මාගම්පිටියේ දී අලියකු දුම්රියේ ගැටී මිය ගිය බව ප්‍රදේශවාසීහු කියති. මියගිය අලියාට වයස අවුරුදු 40ක් පමණ වන බවත් පෙරදින රාත්‍රී මනම්පිටිය ගම්මානයෙ සිට දුම්රිය මාර්ගය හරහා සෝමාවති රක්ෂිතයට අලින් තිදෙනකු මාරුවීමට ගොස් ඇති ඉන් එක් අලියකු මෙසේ අනතුරට ලක්ව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහස් පාලම හදන්න කියනවා අලි යන ගමන් මග හරහා ?ඒත් වගකිවයුත්තෝ නැහැ. (දී)
මේ දහම විකෘත්ති කරන මිනිස්සු අපා ගත වෙනවා.. ධහම විනාස කරන අනතුර එන්නේ මෙහෙමයි කියලා බුදුන් වදාලා..දැන්වත් සුත්‍ර ( බුදුවදන්)අහන්න පටන් ගන්න.(දී)
චන්ද්‍ර වීරසිංහ , ස්තුතියි අදහසට. නමුත් ඊට වඩා ටිකක් පුළුල්ව හිතන්න. මේ සත්තුත් බේරාගෙන දුම්රිය ගමනාගමනයත් කරගන්න ප්‍රයෝගික ක්‍රමයක් ගැන. අලි වැටක් ගැහුවත් මොන පිළියම යෙදුවත් එයට අමුද්‍රව්‍ය අවශ්‍යයි .ව්‍යාපාරිකයන්ගෙන් තමයි ගන්න වෙන්නේ. කටුකම්බියක් මලකඩ කන්න නම් ගිනි රස්නය වැදීම, පසට යටවීම හෝ වතුරට යටවී දිගුකාලයක් තිබිය යුතුයි. නැතිනම් අවුරුදු 20 -25 හොඳින් පාවිච්චි කරන්න පුළුවන්. (දී)
යකඩ යකාට හදිසියට බ්රේක් ගැසීමේ හැකියාව නැත. අලියාට කල්පනා කිරීමේ හැකියාව නැත. අදාළ බලදාරීන්ට මේ කිසිවක් නැත.හොදම කියමන ඔබට ජය! (අ)
අර ඔටෝමොටිවී කට්ටිය මේ ගැන මොකද කියන්නේ? මෙහෙම ගිහින් අලියෙක් හැපිලා එයාලගේ කෙනෙකුට හෙම අනතුරක් වුනු දාට අලින්ට බලාගන්න පුළුවන් වේවි , ආන් එදාට ඔටෝ මොටෝ අයගේ වැඩ, (ස)
හැමදාම අලි මරණ එක කරනවනේ කොච්චි රියදුරන්. මේක නැති කරන්න නම් අලි මරණ රියදුරන්ව හිරේ දාන්න ඕනේ. (දී)
ගුවන් පාලම් සාදන්න සල්ලි එකතු කරලා හරි කරන්න කවුරු හෝ පෙරමුණ ගන්න (දී)
අනේ මනදා , ට්‍රෙන් පයිලට්ලා ඉන්න රටේ බිමින් යන අලි කොහොමද හැපුනේ අප්පා ? (අ)
සත්තු ඉන්න ඕන තැන ඉන්නේ මිනිස්සු. සත්තු ආවහම කියනවා සත්තුන්ගෙන් කරදරයි අපිට පිහිට වෙන්න කියලා ඇහැක් ඇරලා බලන්න වටින්නේ නැහැ මම නම් කියන්න ඒ (දී)
මේ රටේ පාලකයෝ බුදිද මේ අපරාධ කොච්චර උනාද? රට නැත්තටම නැති වෙනවා (අ)
