
මෙම වසරේ නොබෙල් සාම ත්‍යාගලාභී මාරියා කොරිනා මචාඩෝට හිමි සම්මානය, ඇයගේ දියණිය වන ඇනා කොරිනා සෝසා විසින් පිළිගත්තාය.
වෙනිසියුලාවේ "ඒකාධිපතිවාදයෙන් ප්‍රජාතන්ත්‍රවාදයට සාධාරණ හා සාමකාමී සංක්‍රාන්තියක් අත්කර ගැනීම සඳහා ඇය කළ අරගලය" වෙනුවෙන් නොබෙල් ආයතනය මචාඩෝට සම්මානය ප්‍රදානය කළේය.
තම මව නිදහස් වෙනිසියුලාවක ජීවත් වීමට අධිෂ්ඨාන කරගෙන සිටින බවත්, තම මවගේ සම්මානය පිළිගන්නා විට "එම අරමුණ කිසි විටෙකත් අත් නොහරින" බවත්, මචාඩෝගේ දියණිය පවසා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇනා කොරිනා සෝසා, ඇගේ මව වෙනුවෙන් සම්මානය පිළිගෙන ඔස්ලෝ නගර ශාලාවේ පැවති උත්සවයේදී ඇය විසින් රචනා කරන ලද දේශනයක් පැවැත්වීය.
මචාඩෝගේ දියණිය තම කතාව ආරම්භ කළේ වසර දෙකක් තිස්සේ තම මව දැකීමට නොහැකි වීමේ පෞද්ගලික අත්දැකීම ගැන කතා කරමිනි.
2024 ජූලි මාසයේ වෙනිසියුලාවේ මතභේදාත්මක ජනාධිපතිවරණයෙන් ටික කලකට පසු මචාඩෝ සැඟවී සිටියේය.
අවුරුදු දෙකකට පසු ඇයව වැළඳ ගැනීමට, සිප ගැනීමට, මම බලා සිටින විට, තම මව්වරුන් දැකීමට නොලැබෙන අනෙකුත් දියණියන් සහ පුතුන් ගැන මම සිතමි." යනුවෙන් ඇනා කොරිනා සෝසා ප්‍රේක්ෂකයන්ට පැවසු බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඉන්පසු සෝසා ඇගේ මව විසින් ලියන ලද දේශනයක් පැවැත්වූ අතර, වෙනිසියුලානු ජාතිකයන් නැවත ආදරයෙන් බැදෙමින් ඔවුන්ගේ වීදී සිනහවෙන් හා සංගීතයෙන් පිරී යන අයුරු අසන්න යනුවෙන් ප්‍රේක්ෂකයින්ට පැවසුවාය.
(අන්තර්ජාලය ඇසුරෙන් හසිනි නවෝද්‍යා)
2025 දෙසැම්බර් මස 04
560
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
493
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
421
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මාරියා කොරිනාට හිමි නොබෙල් සාම ත්‍යාගය දියණිය ගනී
අට්ටිවම්මා Wednesday, 10 December 2025 10:26 PM
ඉතිං දුන්නලුද අනේ ...