අත්තනගල්ල උසාවියේ නඩත්තු නඩුවකදී නඩත්තු නොගෙවී යැයි මාස 116 ක හෙවත් නව අවුරුදු අට මාසයක සිර දඬුවමක් නියමවූ සුළු සේවකයෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය.
ඔහු සිය පෙත්සමින් කියා සිටියේ අත්තනගල්ල මහේස්ත්‍රාත්වරයා තමාට නීති විරෝධී සිර දඬුවමක් නියම කළ බවයි.
බොකලගම අනුර සමන් කුමාර (49) ජ්‍යෙෂ්ඨ නීතිඥ කල්‍යාණාන්ද තිරානාගම මහතා මගින් කියා සිටියේ මහේස්ත්‍රාත්ගේ නඩු තීන්දුව නීති විරෝධී බවයි. මෙවැනි තීන්දුවක් දීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නැතැයිද කීවේය.
දැනට මාස 17ක් දඬුවම් ගෙවා ඇතැයිද එම සිර දඬුවම අවසන් වන්නේ 2020 අප්‍රේල් 5 වැනිදා බවත් සිරකරුවකුගේ දිනක නඩත්තුව සඳහා රජයෙන් රුපියල් 300ක් වැය කරන බව බන්ධනාගාරය කියන බවත් ඒ අනුව තමා වෙනුවෙන් නිකරුනේ රජයේ මුදල් රුපියල් 1, 04, 4000 වැය වන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩත්තු නොගෙවීමත් බිරිඳගේ මුලික අයිතිවාසිකම් කඩවීමක් නේද? (නි)
මිනි මැරුම් නඩුවක තීන්දුවක් වගේ. (නදී)
ඔබ ප්‍රතිචාර දක්වන්නට පෙර නිතිය මොක්කක්ද කියල හොයල බැලුවොත් නරකද .අනික ඉහල උසාවිය නේද එකේ වරද තීරණය කරන්නේ (බ)
සල්ලි නැත්නම් මොකද කරන්නේ ? හිරේ දාල හරියනවද? හිරේ ඉන්නකොට එයාව නඩත්තු කරන්නේ අපේ බදු මුදල් වලින් නේ. ඒ මොන මෝඩ වැඩක්ද? (ම)
මහජනාතාවගේ මුදල් වලින් එකතු කරන බදු මුදල් වලින් ස්වාමිපුරුෂයන් නඩත්තු කරනවාට වඩා ඒ මුදල් වෙන දෙයකට යොදවන එක හොදයි.(ම)
එකතු වෙලා දරුවො හැදුවා නම් නඩත්තු කිරිමේ වගකිමත් දෙන්නටම දෙන්න ඕනේ. එක්කෙනෙකුට විතරක් දුන්නම ඒ මනුස්සයා අමාරුවෙ වැටෙනවා. (ම)
හිරේ ඉදන් නඩත්තු ගෙවන්න පුවවන්ද. අපේ රටේ නිති රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඒවා.(හේ)
කලින් තිබුනේ නඩත්තු හා දික්කසාද එකට. ඒකාලේ නඩු අඩුයි. දික්කසාද නොවිම ස්වාමිපුරුෂයගෙන් නඩත්තු ගන්න පුළුවන් විදියට නිතිය වෙනස් කළාම උසාවිවල නඩත්තු නඩු පිරුනා. පවුල් ප්‍රශ්න වැඩිවුනා.(හේ)
නුවන්ගේ කතාවෙත් ගත යුත්තක් තියෙනවා. අපි හැම තිස්සෙම බලන්නේ එක පැත්තයි. (හේ)
මේක පුදුමාකාර කතාවක්නේ! දැන් ඉතින් මොකද කරන්නේ? (නි)
ඔව් ඔව්. අපරාධකරුවෙකුට වුණත් දිනකට රුපියල් 300ක් වැයවන නිසා ඔවුන්වද නිදහස් කළයුතුය. නියම තර්ක තමයි ගෙනෙන්නේ. (නි)
