ප්‍රමිතියෙන් තොර පූජා භාණ්ඩ හා අට පිරිකර නිෂ්පාදනය කළ බව කියන ගෙවල් දෙකක ගබඩාවලට පාරිභෝගික අධිකාරිය බණ්ඩාරගම අටුළුගම දී සීල් තැබීය.
බාල සිවුරු ද , මළකඩ කෑ පාත්තර ස්ප්‍රේ කිරීම සඳහා වන උපකරණ ද එහි විය.
සිවුරුවලින් ඇඳ ඇතිරිලි හා කොට්ටඋර මසා තිබිණි.
ඇඳන් යට ද සිවුරු ගොඩ ගසා තිබූ බව පාරිබෝගික අධිකාරිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිරිකර ගන්න උදවියත් සැළකිළිමත් වෙන්න ඕනෑ පිරිකරට ගරු කරන වෙළඳුන්ගෙන් පිරිකර මිළදී ගන්න (නි)
මොනවද මේවා කරලා මේ මිනිසුන් බලාපොරොත්තු වෙන්නේ? (නි)
නැවත ඉතින් ඔවුන්ට මිනිස් ආත්මයක් නැහැ. (නි)
බණ්ඩාරගම අටුළුගම නම් ඉතින්, ඉතුරු හරිය හිතාගන්න පුලුවන් (නි)
මේ සිවුරු පාත්තර මේ විදියට විකුණන එක දැන් කාලයක් තිස්සේ තිබුණා. වෙසක් ආවත්, පොසොන් ආවත්,කඨින පින්කමක් ආවත් ඔවුන් තමයි හම්බ කරන්නේ. හොඳ වැඩේ මෙදා පාර වුණේ (නි)
මොහමඩ් රිස්වාන්,සඳුනි ,පන්සල්වල තියෙන පරණ පාත්තර සිව්රු හා වැඩිපුර එවැනි දේ බෝතල් පත්තර කඩේට විකිණීම වරදක් නෙමේ. මොකද පන්සල තියෙන්නේ කුණු ගොඩ ගහන්න නෙමේ. වරද තියෙන්නේ ඒවා නැවත මේ විදිහට මිනිස්සුන්ට විකුණන එක. (නදී)
පාත්තර ප්‍රතිචක්‍රීකරණය නම් හොඳ දෙයක්. ඒත් පරණ සිවුරු ගැන නම් කියන්න අමාරුයි. (නි)
මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
පින් පවු එනවා අපි පසුපස්සේ.... (නි)
පූජා භාණ්ඩ මේ ව්‍යාපාරිකයින්ට ලැබෙන්නේ කොහෙන්ද? (නි)
මොවුන්ට මෙම භාණ්ඩ ලැබුණේ කොහෙන්ද? (නි)
මේවා ලැබෙන්නේ කොහෙන්ද කියලා හොයලා බැලුවොත් හොඳයි (නි)
මිනිසුන් දැන් පවු කරන්න බය නැහැ (නි)
බණ්ඩාරගම , අටුලුගම ගැන අපි නම් හොඳට දන්නවා (නි)
ඔය සිවුරු ඒ අයට ලැබෙන්නෙ කොහොමද? (නි)
ඔය ව්‍යාපාරය කරන්නේ කවුද කියලා හැමෝම දන්නවා . (නි)
මේ ව්‍යාපාරයට අවශ්‍ය භාණ්ඩ මොවුන්ට ලැබෙන්නේ කොහෙන්ද? (නි)
මම අහල තියෙන විදියටනම් මේ ව්‍යාපාරය අටලුගමදී කරන්නේ වෙනත් ආගමික පිරිසක්.මොවුන්ට මේවා විකුනන්නේ සමහර හාමුදුරුවරුමලු.වැරදිනම් සමාවෙලා නිවැරදි කරන්න. (දී)
කරන කලට පව් මිහිරිය මී සේ (දී)
මේවගේ තව කොච්චර දේවල් තියෙනවාද අපි නොදන්නා (දී)
