(අකිල බද්දෙවිතාන)
ඉදිරි වසර 20 සඳහා ක්‍රියාත්මක කිරීමට යෝජිත විදුලි ජනන සැළැස්ම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත්කරන ලෙස ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව මහජනතාවගෙන් ඉල්ලා සිටී.
වසර 2018 සිට 2037 දක්වා ඉදිකළ යුතු නව විදුලිබලාගාර ඇතුළත් දිගුකාලීන විදුලි ජනන සැළැස්ම ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස් කර අනුමැතිය සදහා ඉදිරිපත් කර තිබේ. මෙම සැළැස්ම සම්බන්ධයෙන් මහජනතාවට අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්නට අවස්ථාව ලබාදී ඒවාද සැළකිල්ලට ගැනීමෙන් අනතුරුව සැළැස්ම සම්බන්ධයෙන් අනුමැතිය දීමට කොමිෂන් සභාව තීරණය කර තිබේ.
ඒ අනුව යෝජිත දිගුකාලීන විදුලි ජනන සැළැස්ම සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන සියලු පාර්ශවයන් හට සිය යෝජනා හා අදහස් ජුනි 6 වැනිදා තෙක් ඉදිරිපත් කළ හැකිය.
මේ වන විට ශ්‍රී ලංකාවේ ස්ථාපිත සමස්ත විදුලි බල ධාරිතාවය මෙගා වොට් 4018 කි. විදුලිබල ධාරිතාවයෙන් 82% ක් ලංකා විදුලිබල මණ්ඩලය සතුවන අතර ඉතිරි ප්‍රමාණය පෞද්ගලික අංශය සතු ය.
යෝජිත බලාගාර සැළැස්මට කුඩා ජල විදුලිබලාගාර, සුර්ය බලාගාර, ජෛව ස්කන්ධ බලාගාර සහ තාප බලාගාර ඉදිකීරීමට අපේක්ෂා කෙරෙන අතර ඇස්තමේන්තුගත ආයෝජනය රුපියල් බිලියන 2168 කි.
යෝජිත විදුලි ජනන සැළැස්මෙහි පිටපත් www.pucsl.gov.lk වෙබ් අඩවියෙන් හා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභා කාර්යාලයේ තොරතුරු කේන්ද්‍රෙයෙන් ද ලබාගත හැකිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කොල්ලත් මොකක් හරි අපේ ඇස් වහල අන්කුර් වැඩක් කරන්න යද්දී, අම්ම ලඟට ඇවිත් හොඳට තුරුල්වෙලා අම්මේ මම මෙහෙම කරන්න හිතාගෙන ඉන්නවා, අම්ම මොකද කියන්නේ කියල අහනවා. මිනිස්සු චන්දෙ දීල තියෙනවනම් රටට වැඩක් කරන්න, කරන වැඩේ හොඳනම්, තවත් මොනවද අහ අහ ඉන්නේ? ඔය ඩියුටි ෆ්රී කාර් ගෙනෙද්දීත් මහජන අදහස් විමසනවද?