උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය අඟහරුවාදා (17) රාත්‍රියේ සිට ඇරඹුණු බව දුම්රිය පාලක මැදිරිය කියයි.
තලාව තඹුත්තේගම ගංවතුරු ගැලීමෙන් උතුරු දුම්රිය මාර්ගයේ තලාව හා තඹුත්තේගම අතර දුම්රිය ගමනාගමනය දින දෙකක් නතර විය. එම පෙදෙස තවමත් ගංවතුරින් යටවී ඇත.
දුම්රිය ඉංජිනේරුවෝ හා කාර්මිකයෝ එම මාර්ගයේ අලුත්වැඩියා සිදු කරති. එම පෙදෙසේ පමණක් පැයට කිලෝමීටර් 10ක වේග සීමාවක් පනවා ඇත.
මාර්ගය පිළිසකර කිරීමෙන් පසුව කොටුව - කන්කසන්තුරය රාත්‍රී තැපැල් දුම්රිය මුලින්ම ධාවනය විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුම්රිය සේවකයන්ට අපගේ උපහාරය. (ර)