සුනාමියට වසර 12ක් හෙට (26) පිරෙන මොහොතේදී තෙල්වත්ත පැරැලියේදී පුෂ්පෝපාහාර උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා ඇතැයි දුම්රිය සාමන්‍යාධිකාරි බී ඒ පී ආරියරත්න මහතා පවසයි.
2004 දෙසැම්බ්ර් 26 වැනිදා සුනාමියේදී පැරැලියේදී කොළඹ සිට මාතර බලා ගිය දුම්රිය සුනාමියට හසුව විශාල පිරිසක් මිය ගියහ.
මිය ගිය සියල්ල වෙනුවෙන් අංක 50 දරණ දුම්රිය පෙරවරු 6.50ට කොළඹ කොටුවෙන් මාතර බලා පිටත්වන මෙම දුම්රිය පැරෑලියේදී නවතා විනාඩි 10ක් නවතා එහිදි මිය ගිය පිරිසට ගෞරව දක්වයි.
2004දී සුනාමියට හසුවූ දුම්රියේ ප්‍රධාන නියාමක ලෙස සේවය කළ දැනට විශ්‍රම ගොස් සිටින ඩබ්ලිව් කරුණාතිලක මහතා හෙට (50) අංක 50 දරණ දුම්රියේ සේවය කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ප්රශ්නය ලංකාවේ ඉන්නවා නේද මහා ජ්‍යෝතිර්වේදියෝ කියලා ජාතියක්? මොවුන් කාගෙවත් නෙතට පෙනුනේ නැද්ද භූමියට මෙතරම් විශාල ජීවිත හා දේපල හානියක් සිදුවෙනවා කියන දෙය? එහෙනම් කොතරම් ජීවිත බේරාගන්න තිබුනද? මේ දේම හිතලා බලනවාා නම් පමණක්ම ඇති (නි)
වසර 12ක ගතවුණත් හරියට අද ඊයේ වගෙයි (නි)
සුනාමි ව්‍යසනයෙන් මියගිය, අතුරුදහන්, දේපළ අහිමි, අාබාධිත සියලුම ලක්වැසියන්ට ශෝකය ප්‍රකාශ කරමි (නි)