
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විස්සකට වැඩි පිරිසක් ගංවතුරින් සහ නායම්වලින් විවිධ කරදර සහ හිරිහැරවලට ලක්ව ඇති බව ආරංචි මාර්ගවලින් පැවසේ.
මෙසේ විවිධ ආපදාවන්ට ලක්ව ඇති මන්ත්‍රීවරුන් අතර අර්චුනා රාමනාදන්, පුත්තලම දිස්ත්‍රික්කයේ ගයාන් ජානක, හිරුණි විජේසිංහ මොහොමඩි ෆයිසර්, චන්දන අබයරත්න, ඇන්ටන් ජයකොඩි සමන්ත විද්‍යාරත්න සහ අජිත් ගිහාන් යන මන්ත්‍රීවරුද වෙති. විවිධ හිරිහැර කරදරයට ලක්ව ඇති මන්ත්‍රීවරුන්ගෙන් වැඩි පිරිසක් ආණ්ඩු පක්ෂයේ අය බව ආරංචි මාර්ග සදහන් කළෝය.
මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ බදුල්ල දිස්ත්‍රික් මන්ත්‍රීනි අම්බිගා සැමුවෙල් මහත්මිය පැවසුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ මන්ත්‍රීවරුන්ගෙන් සමන්ත විද්‍යා රත්න මහතාගේ නිවසට පමණක් ගංවතුරින් යම් හානියක් සිදුවූ බවයි.
කෑගලු දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කාංචන වැලිපිටිය මහතා පැවසුවේ ගංවතුරෙන් කෑගල්ල නගර සභා මන්ත්‍රීවරයෙකුගේ නිවෙස සහ ඔහුගේ බිරිඳගේ මහගෙදර සම්පූර්ණයෙන්ම විනාශ වූ බවයි. මේ අතර දුරකථන සන්නිවේදන සබඳතා සහ විදුලිය බිඳවැටීමෙන්ද ආපදා කාල සීමාවේදී මන්ත්‍රීවරුන් විශාල පිරිසක් විවිධ අපහසුතාවයන්ට ලක්ව අැතැයි වාර්තාවේ.
2025 දෙසැම්බර් මස 04
504
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
473
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
417
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මැතිසබේ මන්ත්‍රීලා විස්සකටත් ආපදාවෙන් කරදර
Hafeel Monday, 08 December 2025 02:14 PM
මේ වෙලාවේ අර චමල් සහ ශෂින්ද්‍ර දැන් දුක් වෙනවා ඇති
ravom Monday, 08 December 2025 02:26 PM
අරගලයේ වගේ හොර වන්දි ගන්නේ කවුද කියලා පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.
ජහමනය Monday, 08 December 2025 02:46 PM
එයාලා ගන්න ආධාර මුදල බලන්න පුළුවන් ඊලඟ ආණ්ඩුව දි පමණයි.