හික්කඩුව ජාතික සමද්‍රිය උද්‍යානයේ දී මුහුදු ඉකිරි නැමැති බෙල්ලන් විශේෂයක් මාරාගෙන කමින් සිටි යුක්රේන ඡාතිකයකු අද (04) පෙරවරු 10.00 ට පමණ අත් අඩංගුවට ගත් බව වනජීවී දෙපාර්තුමේන්තුවේ බස්නාහිර කලාප සහකාර අධ්‍යක්ෂක ඩබ්.ඒ.ඩී.ඉන්ද්‍රඡිත් මහතා පවසයි. ඔහු සමඟ සිටි ශ්‍රී ලාංකිකයකු ද අත්අඩංගුවට ගෙන ඇත.
වීඩියෝ - දීපාල් ද සිල්වා
වීඩියෝ - චමිල් රූපසිංහ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එ්ක බොහොම හොද ආදර්ශයක්, විදේශිකයෝ හිතන් ඉන්නේ උන් සංචාරකින් වූ පලියට ලංකාවම කන්න පුළුවන් කියා.(බ)
හොඳ වෙලාවට රිමාන්ඩ් කරේ. ඉකිරියො විස සහිතයි(නදී)
මොන ජරා කෑමද අනේ මේ මිනිස්සු කන්න පුරුදුවෙලා තියෙන්නේ? (නි)
යුක්රේන ජාතිකයා මොනවා කරන්නද ලක්මාල්. ඒකත් එක්ක හිටපු ලාංකිකයනේ කවල තියෙන්නේ. (නදී)
මුහුදු ඉකිරියන් කන්න කිසිම තහනමක් නැහැ නේද? (නදී)
මහා ලොකුවට සංචාරක කර්මාන්තය ගැන උදම් ඇනුවාට සංචාරකයන්ට මේ රට ගැන දැනුවත් කිරීම් මදි. ලංකාවේ සංචාරකයන්ට බලපාන නීති, රීති සහ මේ රටේ සාමාන්‍ය සමාජ සිරිත් විරිත් ආදිය ගැන ඔවුන්ව දැනුවත් නොකර මෙහෙම කරන එක හරි මදි. මම කියන්නේ මිට පෙර මෙහි සංචාරය කිරීමේදී වැරද්දක් කර නැති කෙනෙක් නම් මේ නීතිය ගැන දැනුවත් කර විදේශිකයාව නිදහස් කිරීම සුදුසුයි. (නදී)
මමත් දැකල තියනවා මාතර පොල්හේනේ විදේශිකයන් ඉකිරි මරාගෙන කනවා. මට තියන ප්‍රශ්නේ මොන නීතිය යටතේද අත්අඩංගුවට ගත්තේ කියල.බෙල්ලෝ අල්ලන්න පුලුවන්නම් ඉකිරි අල්ලන්න බැරි වෙන්න විදියක් නෑ. (බ)
මුහුදේ මාළු අල්ලන එකත් තහනම් කරන්න වෙයි. තේරුමක් නැතිවෙයිද මේවා අජිත් කිව්වා හරි (ම)
මේ අයට ලියල තියෙන එක කියවලා තේරුම් ගන්න බැහැ හික්කඩුව සමුද්‍ර අභය භූමියක් තියෙනවා. හැබැයි මේක කිසිම නාමපුවරුවක නැහැ මොකක්ද සීමාව කියලා (බ)
අපේ රට සංචරායින්ගෙන් අාදායම් උපද්දන රටක් නිසා ඔවුන් දැනුවත් කළ යුතුයි. එම නිසා ඔහුව නිදහස් කිරීම අප රටට හොඳයි. (නදී)