එක්සත් ජාතික පක්ෂය විනාශ වෙනවා දකින්නට අකමැති නිසා සන්ධාන සැලුන් දොර අතින් අල්ලාගෙන සිටින බව මහින්ද රාජපක්ෂ ජනපති අද අකුරණ සන්ධාන ඡන්ද රැළියේදී කීවේය.
එජාපය අද අලියත් නෑ. කොල පාටත් නෑ. මහ ලේකම් අපේ ළඟ. මා කැමති නෑ විපක්ෂය විනාශ වෙනවා දකින්න. ඒ නිසා අපේ සැලුන් දොර තදින්ම අල්ලාගෙනයි ඉන්නේ. ඒ සැලුන් දොර ඇරියොත් එජාපයේ ඔක්කොම සන්ධානයට එනවා.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යන එන අය ගැන නොවෙයි ඔබතුමා දැන් කතා කරන්න කල්පනා කරන්න ඕන. ඔබ තුමා රට වෙනුවෙන් කළ සේවයට රටේ ජනතාව දෙන ගෞරවය වරප්‍රසාදය ගෞරවාන්විතව යහපාලනය සඳහා යොදවන එකයි (බ)
අශාන් කිව්වා වගේ අත ලකුණටයි, නිල් පාටටයි මොකද්දවෙලා තියන්නේ? සැලූන් දොරද අද මාතෘකාව? සැලූන් දොරෙන් එලියට යන්නේ දක්ෂ අය. සැලූන් දොරෙන් ඇතුළට ඇවිල්ල තියන්නේ දුර්වල මහ ලේකම්. (බ)
අනේ අනිච්චන් කිව්වලු , අපේ ජනාධිපති තුමා දුක හිතිලා.(හේ)
දොරේ පිට පැත්තේ ඉදන් නේද අල්ලාගෙන ඉන්නේ. එහෙමනම් හරි. (නදී)
මේවා අහල අපිටත් පිස්සු පිස්සු වගේ. (නදී)
අපිටත් දුකක් තිබුනා. ඒත් දැන් මෛත්‍රී මහත්තයා කොන්ද කෙළින් තියාගෙන අපේ පක්ෂය වෙනුවෙන් කතාකරන නිසා දුක නැහැ. (නි)
ඔබතුමාට ඔබ ගැනත් ඔබේ පක්ෂය ගැනත් දුක නැද්ද .(හේ)
දොර තදකරලම අල්ලාගෙන ඉන්න අත ඇරියොත් බිම තමයි. මොකද ඔබතුමා දොර අල්ලාගෙන ඉන්න කොට දන්නෙම නැතුව සරනේරු ටිකත් ගලවාගෙන ගිහන් ඇති. (බ)
මේ සැලෝන් දොරෙන් ඇතුලට එන්නේ ධනයට වාසනාව ඇත්තෝ පමණි (බ)
ඔය කතා කරන අතරේ තව කීයක් යයිද දන්නේ නැහැ (නදී)
ඔබ තුමාට ජයවේවා (දී)
දුකට කියන කවි නේද මේ! (බ)
දොර තදට හිරකරලා අල්ලාගෙන ඉන්න. නැත්නම් කල කිරුන අය පැනලා යනකම් හොයන්න බෑ , ඔය කියන සැලුන් දොර වගේම දොරක් විපක්ෂයේ නැද්ද එතකොට (බ)
ආවේගශීලී කථා විලාශය එතරම් ගැලපීමක් තනතුරට නැතිබව තමයි මහ ජනයාගේ මතය. (බ)
මටත් විපක්ෂය ගැන දුක හිතෙන්නේ නැහැ (නි)
යූඑන්පීය ගැන නෙමෙයි, මට නම් දුක පරදින අය ගැනයි (නි)
කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියෙන් විමසා බැලිය යුතුය .(දී)
බාගෙට සැලුන් දොරින් රිංගා.... (නි)
අපිටත් හොඳටම දුකයි ජනපතිතුමනි (නි)
දුක් වෙන්න එපා. මේ අය, ලඟදි විපක්ෂ නායකකම ගන්නවා නේ .(හේ)
යන විදිය හොඳ නැහැ. මේ පාර මමත් මෛත්‍රීට දෙනවා.අපි හරියට ඡන්දය නොදුන්නොත් අපේ දරුවෝ අනාගතයේදී අපිට ශාප කරාවි. (නි)
දොර තදට හිරකරලා අල්ලාගෙන ඉන්න. නැත්නම් කල කිරුන අය පැනලා යනකම් හොයන්න බෑ (නදී)
ඔය කියන සැලුන් දොර වගේම දොරක් විපක්ෂයේ නැද්ද එතකොට? (නි)
මාර වැඩේ අප්පා (නදී)
අපිට දැන ගන්න ඕන අපේ රට සම්බන්ධයෙන් ඉදිරි වැඩ පිළිවෙල මොකද්ද කියලා. සැලෝන් දොරක් ගැන නෙවෙයි. (නදී)
ජනාධිපතිතුමා යූඇන්පී එකට ආදරෙයි. රනිල් තරගෙට අාපු නැති නිසා ගොඩක් දුකයි (බ)
අපි ඔබ සමඟයි මැතිඳුනි (නි)
කරුණාකරලා ඔබේ වටිනා ඡන්දය රටේ යහපාලනය ගැන සිතා බුද්ධිමත්ව පාවිච්චි කරන්න (නදී)
පහුගිය කාලේ එයාල ඇමති මණ්ඩලය වැඩි කර ගත්තේ කොහොමද දන්නේ නෑ (නදී)
ඔබතුමා ස්ථිර වශයෙන්ම දිනනවා. ජය ශ්‍රී! (නි)
එතකොට අත ලකුනටයි, නිල් පාටටයි, ශ්‍රීලනිපයටයි මොකද වෙලා තියෙන්නේ? (නදී)
යුද්ධය හරියට කෙරුවා වගේම රට සම්බන්ධයෙන් ඉදිරි වැඩ පිළිවෙලක් තියෙන්න ඕනේ. (නදී)
අනෙකුත් පක්ෂ වල අඩු ලුහුඬුකම් කියනවට වඩා තමන්ගේ ඉදිරි වැඩ පිළිවෙල කියන එක තමයි වැදගත්. අපිට මේ චෝදනා මඩ ගැහිලි වගේ දේවල් පේන්නේ හරියට එක ළඟ ගෙවල් දෙකක රණ්ඩුවක් වගේ. ඇත්තමයි අහලාම ඇති වෙලා. (නදී)
ජනතාවට හොඳ අවස්ථාවක් මේක, බුද්ධීමත්ව සිතා තීරණයක් ගැනීමට (නි)
අපේ ජනාධිපතිතුමා කොහොමත් කරුණාවන්ත හදවතක් ඇති කෙනෙක් (නි)
තවමත් ගියපු උදවිය ගැන ලත වෙනවා සහ තව කට්ටිය එනකන් බලන් ඉන්නවා ඇරෙන්න සිද්ධ වෙන දෙයක් නැද්ද ? (ර)
ලංකා දේශපාලනය වෙනස්විය යුතුමයි (නි)
8 වෙනිදට සැලුන් දොර තද වෙන්න වහගන්න කියන්න .(හේ)
ඔබතුමාගේ කතාව නම් නියමයි (නි)
දියුණු රටවල වගේ මාධ්‍ය ඉදිරියට ප්‍රධාන පක්ෂ වල අපේක්ෂකයින් දෙදෙනා ඇවිත් විවාදයක් පැවැත්විය යුතුමයි. වන් මෑන් ෂෝ නොදා. (නදී)
අනෙක් පැත්තේ මහ ලේකම් ඉන්නේ දැන් යු.එන්.පී එකේනේ. ඒ ගොල්ලන්ගේ සැලුන් දොරත් ඇරලා. මේ දවස්වල පෝළිමේ ඒකටත් කට්ටිය යනවා. අපිට නම් ඒ බව හොඳට පෙනෙනවා. (නි)
දොර අල්ලාගෙන ඉන්නේ මොන පැත්තෙන්ද කිව්වනම් තමා හොද.(අ)
කමල්, ඔබ දවල් හීන දකිනවාද? (නි)
ඔබතුමා ඔවුන් ගැන කණගාටු වෙනවා වගේම අපිත් කණගාටු වෙනවා (නි)
වීරසිංහ, ඔබ වෙනත් පක්ෂ ගැන කරදර වෙන්න එපා. තමුන්ගේ පක්ෂය ගැන බලාගන්න. (නි)
අපිටත් දුකයි (නි)
ඒ වගේම ඔබතුමා රටේ ජනතාව ගැනත් සිතන්න. ඔවුන්ගේ දුක ගැනත් හිතන්න (නි)
අකුරණ ජනතාවත් ඔබතුමා සමඟ ඉන්නවා.ජයවේවා! (නි)
"ලෝකය පෙරළෙයි කාලේ ගෙවීයයි මරුවා ළඟාවෙනවා. සිතු දේ නොමවෙයි නොසිතු දෙයක් වෙයි ලෝදම් කැරකෙනවා" (නි)
හැමදාම බැලුවොත් සන්දානේ කව්රු හරි මයිත්‍රීගේ ලඟට ගිහිල්ල කියලයි අපි දකින්නේ. (නදී)
පේනවා නේද කට්ටිය ඔබතුමාට කියන දේවල්. සැලෝන් දොර තද කරලා අල්ලගෙනම ඉන්න. කාටවත් යන්න දෙන්න එපා. (බ)
පුදුම අනුකම්පාවක් එජාපය ගැන.(බ)