රන්වල බළකායේ නවතම ප්‍රසංගය වෙනස්ම ආකාරයෙන් ප්‍රථම වරට විදේශයකදී ඉදිරිපත් කිරීමට මේ දිනවල ඔවුන් සූදානම් වෙමින් පවතින බව සාරවිටට වාර්තා වූ නිසාම අපි මේ පිළිබඳව රන්වල බළකායේ ප්‍රධානී සහන් රන්වල මහතාගෙන් විමසා බැලුවා.
ජන නැටුම් ගීත ආශ්‍රිතව විවිධ නිර්මාණ එළිදැක්වූ රන්වල බළකාය මේ දිනවල යක්කු බොලව් නමින් අලුත්ම ප්‍රසංගයක් ඩුබායි රාජ්‍යෙය්දී පැවැත්වීමට සූදානමින් සිටින බව සහන් රංවල මහතා අපට පැවසුවා.
අපේ අලුත්ම ප්‍රසංගය බුඩායි රාජ්‍යයේ පැවැත්වීමට සූදානම් කර තිබෙන්නේ. මේ ප්‍රසංගය තවම ලංකාවේවත් පවත්වලා නැහැ. ඉතිං අපි ආරාධනා කරනවා අබුඩාබි සහ ඩුබායි රාජ්‍ය වල සිටින සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපි සමග එකතුවෙන්න කියලා.
මේ මාසේ 05 දා අබුඩාබි හිදීත් 06 දා ඩුබායි හිදීත් යක්කු බොලව් රඟදැක්වීමට නියමිතයි.
චාමර සම්පත්


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd