
(ඉන්දික අරුණ කුමාර)
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හා මධ්‍යම පළාතට ඇදහැලෙන වැසි හේතුවෙන් මේ වන විට මොරගහකන්ද ජලාශයේ ජලය වාන් මට්ටම මීටර් 10 ක් ඉතිරිව පවතින බැවින් ඉදිරියේ ඇතිවිය හැකි වැසි සමඟ ජලාශයේ ජලය වාන් දැමිමක් සිදුවිය හැකි බව කාර්‍යභාර ඉංජිනේරු පි.එස්. බණ්ඩාර මහතා පවසයි.
අද (09) පොලොන්නරුව,ඇලහැර දිස්ත්‍රික් හා ප්‍රාදේශිය ලේකම් වරුන්ට හා බකමූණ හා දියබෙදුම පොලිස්ථාන හා මාධ්‍ය ආයතනවලට නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ කාර්‍යභාර ඉංජිනේරු (මොරගහකන්ද,කළුගග)නියෝජ්‍ය අධ්‍යක්ෂ (ජාලශ) ඉංජිනේරු පී.එස්.බණ්ඩාර මහතා මේ බැවි සදහන් කර තිබේ.
එම නිවේදනයට අනුව මොරගහකන්ද ජලාශයේ සමස්ථ ජල ප්‍රතිශතය 99.46% කි.
නිකුත් කර ඇති කාලගුණ නිවේදනන වලට අනුව ජලාශයේ ජලය අඹන් ගග ඔස්සේ මුදාහැරිමක් සිදුවුවහොත් පහල නිම්න වල ජනතාවට අවදානයෙන් පසුවන ලෙසත් ,මොරගහකන්ද ජලාශයට ඉහලින් පිහිටි බෝවතැන්න ජලාශයේ වාන් දොරටු විවෘත කළහොත් අඹන්ගගට එක්වන ජලය වැඩිවන බැවින් මහජනතාව ඉතා විමසිල්ලෙන් පසුවන ලෙසත් පි.එස්. බණ්ඩාර මහතා සිය නිවේදනයෙන් සදහන් කර තිබේ.
COMMENTS