ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එක් වී, ඉරානයට ප්‍රහාර එල්ල කිරීමත් ඉරානය පෙරළා ඊශ්‍රායලයට සහ කලාපයේ ඇමෙරිකන් හමුදා කදවුරුවලට ප්‍රහාර එල්ල කිරීම අරඹා ඇත.

මෙවැනි තත්ත්වයක් යටතේ, කටාර්, බහරේනය, කුවේටය, අබුඩාබි නගරවලින් ද සෞදි අරාබියේ රියාද් නගරයෙන් ද ප්‍රබල පිපිරුම් හඬවල ඇසෙන බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ වනවිට එක්සත් අරාබි එමීර් රාජ්‍යය ද සුවිශේෂී පූර්ව ආරක්ෂක පියවරක් ලෙස සිය ගුවන් සීමාව තාවකාලිකව සහ අර්ධ වශයෙන් වසා දැමීමට පියවර ගෙන ඇත.