හික්කඩුව නාරිගම දස සිල් මාතාවගේ දේහය ඉරිදා (13) ආදහනය කිරීමට සැරසෙද්දී පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක්කළ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ජිනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා තිරාණගම එම ආදාහන මළුවේවේදී ආදහනය කරන ලෙස අද (14) නියෝග කළේය.
දේහය ආදාහනය කිරීමට සැරසෙද්දී මරණය සැක සහිත බවට පොලීසියට කළ පැමිණිල්ල ගැන පොලීසිය නිසි පරීක්ෂණයක් කැර නැති බවත් ඔවුන් අනවශ්‍ය ප්‍රශ්නයක් අනවශ්‍ය ලෙස අධිකරණයට ඉදිරිපත් කැර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
පොලීසියේ 119 දුරකතන අංකයට කරන ලද පැමිණිල්ල සාවද්‍යදැයි සොයා බලා අගෝස්තු 04 දා අධිකරණයට වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
දේහය කපා පශ්චාත් මරණ පරීක්ෂණය කළ ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්.රුවන්පුර මහතා සිය වාර්තාවේ දක්වා ඇත්තේ ස්වාභාවික හේතු මත සිල් මාතව මිය ගොස් ඇති බවයි.
ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරන ලද සියලු පළාත් පාලන ආයතනවල බලය පිහිටුවන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මහතා අද (14) පැවසීය.
පොළොන්නරුව සිරිපුර නගරයේ කෝටිපති ව්‍යාපාරිකයකු අයත් ගබඩාවක තිබී තත්වයෙන් බාල පොහොර මිටි 1566ක් සමග එහි කළමනාකාරවරයා ඇතුළු 11 දෙනකු අත්අඩංගුවට ගත් බව පොල
ඉතිහාසය අමතක කොට අලුත් පරිච්ඡේදයක් නිර්මාණය කරන්නට ජනතා විමුක්ති පෙරමුණට හැකියාවක් නැති බව ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක
ජාතික ජන බලවේගයට බහුතරය හිමි නොවූ මහ නගර සභා, නගර සභා සහ ප්‍රාදේශීය සභා ඇතුලත් සියලු පළාත් පාලන ආයතන වල බලය පිහිටුවීම සඳහා විපක්ෂයේ දේශපාලන පක්ෂ වල නායක
ජනතා විමුක්ති පෙරමුණේ ශාරීරික මෙන්ම මානසික වශයෙන් වශයෙන්ද වේදනා පිරුණු ඉතිහාසයේ තමා මෙන්ම සෙසු සහෝදර සහොරියන්ද ඉකි ගසා හැඬූ එක මොහොතක් හෝ තිබෙන බව ජ
කොත්මලේ ගැරඩිඇල්ල බස් අනතුරින් තුවාල ලැබූ දරුවන්ගේ ඉදිරි අනාගත කටයුතුවලට සහ අධ්‍යාපන කටයුතුවලට මූල්‍ය අනුග්‍රහය දැක්වීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
මහේස්ත්‍රාත්ගෙන් පොලීසියට දොස්
ගාමිනි Monday, 14 July 2014 11:50 AM
රාජකාරිය කරන්ඩ මොළෙත් ටිකක් තියෙන්න ඕනෑ (අ)
කොස්වත්ත Monday, 14 July 2014 11:59 AM
ගාමිණීගේ කතාව නම් සහතික ඇත්ත. (නි)
චමින්ද Monday, 14 July 2014 12:10 PM
මේ ගොල්ලෝ හරි වැඩක් කරන්න නම් දන්නේම නැහැ තමයි. මහේස්ත්‍රාත්තුමා කිව්වා වගේ, අනවශ්‍ය වැඩ නම් ඕනෑතරම් කරයි. (නි)
ට්‍රොනි Monday, 14 July 2014 12:33 PM
මේකාලේ තරම් පොලිසිය ගා ගත්තේ නැහැ වෙන කිසිම කාලෙක තවත් ගා ගනිමින් යනවා (අ)
තිලිණ Monday, 14 July 2014 02:07 PM
කාගෙහරි ලනුවක් (අ)
සයලන් Monday, 14 July 2014 04:47 PM
අවුරුදු අසූ ගාණක් ජීවත්වුණා කෙනෙක් නේ, සැක තිබුණත් නැතත් අවසන් වැඩ ටික කරලා දැම්ම නම ඉවරයි.(අ) (අ)
සිල්වා Monday, 14 July 2014 10:02 PM
පොලිසිය තරම් හාස්‍යයට ලක්වුණු ආයතනයක් අපේ රටේ තවත් නොමැත. මේ දෙපාර්තමේන්තුවම ප්‍රතිසංස්කරණය කළයුතුයි. බඳවා ගැනීමේ සුදුසුකම්, විනය කඩකරන්නන්ට ක්ෂණික දඬුවම්, උසස්වීම් ක්‍රමවේදය, පරිපාලන ක්‍රමය ඇතුළත්ව. (නි)
නන්දික Tuesday, 15 July 2014 02:54 AM
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේක ගැන මොකද දන්නෙ නැහැ කියන්නෙ. (නි)
ලක්ෂිකා Tuesday, 15 July 2014 04:25 AM
කෝ අර ගිරවා (නදී)
මොහාන් Tuesday, 15 July 2014 05:26 AM
මේක ස්වභාවික මරණයක් නොවුනා නම් පොලීසියට දොස් කියන අය ප්‍රශංසා කරයිද? මම දැකලා තියෙනවා අවුරුදු 80 ආච්චිලාව දූෂණය කරපු පුවත්. (ස)