යෝජනාවක් කරන්නම්, අත්දැකීමෙන් කියන්නේ. අත්දුටුවයි, ප්‍රත්‍යක්ෂයි. විහිලුවට නෙවෙයි. ඔය අලි ගැවසෙන රේල් පරවල සිල්පර කඳන් දිගේ රේල් පීල්ලට පිටතින් 2ක් සහ පීල්ලට ඇතුලතින් 4ක් වන විදිහට කටුකම්බි පොටවල් 8ක් සිල්පර වලට සවිවන ලෙස දිගටම ඇදගෙන යන්න. අලි හරි බයයි කටු කම්බි ඇනෙනවට.එතකොට අලි රේල් පාරට එන්නේ නැහැ . වැඩි වියදමක් යන්නෙත් නැහැ. අවුරුදක් ඇතුලත අපේ පොල් ගස් 48ක් , අලි පෙරලපු වෙලාවේ අවසන් විකල්පය හැටියට අපි කලේ, ඉතිරි පොල් ගස් 10 යේ අඩි 3ක විතර සිට අඩි 8ක් විටර උසට කටුකම්බි එතුවා.දැන් අවුරුදු 10ක් විතර තාමඅලිත් එනවා ගස් ටිකත් හොදින් තියෙනවා. (දී)
අලි මැරෙනවා, අලි හොරකම් කරනවා, වග කියන්නේ කවුද? (ස)
ප්‍රවාහන ඇමති තුමාගේ අර දුම්රිය එන්ජින් වල සවි කළ කැමරා වලට මොකද උනේ? (ස)
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය නොවන සංවිධාන මර නින්දේය.elepus maximus නමින් සත්ව විද්‍යාත්මකව හඳුන්වන අලියා ගේ ශ්‍රී ලාංකික දර්ශකය ඉදිරි 50 වසර තුල ලංකාවෙන් අතුරුදහන් විය හැක..හීලෑ අලින් අතර අභිජනනය කිරීමකින් හෝ අලි පරපුර රෑක ගැනීම රජයට පමණක් නොවේ විරුද්ධ පක්ෂයේද යුතු කමකි.මක් නිසාද යත් රනිල් වික්‍රමසිංහ මහතාගේ ඡන්ද ලකුණ පවා වෙනස් කිරීමට ඉදිරියේදී සිදු වන නිසාය.චන්ද්‍ර නව සීලන්තය (දී)
සනත් කටු කම්බි මලකඩ කාලවත් නැද්ද? හොඳ වෙළඳ දැන්වීමක් කටු කම්බි නිෂ්පාදකයාට කරව ගන්න පුළුවන්නේ.නරකද කටුකම්බි නිෂ්පාදකයාට ලිපියක් දැම්මොත්? (දී)
සත්තු ටික නැත්තටම නැතිවෙලා රටත් වැනසිලා යාවි 21 වෙනි සතවර්ශය ලබද්දී. (දී)
අපි සත්තුන්ට ඉන්න තියෙන තැන අරගෙන දැන් සත්තු එනවා අපිත් එක්ක ඉන්න (දී)
නවීන තාක්ෂනයනේ රටේ විනාසේ තම දැන් ටික ටික පෙන්නනේ පාරේ මිනිස්සු මැරෙනවා රේල් පාරේ සත්තු මැරෙනවා (දී)
ලගදීම අපේ ජාතිය විනාශ වෙනවා. පරිසරයට ආදරය නොකලොත් අපිට පැවැත්මක් තියෙන්න විදියක් නැහැ . (දී)
අලින් පාර මාරුවෙන තැන් වල බෝර්ඩ් ගහල තියෙනවා, නමුත් අවාසනාවට දුම්රිය රියදුරන් ඒවා ගැන කිසිම තැකීමක් නැහැ . වේගය පාලනය ගැන නම් කියල වැඩක් නැහැ. අහිංසක සත්තු ගැන මීට වැඩිය අවදානය යොමු කලොත් හොදා. (දී)
යකඩ යකාට හදිසියට බ්රේක් ගැසීමේ හැකියාව නැත. අලියාට කල්පනා කිරීමේ හැකියාව නැත. අදාළ බලදාරීන්ට මේ කිසිවක් නැත.(දී)