රාත්‍රී ආහාර මිල දී ගැනීමට මිනුවන්ගොඩ නගරයට ආ මාළු ව්‍යාපාරිකයකුට මිනුවන්ගොඩ පොලිසියේ පිරිසක් විසින් පහර දෙන ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ලක් ලැබුණු බව ගම්පහ පොලිස් අධිකාරී කාර්යාල ආරංචි මාර්ග සඳහන් කරයි.
පෙර දින රාත්‍රී පහර කෑ බව කියන පුද්ගලයා මිනුවන්ගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගම්පහ රෝහලට මාරු කර එවනු ලැබ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරියකු කීවේ මාළු ව්‍යාපාරිකයා පොලිසියට මුලින් පහර දුන් බවයි. පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිත කරමින් මෙලෙස අමානුෂික ලෙස පුද්ගලයකුට පහර දිය හැකිදැයි ප්‍රදේශවාසීහු අසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චන්දන, එහෙනම් ඔය ගහල තියෙන්නේ පිටරටක මිනිස්සුද. අපේ මිනිසුන් යැයි ඔබ අදහස් කරේ පොලිස් නිලදාරීන් ගැනද. රෙද්දක් ඇදගන ඔවුන් වෙනුවෙන් පෙනිහිටින්න පුලුවන්ද පොලිසියේ ක්‍රියාකාරකම් ගැන හතරවටින් ඇහෙන කතා අහපුවම (නදී)
මිනිහෙක් පොලිසියකට ගැහුවා නම් ඒක පොලිසියේ තියෙන දුර්වල කම. එහෙනම් තිබුණේ ඒ මිනිහා අත් අඩංගුවට ගන්න එක. නැතුව වට කරලා තනි මිනිහෙකුට ගහන එක නොවේ, ඕකට කියන්න පොලිසියේම අය පාවිච්චි කරන හොඳ වචනයක් තියෙනවා. ලියන්නත් මම බය නැහැ, එත් මාධ්‍ය වල පල නොවෙන නිසා ලියන්නේ නැහැ.ඒ මිනිහාට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර කරනවා නම් පේනවා පොලීසියේ ඉන්න වීරයන්ගේ තරම. කැතයි .ලැජ්ජයි, නින්දිතයි. (අ)
මේක අමනුස්සයෝ ජීවත් වෙන රටක් වෙලා. එලියට බහින්නත් බයයි (නදී)
නිලලත් සහ නිලනොලත් චන්ඩි. කව්රු හරිද කියල දන්නෝ දනිති. (ස)
ඕක බලපාන්නේ සිංහල මින්සුන්න්ට නේ. (ස)
ධම්ම ලංකාවෙ කෙනෙන්ද? (නදී)
පොලිසිය ගැන කියල වැඩක් නැ... එයාලගේ වැඩ ගැන අපි හොඳට දන්නවා. (ස)
මේක යකාගේ නීතියක්නේ, පොලිසියට මුලින් පහර දුන්නයි කියල මනුස්සයෙක්ට දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්න ගහන්න පුලුවන්ද? අැයි අලුත්ගමදී හාමුදුරුවන්ට කිව්ව වගේ සමාව දෙන්න නේ තිබුණේ, (ස)
මාලු කාරයා පිහියෙන් කෙටුවා නම් කවුද වගකියන්නේ. (ස)
දැන් කෙරෙන කලාවට මේවා මොනවද මල්ලි ? (ස)
තනි මිනිහෙක් පොලිස් පිරිසකට ගහයිද ? නඩුයි,බඩුයි දෙකම හාමුදුරුවන්ගේ. (නදී)
ඹව් පිටිගල , ඒක ඇත්ත (නි)
පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් මෙලෙස අමානුෂික ලෙස පුද්ගලයකුට පහර දිය හැකිදැයි ප්‍රදේශවාසීහු අසති. ඇමතිවරුන්ට පොලිස්කාරයින්ට පුලුවනි (නදී)
කරුණාකර පොලිස් නිලයට සුදුසු අයව පමණක් පත්කරන්න. තම බලය අනිසි ලෙස භාවිතා කරන සියලු දෙනාව නිළයෙන් නෙරපා හරින්න. ඒක රටට කරන ලොකු සාධාරණයක්.(නදී)
අපෝ ! ශ්‍රී ලංකාවේ ඕන හැටියේ පුළුවන්. (නදී)
පොලිස්පති තුමා අයින් වෙයිද ? රාළහාමිලා ගෙදර යයිද?. මාළු කාරය තමන්ටම ගහ ගත්තද? (නදී)
අවම බලය වෙන්න ඇති. (නදී)
මොනවද මේ හැමදාම ඇතිවෙන පොලිස් ප්‍රශ්න? (නි)
පොලීසියට ගැහුවේ නැත්නම් කවදාවත් පොලීසිය මිනිසුන්ට ගහන්නේ නැත. (නදී)
ලංකා පොලිස් නිල ඇඳුමින් ධර්ම චක්‍රය නම් කවදාවත් ඉවත්කරන්න එපා කියලා මම ඉල්ලා සිටිනවා (නි)
කෙනෙකුට තනිවම හෝ පිරිසක් සමඟ ගහන්න තරම් අපේ මිනිසුන් බුද්ධියෙන් පහළ වැටිලා නැහැ. (නි)
පෞද්ගලික ආරක්ෂාවේ අයිතිය භාවිතා කරමින් සාමාන්‍ය කෙනෙකුට පොලිස් කාරයෙකුට පහරදීමේ අයිතිය තියනවද? (ස)
මේක අවම බලය පාවිච්චි කිරීමක් තේරෙන්නේ නැද්ද ! (අ)