
(අංජුල මහික වීරරත්න)
මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ ශිෂ්‍ය පාර්ලිමේන්තු මංගල සභාවාරය ජනාධිපති කාර්යාලයේ පැරණි පාර්ලිමේන්තු සභා ගර්භයේදී පැවැත්විණි.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක ‘Vision’ වැඩසටහන යටතේ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයට මෙම අවස්ථාව හිමි විය.
මෙම මංගල සභාවාරයේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව විවාදයට ලක් වූ අතර නව ප්‍රතිසංස්කරණ යෝජනාද ද ශිෂ්‍ය පාර්ලිමේන්තු සාමාජිකයින් විසින් ඉදිරිපත් කරන ලදී. තවද ජනාධිපති අරමුදල, විධායකයේ කාර්යභාරය සහ නීතියේ ආධිපත්‍යය සම්බන්ධවද එම විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලය සහ ශිෂ්‍යයින් දැනුම්වත් කිරීමද මෙහිදී සිදු විය.
ජනාධිපති නීති උපදේශක නීතිඥ ජේ එම් විජේබණ්ඩාර , ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජෙනරාල් ධර්මසිරි ගමගේ , ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සහකාර අධ්යක්ෂ පරිපාලන කේ. ආර්. හේරත් යන මහත්වරු සහ ත්‍රිවිධ හමුදා ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණ ඒකකයේ අධ්යක්ෂ ,නියෝජ්‍ය අධ්‍යක්ෂකවරු ඇතුළු පිරිසක් සහ මාලඹේ ආදර්ශ පිරිමි විද්‍යාලයේ විදුහල්පති සිසිර ගුණරත්න මහතා ඇතුලු ආචාර්ය මණ්ඩලයේ සාමාජික පිරිසක් සහ මව්පියෝ ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd