(සුජිත් හේවාජුලිගේ)


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා  අද අල්ලස් කොමිසමට පැමිණියේය.

කොමිසමින් කෙරුණු දැනුම්දීමක් අනුව ඔහු එහි පෙනී සිටියේය. මහින්ද රාජපක්ෂ මහතා කොමිසමට පැමිණි අවස්ථාවේදී  කොමිසම අවට ප්‍රදේශයට ජනතාව විශාල පිරිසක් පැමිණ රැඳී සිටිනු දැකගත හැකිවිය.

සිද්ධිය සම්බන්ධයෙන් කොමිසමේ විමර්ශන නිලධාරීන්  මහින්ද රාජපක්ෂ මහතාගෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කර ඇතැයි දැනගන්නට ඇත.