්දට එය කරන්න පුලුවන්නම් ඔය සේරටම වඩා මහින්ද බලවත්නෙ. රවි ගෑන අපි දන්නව (ස)
කිරින්ද කියන මහතා හොඳට වචන ගලපන්න හැදුවාට , එහි හරයක් නොමැත . කරුණාකර හරි දේට හරි සහ වැරදි දේට වැරදියි කියන්න පුරුදු වෙන්න . ගිය ආණ්ඩුව කරපු දේවල් කරන්න නම් මේ ආණ්ඩුව පත් කර ගන්න ඕනෙද ? රවී ඇමතිතුමාගේ නොහැකියාව පෙනුන මේ එක අවස්තාවක් පමණි , මෙන්ෂන් ටැක්ස්, සුරා බදු නිෂ්පාදක ටැක්ස් , මේ සියල්ල අසාර්ථකයි. (ස)
දින 100 යි -රට විනාසයි. (ස)
වාතයක් ගියත්... එ්කටත් මහින්ද සම්බන්ද ඇති අනිවාර්යයෙන්ම.. අන්තිමට ළමයි හම්බ උනාමත් කියයි එ්කත් මහින්දගේ වැඩක් කියල. (ස)
වැඩ බැරි හොරු හැමවෙලේම අනුන්ට ඇඟිල්ල දිගු කර කර ඉන්නවා. මිනිස්සු මෝඩයෝ කරන්න බැහැ තවත්.ඡන්දෙදි මේවට පිළිතුරු ළඟදීම ලැබේවි. (නි)
තමන්ගේ නොහැකියාවට කවුරුවත් පළිද? (නි)
නටන්න බැරි මිනිහට පොළව ඇදයි කියනවනේ! (නි)
මම අසා තිබෙනවා ලංකාවේ නීතියක් තිබෙනවා මෙහෙම රාජ්‍ය මට්ටමේ වංචා දුෂණ නඩුවකින් කවුරුන් හෝ නිදහස් වුණොත් ඉන්පසු ඒ පුද්ගලයා අතින් ඇත්තටම එහෙම දෙයක් වුණත් නීතිය හමුවට පමුණුවන්න බැරිවෙන අවස්ථා නීත්‍යානුකුලව ඇති බව. ඔය ඔප්පු කරන්න බැහැ කියලා තේරෙන්නේ ඔය කාරණාව නිසා වෙන්න පුළුවන්. උගත් පාඨක නීතිවේදීන් මේ ගැන දන්නවා ඇති. (නි)
හොරු හොරකම් කරන්නේ අහුවෙන්නද? කළ දේවල් දිහා බලලා තමයි හැමදේම තියාගෙන පැරදුනේ (නි)
දැන් ඉතින් ඔහොමවත් කියමුකෝ! (නි)
එහෙනම් මහින්ද මේ ආණ්ඩුවට වඩා බලගතුයිද? (නි)
මහින්ද පාර්ලිමේන්තුවේ වැඩ කඩාකප්පල් කරනවා නම් වහාම විසුරුවා හරින්න. මහින්දවාදීන්ට නාමයෝජනා නොදී හිටියහම තරු පෙනෙයි. (නි)
අනේ ඇත්තට මෙහෙමත් කතා! (නි)
එතුමා මොනවා කරන්නද මේවට? (නි)
සමහරු ඉතින් බලයේ ඉන්න කාලයේත් කළේ පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන්ගේ කකුලෙන් ඇදපු එකනේ. අනිත් මිනිසුන්ට එහෙම නොකරයි කියලා කාටද හිතන්න පුළුවන්? (නි)
මහින්දට එහෙම දෙයක් කරන්න තවම පුලුවන් නම් ආණ්ඩු පක්ෂයක් මොකටද? (නි)
දැන් මොනවා කරන්න ගිහින් වැරදුනත් ඒකත් කියන්නේ මහින්ද හින්දා කියලයි. (නදී)
පැරදුන කෙනා වඩා බලවත්ද? (නි)
දුප්පත් ජනතාවට වෙන සෙතක් නම් නැහැ. (නි)
රවී මහත්තයෝ, මේකේ තිබෙන ප්‍රතිචාර ටික හොදටම ප්‍රමාණවත් වේය කියා මම හිතනවා මින් ඉදිරියටවත් දෙපාරක් හින්න.වතුර ටික පැහෙනතුරු විතරනේ හැළියේ කකුළුවෝ ජල ක්‍රීඩාවේ යෙදෙන්නේ. (නි)
අපි නම් මේවා පිළිගන්නෙ නැහැ (නි)
කිරින්ද මහත්මයෝ, බොරුවට කහින්න එපා.. කැස්සනම් කොත්ත මල්ලි වතුර ටිකක් බිලා නිදා ගන්නකෝ.. දැන් කොත්තමල්ලි අඩු කල එකේ....(ම)
මේක මහින්දගේ වැඩක් වෙන්න බැහැ (නි)
