මැරයන්ගේ තර්ජන ගර්ජන මැද්දේ සන්නද්ධ පොලිස් ආරක්ෂාව යටතේ මීටියාගොඩ කුරුඳු ව්‍යාපාරිකයාගේ හා ඔහුගේ බිරියගේ අවසන් කටයුතු දොමන්විල පොදු සුසාන භූමියේදී සිදුවිය.
මළ ගෙදරට නොයන ලෙසත්, කොඩි හා සැරසිලි නොකරන ලෙසත් පාතාලයෙන් ගම්වැසියනට තර්ජනය කර තිබිණි. එහෙයින් වැඩිදෙනෙක් ගෙවල්වල සිටි බව පෙනිණි. නිවසේ සිට කිලෝමීටරයක් පමණ ඈතින්වූ මීටියාගොඩ නගරය මැදින් අවමංගල පෙරහර ගමන් කළේය. ඊට සහභාගීවූ බොහෝ දෙනා මීටියාගොඩ පොලිසියට දොස් කීය. ඔවුන් බොහෝ දෙනා කීවේ මීටියාගොඩ පොලිසිය මියගිය පුද්ගලයන්ගේ පැමිණිලි නිසි ලෙස විභාග කළේ නම් ඒ දෙදෙනා අදත් පණ පිටින් සිටින බවයි.
ඝාතකයන් අත් අඩංගුවට ගෙන නැති නමුත් විශේෂ පොලිස් කණ්ඩායම් 4 ක් යොදවා ඇතැයි පොලිසිය කියයි.
ගැමියන් පවසනුයේ ඝාතකයන් ගම හොල්ලාගෙන සිටින බවයි.
ඡායාරූප - ජනත් ද සිල්වා












COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාතාලය සැහෙන දුරට මර්දනය කල, ගෝඨාභය, මහතගේ අගේ දැන් තේරෙනවා ඇති. (ර)
යහපාලනයේ ප්‍රතිපල. පවු අසරණ වු දරුවෝ බිරිද. (අ)
සත්‍යපාල ඔබ කිවා හරියටම හරි. ඔබගේ අදහසට මමත් එකගයි. (ර)
තවමත් බැරිවෙලා තියෙනවා මේ රටේ පොලිසිය ඇතුළු රාජ්‍ය නිලධාරින් ගේ ආකල්පමය වෙනසක් දකින්න. තවම පරණ පුරුදු විදියටම ඉහලින් ලැබෙන අණ අනුව වැඩ කරන ආකල්පය අනුව කටයුතු කරන බවක් තමයි පෙනෙන්නේ. (ර)