
(සුජිත් හේවාජුලිගේ)
රජය වී කිලෝවක් සඳහා ස්ථාවර මිලක් ලබා දෙන්නේ නම් එම ස්ථාවර මිල සූත්‍රය සහ ඒ සූත්‍රය අනුව ස්ථාවර මිල තීන්දු කරන්නේ කෙලෙසද යන්න දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
බිත්තර වී, පොහොර මිල, කෘෂි රසායන මිල, යන්ත්‍ර සූත්‍ර උපකරණ මිල ආදිය ඇතුළත් ව වී කිලෝවක් නිෂ්පාදනයට වැයවන පිරිවැය ගණනය කරන සූත්‍රය දැනගැනීමට අවශ්‍ය වන බවද ඔහු කීය
ප්‍රේමදාස මහතා මේ බව පැවසුවේ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාගේ සභාපතීත්වයෙන් යුත් පරිසරය, කෘෂිකර්මය සහ සම්පත් තිරසාරත්වය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේදීය
රටේ වාර්ෂික පොහොර අවශ්‍යතාව තුළ රජයේ මිලදී ගැනීම්වලින් සහ පෞද්ගලික අංශයේ මිලදී ගැනීම්වලින් එය කොතෙක් දුරට සපුරන්නේද යන්න දැන ගැනීමට අවශ්‍ය බව විපක්ෂ නායකවරයා පැවැසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කිව්වට තේරෙන එකක් නෑ. ඉතිං වෙලාව නාස්ති කරන්නේ මොකටද?