ගමට එහි වැසියන්ට සෙත් පතා කොළඹට ආසන්න විහාරස්ථානයක ශාන්තිකර්මයක් පසුගියදා පැවැත්විණි. බෙර වාදකයන්, යකැදුරන් ඇතුළු බොහෝ පිරිසක් එහි පැමිණ සිටි අතර අධික වියදමක් දරා එය සංවිධානය කැර තිබිණි.
පන්සලේ ඇති දේවාලයේ අනුග්‍රහයද මීට ලැබිණි. යකැදුරා ආවේශ වී දුම්මල හතර අතේ ඉහළ අහසට නංවමින් ශාන්තිකර්මය ඇරඹීය. මධ්‍යම රාත්‍රියද පසුවී තිබියදී එය දිගටම පැවැත්විණි.
ඒ අතරතුර යකැදුරු ගැසූ දුම්මල පහරක් (කීල) මගින් අසල ඇති පොල්ගසක අත්තක් ඇවිලී ගියේය.
පොල් අත්ත ඇවිලීමෙන් ඇතිවූ ගින්න හේතුවෙන් අනෙක් අතුද ගිනි ගෙන මුළු පොල් ගහම විනාශවී ගිය අතර යකැදුරාට ගින්න නිවා ගැනීමට හැකියාවක් නොලැබිණි.
ශාන්තිකර්මය නැරඹීමට පැමිණ සිටි පිරිස පොල් ගස දෙස බැලුවේ යක්ෂයා ගසට ආරූඪ වී ඇත්දැයි සැකයෙනි. විහාරයේ හිමියන්ට ශාන්තිකර්මයක් කරන්නට ගොස් පොල් ගසක්ද අහිමිවූ බව ගැමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොල්ගහට කට තිබුනා නම් කියාවි මේ වගේ අයටනේ මම මෙච්චරකල් කන්න දුන්නේ, මටත් ලැජ්ජාවේ බැහැ කියලා (නි)
පන්සලක මේ දේ කල එක ගැන මගේ මනාපයක් නම් නෑහෑ නමුත් අපේ පාරම්පරික උරුමයන් ශිල්පයන් වලට නිගරු කරන කලුසුද්දෝ නිසයි ලංකා ඉතිහාසයත් වෙනස් වෙන්නේ මෙවෑනි දේවල් අප රෑක ගත යුතුයි. (ර)
ලංකාවේ ගොඩක් මිනිස්සු ටාමත් ජීවත් වෙන්නේ පැරණි මිත්‍යා මත වල එල්බ ගෙනි,,මේ මිනිස්සු නිසා අපේ රට තවත් පස්සට යන්නේ, මේ රජය මැදිහත් වී හෝ තහනම් කළ යුතුයි,,කොහෙද ඉතින් අපිට ඉන්න දේශපලුවොත් මෙව්වා ඉහලින්ම විශ්වාස කරනවා නේ,මේවා විශ්වාස කළ ප්‍රබල දේශපාලුවකුට නම් පුටුවත් දාල ගෙදරම යන්න සිදු වුණා ඒවගෙන් වත් හැදෙන පාටක් නම් නෑ (බ)
යක්කු සමහර පන්සල් වලට අරක්ගෙන තිබෙන බව දැන් අපිටත් පෙනෙන්නට තිබෙනවා. (නි)
මෝහයෙන් මුලාවුණ මෙහෙමත් මෝඩ මිනිස්සු! (නි)
අපරාදේ පොල්ගහ. (ර)
ඔය දෙවියෝ කොයි ජාතියකට ආගමකට අයත් අයද දන්නේ නැහැ. (ර)
කොළඹ යක්කු ඉන්නේ දියවන්නාවේ. හාමුදුරුවනේ පොල් ගහට නෙමේ උන්ට ගහමු දුම්මල.(බ)
ගමටත්, වැසියන්ටත් සෙත් පතන්නනම් කරන්න තිබුනේ ගමේම මිනිසුන් ඒකරාශී කරගෙන ධර්ම දානමය පිංකමක් සංවිධානය කිරීම නේද? (ර)
අවමන් කරන්න එපා. මේ දේවල් අපේ සංස්කෘතික අංග. ඒවා සංරක්ෂණයට ඉඳහිට කෙරෙන මෙබඳු සංදර්ශන ඉවහල් වෙනවා. (නි)
ඔය බොරු වැඩ කරන්නේ නැතුව සර්වරාත්‍රික පිරිත් දේශනයක් කරලා පසුදා දානයක් දුන්නා නම් හැමෝටම පිනකුත් ලැබෙනවා. තුණුරුවන්ගේ ආශිර්වාදයත් ලැබෙනවා. ගමටම යහපතක් වෙනවා. හාමුදුරුවන්ට පොල් ගහත් ඉතුරු වෙනවා. (නි)
මොනවද මේ වැඩ. (ර)
ගිහි ගෙදරකවත් නොකළ යුතු, බුදුරජාණන් වහන්සේ පවා බැහැරකළ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම්, හදි හූනියම් වගේ දේවල් ඇයි පන්සල් තුළට වැද්දාගෙන බුදුරදුන්ටත් අවමන් කරන්නේ? (නි)
පොඩි අත්වැරදීමක්නෙ. එච්චර හිතන්න එපා ළමයි (නි)
කොළඹ ඉන්නවද මේ වගේ මේවා විස්වාස කරන මිනිස්සු. (ර)
මෙවැනි විශ්වාස යුරෝපයේත් පවතින බව අපි දන්නේ නැහැ මුහුද දෙබෑ කල තැනින් හමුදාවක් ගමන් කල බව විශ්වාස කරනවා මිනිසුන් සත්‍යට වඩා තම විශ්වාසය තහවුරු කරනවා ඒවාට අපි නිගරු කලයුතු නොවේ ලංකාවේ අනෙකුත් ප්‍රදෙස වල ඉන්නේ ගල් යුගයේ මිනිසුන් නොවේ. (ර)
මෙවැනි නීච දේ සංවිධානය කරන චීවරධාරීන් බුදුදහමට නින්දාවක් (බ)
මේ ශාන්තිකර්ම කියන්නේ මානසික ව්‍යාධි වලට කරන මානසික කෙමක්. නැටුම්, ගැයුම්, වැයුම් නරඹන ආතුරයෝ මනසින් සතුටු වෙනකොට තිබුන අලකලංචි අමතකවෙලා ගිහින් මානසික සුවයක් ලබනවා. අමතක කරන්න එපා බටහිර මනෝ වෛද්‍යවරු බිහිවෙන්න කලින් ඉඳලා අපේ යක්දෙස්සෝ පාරම්පරිකව මේ ශිල්පය පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන මේ දක්වා ගෙනවිත් තියෙන්නේ ලොකු කැපකිරීම් කරලා බව. අපි හැමදාමත් අපේ දේ පහළට දාලා අනුන්ගේ කරුම කරපින්නාගත් නිසා තමයි අපිට හැමදාමත් වැරදුනේ (නි)
ආයෙත් මෙහෙම දේවල් නොකර හිටියොත් ඒකත් මදෑ (නි)
මේ මිනිස්සු මේතරම් අනුවණ විදිහටද හිතන්නේ? (නි)
කොළඹ වෙලත් තාම ගල් යුගයේ (බ)
සහතික ඇත්ත හාමුදුරුවනේ ගහමු දියවන්නාවේ උන්ට දුම්මල (බ)
මොන යක්කුද.? අපරාදේ පොල්ගහ... (ර)