කොහොමත් මහින්ද රටට කළ ඒවාගෙන් කෝටියකින් පංගුවක්වත් මෙයාලට කරන්න බැහැ කියලයි මම නම් හිතන්නේ (නි)
මේ අය දින සීයෙන් රට කාල වාර්තා තියන්න යන්නේ. ලෝකේ රටක් දින සීයෙන් ආසියාවේ දෙවෙනි හොඳම ආර්ථික දියුණුව තිබු තැනින් ආසියාවේ අන්තිම තැනට. රවීගේ අම්මට හොඳට හෙම්බිරිස්සාව වගේ ඇති මේ දවස්වල. (ස)
පුදුම ආදරයක් තියෙන්නේ, මේ හැම දේශපාලකයෙකුටම දුප්පත් ජනතාව කෙරෙහි. (නි)
මහින්ද මහත්තයා තමයි වීරයා (නි)
දින 100 ගෙවෙන්නත් කලින් ජනමතය වෙනස් වේගෙන යනවාද කියලා හිතෙනවා. හෙට අනිද්දා මොනවා වුණත් මහින්ද මහතා හෝ විපක්ෂය කියන තැනට ආණ්ඩුව පත්නොවේද? රවී ඇමතිතුමනි, මිට වඩා වගකීමෙන් කතා කළොත් හොඳයි නේද? (නි)
කිතුල් ගහට ගිය කෙනාටත් කියන්න දෙයක් තිබුනලුනේ (නි)
රවී මහත්තයෝ ඔබ වපුරපු දේම තමයි නෙලාගන්ඩ පුළුවන් වෙන්නේ. (ස)
මේ රවීට පිස්සු. (ස)
තමුන්ගේ වැරදි වහගන්න අනුන්නට ඇඟිලි දික්කරන්න එපා.....ඔහෙලගෙ කෙරුවාව අපිට හොඳටම පේනවා..බොරු බයිලා ගහන්නේ නැතුව ඉන්න මහත්තයෝ. (ස)
වහාම මහා මැතිවරණයක් තියන්න ඕනෑ. (නි)
වැඩ බැරි නම් පුලුවන් කෙනෙකුට දෙන්නකෝ (නි)
ඒ කියන්නෙ තාම මහින්ද අතේ තමයි බලේ තියෙන්නේ (බ)
රට කරවන්න බැරි නම් ඇයි බාරගත්තේ? ආශ්චර්ය දැන්වත් දැනෙනවා ඇති නේද? (නි)
ඔව් ඉතින් මොනවාහරි කියන්න තියෙන්නත් එපායැ (නි)
ඔබතුම පනතට ඡන්දය විමසන අවස්ථාවේ එහි නොහිටියේ මහින්දගේ කුට උපායට යටවෙලද? (ස)
දැන්වත් ඇත්ත පිළිගන්න (නි)
ඔන්න වැඩ බැරි ටාසන්ලා බිලා එපා ගෙදර යන්න (නදී)
කරන්න බැරි වැඩ වැඩ කරන්න පුලුවන් කෙනෙකුට බාර දිල ගෙදර යන්න. බොරුවට අරයට මෙයාට ඇඟිල්ල දික්කරන්නේ නැතුව. (ස)
ඕන කෙනෙකුට මුදල් ඇමති කම කරන්න පුලුවන් වගේ නේද මචන්? (ස)
කරන්න බැරි වැඩ වැඩ කරන්න පුලුවන් කෙනෙකුට දිල ගෙදර ගිය නම් හොඳයි. අරයට මෙයාට ඇඟිල්ල දික් කරන්නෙ නැතුව. (ස)
අයිති නැති ආණ්ඩුවක් නේද?කරන්නේ.ඕකට තමයි ජඩ පාලනය කියන්නේ. ඉස්සර මහින්ද මහත්මා හරියට යුද්ධය කරගෙන යන කොටත් කියපු දේවල් ජනතාව දන්නවා.බොරුව ,කුමන්ත්‍රණයට බුද්ධිමත් ජනතාව කැමති නැහැ.රවිලාගේ උත්පත්තියත් මේ රටට විනාශයක්. තමන්ගේ නොහැකියාව තමයි ඔය පෙන්නන්නේ (අ)
මහින්ද මහතා එහෙම බලනකොට කොච්චර බලවත්ද? (නි)
මේ අයම තමයි කිව්වේ කිලිනොච්චි කියලා මැදවච්චි යනවා කියලා.ගසාකෑම කොහොම වුණත් රටට වැඩක් කළේ මහින්ද මහත්තයා විතරයි. (නි)
ජනතාව මේ රජය පත්කළේ යහ පාලනයක් බලාපොරොත්තුවෙන්. රට ජාතිය ගැන නොතකා වැඩ කරනවා නම් ඔය වගේ දේවල් බලාපොරොත්තු වෙන්න ඕනා. මහින්ද නැවත දේශපාලනයට එනවා කියන එක ප්‍රශ්නයක් වෙන්න බැ. මොකද, මොන කෙනා දේශපාලනය කරත් ජනතාව තෝර ගන්නෙ සුදුසු කෙනා. තමන් හරියට වැඩ කරනවා නම් බය වෙන්නේ මොකටද? (නදී)
මේ සිදුවීම දිහා බැලිය යුත්තේ පසුගිය රජය පාර්ලිමේන්තු අනුමැතියකින් තොරව රාජ්‍ය නය සීමාව ඉක්මවා නය ලබා ගැනීමේ පසුබිම් කතාව සමගය. ඊයේ පාර්ලිමේන්තුවේ කැගහපු දිනේස්ලා බන්දුලාල පසුගිය රජයේ ඇමති තනතුරු දරද්දී මුල්‍ය විෂමතා ගැන එක වචනයක්වත් පාර්ලිමේන්තුවේ කතාකරන්නේ නැතුව ඉඳල දැන් ශ්‍රද්ධාවන්ත පින්වතුන් විදියට හැසිරෙන්නේ කොහොමද ? (නදී)
මහින්ද , මහින්ද මහින්ද.... හීනෙනුත් පෙනෙන්නෙ වැඩක් කළ මහින්ද (නි)
සමහර අයට මහින්ද මහතා කළදේවල් මොනවත්ම පෙනෙන්නේ නැහැ. (නි)
දැන්ද තේරිලා තියෙන්නේ මහින්ද බලවත් කියලා. (නි)
සමහරුන්ගේ මහින්ද භීතිකව උත්සන්නවෙලා වගෙයි (නි)
හැමදේටම පළි ඒ අහිංසක මනුස්සයා තමයි ඉතින් (නි)
වැඩ බැරි නම් ගෙදර යන්න (නදී)
භාණ්ඩාගාර බිල්පත් නිකුතුව පරාජය කිරීම කොහොමද මහින්දගේ වැඩක් වෙන්නේ.? (ර)
සරත්, රවී විතරක් නෙමෙයි අගමැතිකම දරන රනිලුත් හිටියේ නැහැනේ. ඔච්චර ලොකු වැදගත් පනතක් සභාවට ගේනකොට ආණ්ඩු පක්ෂයේ ප්‍රධානියයි මුදල් අමැතියි දෙන්නම නෑ. එ්කෙන්ම පේනවා එයාලගේ ජනවතාවට තියෙන ලෙන්ගතු කම. (නදී)
ජනතාව අමාරුවෙන් ගොඩනගා ගත් ආණ්ඩුව කා දමන ආකාරය ඉතා ශෝකයෙන් යුතුව බලා සිටිමු.(නදී)
මහින්දව පෙන්න පෙන්න ප්‍රශ්න වලින් පැනල යන්න හදන්න එපා (නදී)
පාර්ලිමේන්තුවේ සුළුතරය ආණ්ඩු පක්ෂය වුණාම මේ වගේ දේවල් බලාපරොත්තු වෙන්න ඕනේ. වහාම පාර්ලිමේන්තුව විසුරුවා හැර බහුතර බලයට ආණ්ඩුවක් පිහිටුවීමට ඉඩදෙන්න (නදී)
මේකේ ඉන්නේ ඔක්කොමල සත්තු වගේ. මේ දේවල් නව ආණ්ඩුව කරන්නේ ඔබලා වෙනුවෙන් (බ)
හේනට මුවෝ පැනල පාළු කළාම ගෙදර ඇවිත් ගෙදර තියෙන මුව හමට තඩි බානවා වගේ කියල සිංහල කියමනක් තියෙනවාලු (බ)
තවම ලංකාවේ ජනපති මහින්දද? අනේ එහෙනම් ශෝක්.(බ)
කාර්යක්ෂමතාව බින්දුවට බැහැලා (නදී)
කිරින්ද නමින් කොමෙන්ට්ස් දාල තියෙන කෙනා ජනතාව නොමග යවන්න හදනවා. භාණ්ඩාගාර බිල්පත් වල සීමාව බිලියන 850 යි. වසර 9 ක පාලනය අවසන් කර විශාල සංවර්ධන වයෘපෘතීන් කල මහින්ද ඉවත් වෙනකොට ඉන් 612 ක් පමණ විකුණා තිබුනා. යහපාලකයින් දින 80 කදී ඉතුරු බිලියන 250 ත් විකුණල සියලු සංවර්ධනත් නවතා දැන් තව 400 ක් විකුණන්න අවසර ඉල්ලනවා. දැන් තේරෙනවනේ කවුද ණයකාරය කියලා. (නදී)
තමන්ගේ නොහැකියාවට මහින්ද මොනවා කරන්නද? දින 100 යන්නත් කලින් සිදුවුණ බන්ධනාගාර බිල්පත් වංචාවත් ආර්ථිකයට බලපාන හේතුවක් බව මතක තියාගන්න වෙනවා. මහින්ද කොච්චර හොරකම් කළා කිවුවත් තාමත් එක රුපියලක දෙයක් ඔප්පුකරන්න මෙයාලට බැරිවුණා (නි)
ඕකත් නිකන් රවී ගේ කිලිනොච්චි මැදවච්චි කතාව වගේම තමා. පුහුල් හොර කරෙන් දැනේ කියල තමයි අපිට කියන්න තියෙන්නේ (නදී)
මුදල් අමාත්‍යංශයට පරපුරේ නෑදෑයෝ ගන්නේ මොකද? (දිල්)