(විනීතා එම් ගමගේ)
මොළය මියගිය රෝගීන්ගේ වකුගඩු දන් දීම පිළිබඳව ජනතාව අතර උනන්දුවක් ඇතිවෙමින් පවතිතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික වකුගඩු මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ රත්නසිරි ඒ හේවගේ මහතා ලංකාදීපයට අද (17) පැවැසීය. ඉකුත් වසර පුරා එසේ මියගිය රෝගීන් ගෙන් ලබා ගත් වකුගඩු හයක් වකුගඩු රෝගීන්ට බද්ධ කළ අතර මේ වසරේ මුල් මාස තුනට පමණක් වකුගඩු හයක් ලබාගෙන රෝගීන්ට බද්ධ කළ හැකි වූ බව වෛද්‍ය රත්නසිරි මහතා වැඩිදුරටත් පැවසීය.
සාමාන්‍යයෙන් වසරක් ඇතුළත 1000 කට ආසන්න පිරිසක් මොළයට සිදුවන අනතුරු නිසා මිය යන අතර වකුගඩු රෝගියෙකුට බද්ධ කළ හැකි මට්ටටේ නිරෝගී වකුගඩු 1500 කට ආසන්න ප‍්‍රමාණයක් ජනතාවගේ නොදැනුවත් බව නිසා ලබා ගත නොහැකිව තිබු බවද හෙතෙම සඳහන් කළේය.
මේ පිළිබඳව ජනතාව දැනුම්වත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කළ බව කී අධ්‍යක්ෂවරයා එය සමාජයේ සියලූ මට්ටම්වලට ගෙන යාම තම උත්සාහය බවද ප‍්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුල්‍යමය වශයෙන් යම්කිසි පරිත්‍යාගයක් අමාත්‍යංශ මට්ටමෙන් සිදුකර මේසඳහා දිරිමත් කරනවානම් ඉතාමත් වටිනවා .
මමත් මගේ වකුගඩුවක් නොමිලේම දුප්පත් දරුවෙකුට දෙන්න බලාපොරොත්තුව ඉන්නේ. මැරෙන්න ඉස්සෙල්ලා. මැරුණට පස්සේ ඇස් වකුගඩු සහ ගන්න පුළුවන් ඕනිම දෙයක් ගන්න අනුමැතිය දීල තියෙන්නේ. මේවා පින්කම්. හැමදේම මුදල් ගැන නොසිතා පරලොකෙට මතු ආත්මෙක මේ සසරින් එතෙර වෙන්න මේ පින් හේතු වේවා කියල හිතාගෙන මේවා දන්දෙන්න පුළුවන් නම් ඒක බොහොම වටිනවා. පුළුවන් නම් මැරෙන්න ඉස්සෙල්ලා අක්මාවේ කොටසකුත් දෙන්න කැමතියි.
ඉතාම හොඳ අදහසක්. නිකරුණේ දිරාපත් වී පස් වී යනවාට වඩා, රෝගියෙකුගේ ජීවිතයක් බේරාගන්න පරිත්‍යාග කිරීම කොතරම් වැදගත් ද, දැනටත් ලංකාවේ අක්ෂි දානය අති සාර්ථකයි. ඉතින් පැහැදිළිවම අවශ්‍ය වන්නේ මේ කාර්යය සම්බන්ධයෙන් පොදු ජනයා හොඳින් දැනුවත් කිරීම පමණයි.