(නිමල කොඩිතුවක්කු)

වසරේ ගත වු කාලය තුළ මී උණ රෝගීන් 1,800ක පමණ පිරිසක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශය පවසයි.

ගාල්ල, මාතර, කළුතර, රත්නපුර, කෑගල්ල සහ මොනරාගල යන ප්‍රදේශවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බව එහි වසංගත රෝග විශේෂඥ වෛද්‍ය තුෂානි දාබරේරා මහත්මිය පැවසුවාය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් විශේෂඥ වෛද්‍යවරිය මේ බව සඳහන් කළාය.