හික්කඩුව නාරිගම දස සිල් මාතාවගේ දේහය ඉරිදා (13) ආදහනය කිරීමට සැරසෙද්දී පොලීසිය ක්‍රියා කළ ආකාරය දැඩි දෝෂ දර්ශනයට ලක්කළ ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් ජිනේන්ද්‍ර කුමාර මුණසිංහ මහතා තිරාණගම එම ආදාහන මළුවේවේදී ආදහනය කරන ලෙස අද (14) නියෝග කළේය.
දේහය ආදාහනය කිරීමට සැරසෙද්දී මරණය සැක සහිත බවට පොලීසියට කළ පැමිණිල්ල ගැන පොලීසිය නිසි පරීක්ෂණයක් කැර නැති බවත් ඔවුන් අනවශ්‍ය ප්‍රශ්නයක් අනවශ්‍ය ලෙස අධිකරණයට ඉදිරිපත් කැර ඇති බවත් මහේස්ත්‍රාත්වරයා පැවසීය.
පොලීසියේ 119 දුරකතන අංකයට කරන ලද පැමිණිල්ල සාවද්‍යදැයි සොයා බලා අගෝස්තු 04 දා අධිකරණයට වාර්තා කරන්නැයි මහෙස්ත්‍රාත් පොලිසියට නියෝග කළේය.
දේහය කපා පශ්චාත් මරණ පරීක්ෂණය කළ ගාල්ල කරාපිටිය රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය පී.ආර්.රුවන්පුර මහතා සිය වාර්තාවේ දක්වා ඇත්තේ ස්වාභාවික හේතු මත සිල් මාතව මිය ගොස් ඇති බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජකාරිය කරන්ඩ මොළෙත් ටිකක් තියෙන්න ඕනෑ (අ)
ගාමිණීගේ කතාව නම් සහතික ඇත්ත. (නි)
මේ ගොල්ලෝ හරි වැඩක් කරන්න නම් දන්නේම නැහැ තමයි. මහේස්ත්‍රාත්තුමා කිව්වා වගේ, අනවශ්‍ය වැඩ නම් ඕනෑතරම් කරයි. (නි)
මේකාලේ තරම් පොලිසිය ගා ගත්තේ නැහැ වෙන කිසිම කාලෙක තවත් ගා ගනිමින් යනවා (අ)
කාගෙහරි ලනුවක් (අ)
අවුරුදු අසූ ගාණක් ජීවත්වුණා කෙනෙක් නේ, සැක තිබුණත් නැතත් අවසන් වැඩ ටික කරලා දැම්ම නම ඉවරයි.(අ) (අ)
පොලිසිය තරම් හාස්‍යයට ලක්වුණු ආයතනයක් අපේ රටේ තවත් නොමැත. මේ දෙපාර්තමේන්තුවම ප්‍රතිසංස්කරණය කළයුතුයි. බඳවා ගැනීමේ සුදුසුකම්, විනය කඩකරන්නන්ට ක්ෂණික දඬුවම්, උසස්වීම් ක්‍රමවේදය, පරිපාලන ක්‍රමය ඇතුළත්ව. (නි)
පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමා මේක ගැන මොකද දන්නෙ නැහැ කියන්නෙ. (නි)
කෝ අර ගිරවා (නදී)
මේක ස්වභාවික මරණයක් නොවුනා නම් පොලීසියට දොස් කියන අය ප්‍රශංසා කරයිද? මම දැකලා තියෙනවා අවුරුදු 80 ආච්චිලාව දූෂණය කරපු පුවත්. (ස)