බල්ලෝ මරලා හරි සල්ලි හම්බ කරන කාලයක් මේක (දී)
මේවා කරන අයට සභාව ධර්මයා නිසි දඬුවම් දෙයි (දී)
සඳුනි, ඔයාගේ කතාව සම්පුර්ණ ඇත්ත.පන්සල් වලට ගොස් හමුදුරුවරුන්ගෙන් ඉතාමත් අඩු මුදලකට කිරි පිටි, කුඩ තුවා එකතු කර ඒවා නැවත කඩවලට විකුණන එක අලුත් දෙයක් නොවේ. (දී)
අපේ පැත්තේ පන්සලටත් ලේන්සුවකින් ඔලුව බැඳ ගත්ත මුදලාලි කෙනෙක් ඇවිත් මිනිස්සු පූජා කරපු පූජා භාණ්ඩ මිල දී අරගන යනවා. මොකද පන්සල් වලට පූජා කරපු හැම අට පිරිකරක්ම හාමුදුරුවරුන්ට පාවිච්චි කරන්න බැහැනේ.කතාවක් තියෙනවා මුළු ලංකාවේම අට පිරිකර තියෙන්නේ එක්තරා නියත සංක්‍යාවක් පමණි.කියල (ස)
බොහොම මහන්සිවෙලා අපේ අය සල්ලි හම්බුකරන්නේ .ඉරිසියාවට නොයෙක් කතා කියනවා තොප්පිය දාගෙන ඉන්නේ අපේ ජාතික ඇඳුම නිසා (දී)
බලන්න, මිනිසුන් කොතෙක් පිරිහී ඇද්ද? (නි)
නම කිවුවා නම් තවත් හොඳයි අපිට දැනගන්නත් එක්ක (නි)
කොයි ලොව යන්නද මරණින් පස්සේ....? (නි)
මේවා කාගේ වැඩද කියලා අපි දන්නවා (නි)
පින් පවු එනවා අපි පසුපස්සේ ...! (නි)
මොනවද මිනිසුනේ මේ වැඩ? (නි)
කාරුණිකව සිහියට ගන්න, ඔබ අට පිරිකර මිලට ගැනීමේ දී බෞද්ධයෙක් විසින් සාදන ලද නියම ආකාරයේ විනයානුකුල පිරිකර පමණක් මිලට ගන්න. දානයකදී අඩු මුදලට මෙවැනි වැරදි පිළිගැන්වීම් නිසා ඔබට ලැබෙන පුණ්‍ය මහිමයේ බලයේ අඩුවීමක් වෙයි. ඕනෑම් දහමකට අනුව අපාය සහ දිව්‍යලෝකය හොදින් පෙන්වා ඇත, මෙය නොදත් බොහෝ දෙනා මිනිස් ආයුෂ කල්ප ගණනක් අපායේ තැවෙති. ජාතිබේද නොමැති සොරකමේ හා වංචාවේ විපාක මෙලෙස ලැබේ. බෞද්ධයෙක් සීලයෙන් හා බුදුන්වහන්සේ වෙනුවෙන් ඇති අචල විස්වාසය අඩුනොවන තාක්කල් බෞද්ධයන් මෙරට සිටින අතර එය අඩුවන තරමින්ම රටේ බෞද්ධයෝ අඩුවෙත්, එනිසා ඔබ මේ ලැබී ඇති මහඟු අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන සුගතිය ලඟාකරගන්න. (නදී)
ලබන ආත්මයේ ඉහේ සිට පතුලටම පණ පිටින් මළකඩ කයි. (නි)
අසාධාරනයෙන් හම්බකරන සල්ලි වල වගතුවක් නැති බව මේ මිනිසුන් දන්නේ නැතුවා ඇති (නි)
මේක කාගේ වැඩක්ද කියලා අපිට හිතාගන්න පුලුවන් (නි)
මේ අයගේ නම් සමඟම පළකරන්න. එතකොට රටම දැනගනීවි (නි)