
(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ රැකියාවට ආ උපාධිධාරීන් කිහිප දෙනෙකු පැමිණි සැණින් වෙනත් රැකියා සොයාගෙන ගොස් ඇතැයි වාර්තාවේ.
පාර්ලිමේන්තු නිලධාරී පුරප්පාඩු වෙනුවෙන් උපාධිධාරීහු පිරිසක් තරග විභාගවලින් පසුව පසුගියදා බඳවා ගනු ලැබූහ. මෙසේ වෙනත් රැකියා සොයාගෙන ගොස් ඇත්තේ ඉන් කිහිප දෙනෙකි.
පාර්ලිමේන්තුවේ සේවක පහසුකම් සහ වරප්‍රසාද අඩු බව පවසමින් ඔවුන් මෙසේ ඉවත්ව ගොස් තිබෙන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
පාර්ලිමේන්තු සේවකයන්ට කාලයක් තිස්සේ ලැබුණු හිලව් නිවාඩු දීමනාවද තවත් දීමනාද (LEAVEENCASHMENT)නතර කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕකත් වෙන රජයේ සේවයට අයිති රාජකාරි වගේනේ.. ඉතින් ඕකත් ඒ පහසුකම් දීලා කරගෙන යන්න බැරිනම් අනික් ඒවත් ඒ වගේම ඇති. මේ ගොල්ලෝ වැඩිපුර වරප්‍රසාද දෙන්න මේකේ හැමෝම දොස්තර ඉංජිනේරු හෝ නිතිඥ වගේ professional job ද කරන්නේ?
පුදපු ගමන් කාපි යකා... උපාධි ධාරීන්ගේ විරැකියා ප්‍රශ්නය විසදේවි නේද? බබාලා ටික අයදුම් කරනකොට දන්නේ නැද්ද මෙතන ක්‍රමවේදය...
එහෙම තමා ඉතිං වෙන්ක ඔනේ. මොකද්ද මේකෙ අවුල? තමන්ට තියෙනවාට වඩා හොද රස්සාවක් ලැබුණා නම් යන්න ඕනේ. නැතුව බෝඩ් අල්ලගෙන පාරවල් අයිනේ පිස්සු කෙලින්නේ නැතුව. අනික ඕනෙ කෙනෙක් රස්සාවකට එනකොට තමන්ට ලැබෙන වරප්‍රසාද කියවලා එකට අත්සන් කරලානේ එන්නේ. මෙතැන මොකද්ද කියන්න හදන නිව්ස් එක ඔබතුමාලා?...
රජයේ සේවකයෝ නොලබන වරප්‍රසාද රාශියක් තියෙන තැනක් හැටියට අහලා තියෙනවා උපාධිධාරීන්ට තමන්ගේ උපාධියට අදාල තනතුරක් නැත්නම් ඔවුන්ට ඉවසුමක් නැහැ කලකට පෙර එක්තරා උපාධිධාරීනියක් පත්වීමක් අරගෙන මගේ කාර්‍යාලයට ආවා ඇය ඉල්ලුවා ප්‍රදේශයේ සංවර්ධන කටයුතු ඇයට පවරාදෙන්න කියල. එහෙම ක්‍රමයක් එතන නොතිබූ නිසා ඇයට ඒබව කිව්වා දෙවනි දවසේ ඇය ආවේ නැහැ. ඇය පත්වීම් ගත් තැනට දේශපාලන අධිකාරියේ සැමටම ඇයට සුදුසු තනතුර දුන්නේ නැහැ කියලා මට විරුද්ධව පැමිණිළි කර තිබුණා... ඉන් පස්සෙ දෙතුන් තැනකදීත් එලෙසම වෙලා කාලෙකට පස්සේ ගුරුසේවයට ගියා කියලා දැනගන්න ලැබුණා... ඊළගට පාර්ලිමේන්තුවට විභාගයක් තියලා ගත් මුල් පිරිසනේ එතැනට අරක්ගත් පිරිස බාධා කරන්න ඇති. ඊළගට විභාගය ආසන්නයේ එහි සේවක සේවිකාවන්ට හිරිහැර කරන බවත් ප්‍රසිද්ධ වුණානේ විභාගයට අයදුම්කල පිරිසක් විභාගයට ඉදිරිපත් වුනෙත් නැහැ. ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් රැකියා හැරගිය පිරිස් හමුවී පරීක්ෂණයක් කර ඉවත්වීමට හේතු බලනවා නම් රටටම සෙතක් වේවි..