රටේ ජනතාවට බලපවත්නා සාධාරණය ඉටුකර දීමට සුදුසු ප්‍රජාත්නත්‍රවාදී රාජ්‍යයක නීතිය නිසිපරිදි ස්ථාපිත කරණ බව ප්‍රකාශයෙන් නොව ප්‍රායෝගිකව පෙන්විය යුතුයැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මින් සුළු මොහාතකට පෙර කීවේය. පසුගිය කාලයේ දී ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධ අභියෝගය ජනතාව විසින් තේරුම්ගෙන තිබූ බවත් නිතිය ඉටුවිය යුතු අවස්ථාවක දී නීතිය ඉටුකරණ පොලිස් නිලධාරීන්ට දේශපාලඥයන්ගෙන් බලපෑම් එල්ලවන බව ජනතාව හොඳින් දැන සිටි බවත් ජනාධිපති කීවේය. මේ නිසා ඇතැම් අවස්ථාවල දී ජනතාව නීතිය අතට ගත් බව ද හෙතෙම කීවේය. මේ ක්‍රමය අවසන්කරණ බව කී ජනාධිපතිවරයා පැවසුවේ එය පොරොන්දු පත්‍රයකට සිමා නොකර ක්‍රියාවෙන් ම පෙන්වීමේ වැඩපිළිවෙලකට නව රජය මුලපුරා ඇතැයි ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ඔව්. දැන් දැන් යුක්තිය ඉටුවෙන බව හොඳට පේනවා. කියන කොට එහෙමයි කරන කොට මෙහෙමයි. (නදී)
යුද්දය දැන් අවසන්. යුද්ධයෙන් තුවාල ලබා අබාදිත තත්වයට පත්ව සිටින සෙබළුන්ද අමතක කර හමාරය. ජනාධිපතිතුමනි මෙම අාබාදිත සෙබළුන් ජාතික වීරයන්ය. ඔවුන්ව බල ගැනීම ජාතියේ පරම යුතුකමයි (නදී)
ඇසිලින් ආච්චිට පෙනෙන්නේ ජරාවම තමයි නේද? කල්පනා කරන්න තරම් මොලයක් නැද්ද? ඉස්සාගේ ඔලුවක්මද තියෙන්නේ ? (නදී)
ඇසිලින්, ඔයා ඉස්සියෙක් නිසා හරියටම තේරුම් අරන් තියෙනවා ඉස්සන්ගේ ඔලුවේ තියෙන්නේ මොනවද කියලා. (නදී)
මෙයාගේ කට විතරයි. වැඩ නම් අජූතයි. මේකද බලාපොරොත්තු වුන මහා ලොකු වෙනස? පාන් රාත්තල රුපියල් හයකින් අඩුවෙලා, බස් ගාස්තු රුපියල් දෙක තුනකින් අඩු වෙලා මහා ලොකු වෙනසක් වෙලා තියෙන්නේ. (නදී)
හැමෝම කියන්නේ එහෙමයි. එ්ත් ක්‍රියා කරනකොට ලොකු ගැටළුවක් තියෙනවා. රටේ ජනතාව නියෝජනය කරන ජන නායකයෝ මුලින්ම දැනුවත් වෙන්න ඕන නීතියට ගරු කරන්න. හොරු, කසිප්පු කාරයෝ ගංජා කාරයෝ, රකින මහජන නියෝජිතයෝ ඉන්න තාක්කල් ඔය කියන යහපාලනය වචනයක් පමණයි. පක්ෂ, බේද නැතිව ජාතියක් හැටියට එකමුතු වෙලා දැන් ඉන්න හොරු ටික අයින් කරන්න සියලු දෙනා දැනුවත් කරොත් හොඳයි නේද. (නදී)
මගේ රටට ශ්‍රී දළදා සමිදු පිහිටයි. හිස නමා ආචාර කරමි (නදී)
ඇත්තෙන්ම ජනතාව ඔබගෙන් බලාපොරත්තු වන්නේ එය පමණයි. එ්ත් අනවශ්‍ය බිය වැද්දවීම් සහ බලහත්කාරයෙන් ඉවත්කිරිම් වලින් දැනෙන්නේ ඉදිරිය ඔබට පාලනය කළ නොහැකි බවයි. (නදී)
උතුර හෙට අනිද්දට ටික ටික දීල වැඩේ කරලම පෙන්නයි. (නදී)
කුමාර ඔයා වගේ අයට කොච්චර කලත් මදි. ඔයාම යෝජනා කරන්නකෝ එහෙනම් කොච්චර තව අඩු කරන්න ඕනිද කියලා. මහින්ද මෙච්චරවත් අඩු කලාද? ඡන්දෙ ලං වෙනකොට විතරක් යන්තන් අඩු කලා. පොඩ්ඩක් සුභවාදීව හිතන්න. අපි ඔයාගේ යෝජනා ගැනත් අහන්න කැමතියි. (නදී)
නිතියට අනුව වැඩ කල නිසා නිර්භයව මෙසේ කල හැකියි (නදී)
ඉස්සොත් ඔලුව අත ගගා මොනවද කියනවලු. (නදී)
ඔබ ජනතාවට පොරොන්දු වූ මේ භාරදුර්ය කාර්යය ඉටුකිරීම වැලක්වීමට සතුරන් සතුරු වෙසින්ම සහ මිතුරුවෙසින් ද දැන් වැඩ පටන්ගෙන ඇත. බුදුන් වහන්සේගේ මාර පරාජය සිහිපත් කරන්න. මේ සඳහා ඔබට සියලු ශක්තිය සහ අධිෂ්ඨානය ලැබේවායි ප්‍රර්ථනා කරමු. (නදී)