(අංජුල මහික වීරරත්න)

පුද්ගලයන් බේරේ වැවට වැටුණු පමණින් ක්‍රමය වෙනස් නොවන බව රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබයරත්න මහතා පැවැසීය.

පුරවැසියා අභ්‍යන්තරයෙන් ශක්තිමත් වී වගකීම් සහගතව මැදිහත් වන්නේ නම් ඕනෑම පාලනයක් යටතේ රට යහපත් මාවතකට ගත හැකි බව ද අමාත්‍යවරයා පැවසීය.

අමාත්‍යවරයා මේ බව කීවේ වාලහේන ජාතික යොවුන් සේනාංක පුහුණු මධ්‍යස්ථානයේ 2026  කණ්ඩායමේ සහතිකපත් ප්‍රදානෝත්සවය අමතමිනි.

අනාගත ලෝකයට ගැලපෙන ‘සුහුරු පුරවැසියන්’ බිහි කිරීම රජයේ මූලික ඉලක්කය බව ද අමාත්‍යවරයා එහිදී කීය.

උපාධිධාරීන් පමණක් නොව, වෘත්තීය නිපුණතාවයෙන් පිරිපුන් ශිල්පීන් ද එකවර සමාජගත විය යුතු බව සඳහන් කළ අමාත්‍යවරයා ඒ සඳහා රට පුරා තාක්ෂණික විද්‍යාල 50ක් අලුතින් ඇති කිරීමට හෝ පවතින ඒවා වැඩිදියුණු කිරීමට රජය ප්‍රතිපාදන වෙන් කර ඇති බව කීය.