මිනිහා කපටිකමක් කරන්න වගෙයි හදන්නේ. දරුවෝ හැදුවා නම් ඔවුන් නඩත්තුත් කළයුතුයි. හැමෝම දරුවෝ හැදුවාට පස්සේ හිමීන්ම මාරුවෙනවා.අහිංසක අම්මලාදිවි ඇතිතෙක් නොවිදනා දුක්විඳලා දරුවෝ බලාගන්නවා. පුළුවන් නම් අවුරුදු 18ක් කරන්න. (නි)
නඩත්තු නඩු හරිම කරදරයක් උසාවි වලට. කලින් තිබුනු නඩත්තු හා දික්කසාද එකට තිබුනා නම් මෙච්චර නඩු ගොඩ ගැහෙන්න නැහැ. දැන් පොඩ්ඩ බැරි වෙන්න බැහැ ගැහුනු නඩත්තු නඩු දානවා. ඒවට එන්ජිඹ් වල අය නොමිලේම පෙනි සිටිමත් නඩු වැඩිවිමට හේතුවක්. (නදී)
දික්කසාද නොකර නඩත්තු නඩු විතරක් දාන්න පුළුවන් කලේ ගෑණු පිරිමි ආයෙත් යාළුවෙයි කියලා හිතලා වෙන්නැතිනේ. නමුත් නඩත්තු නොගෙව්වයි කියලා මේ වගේ වසර 8 ක් හිරේ යැව්වම වෙන්නේ වෛරය වැඩි වෙලා රටේ මිනිමැරුම් වැඩි වන එක. මේ මනුස්සයත් සමහරවිට සල්ලි නැති අහිංසකයෙක් වෙන්න පුළුවන්. (නදී)
මේ මනුස්සයා වසර 8 ක් හිරෙ යැව්වම ඒ මනුස්සයගෙ ජිවිතෙත් ඉවරයි. ළමයි ගෑණිගේ ජිවිතත් ඉවරයි. ඇයි ඉතිං හිරේ ඉදන් නඩත්තු ගෙවන්න පුවවන්යැ. අපේ රටේ නිති රාජසිංහ රජ්ජුරුවන්ගේ කාලේ ඒවා. (නදී)
කාන්තාවෝ සම අයිතිවාසිකම් ඉල්ලනවා. හැබැයි නඩත්තු ගෙවන්න යනකොට සම කතා නැහැ. සම්පූර්ණයෙන්ම පිරිමියට පටවනවා. ළමයි ඉන්නවා නම් දෙදෙනාගේම වගකීමක් ළමයින්ට වියදම් කරන්න ඕනේ (නදී)
අධිකරණ ඇමතිතුමනි, මෙවැනි නඩත්තු හා දික්කසාද නඩු බරපතල ඒවා නෙමෙයිනේ මිනීමැරුම් නඩු වගේ. මේ වගේ පවුල් නඩු ඉක්මනින් විසඳන ක්‍රමයක් අපේ රටට අවශ්‍යමයි. ජීවිත නිකන් නාස්ති වෙනවා උසාවි වලටම. මෙය බරපතල සමාජ ප්‍රශ්නයක්. (නි)
එච්චර දිගු කාලයක සිර දඬුවමක් නියම කිරීම වැරදියිනේ. අනික මොහු සුළු සේවකයෙක් කියලත් තියෙනවනේ. (නි)
ලංකාසිරි, ඔබ කියනවා "පුළුවන් නම් අවුරුදු 18ක් කරන්න" කියලා. එතකොට ප්‍රශ්නය විසඳෙනවද? අම්මා දාපු නඩුවට තාත්තා වසර 18 ක් හිරේ දැම්මහම ළමයින්ගේ බඩ පිරෙනවද? (නි)
දරුවෝ හැදුවා නම් ඔවුන් නඩත්තු කළයුතුයි කියලා ලංකාසිරි මහත්තයා කියනවා. ඒක ඇත්ත. හැබැයි දරුවො හැදුවේ පියාගෙ උවමනාවට විතරද කියන ප්‍රශ්නයත් මතුවෙනවා. (නි)
දැනට මාස 17ක් දඬුවම් ගෙවා තියෙනවා කියන්නෙ මේ කෙනාගේ රස්සාව ඉවරයි කියන එකනේ. දැන් ඉතිං කොහොමත් නඩත්තු ගෙවන්න වෙන්නේ නැහැ. වෙන දඩුවමත් දුන්නා නම් කිය කිය හරි ගන්න තිබුනා.(නදී)
රටක නීති තිබියයුත්තේ ප්‍රශ්න විසඳීමට මිස ප්‍රශ්න තව තව උග්‍ර කිරීමට හෝ නැති ප්‍රශ්න ඇති කිරීමට නොවේ යන්න මාගේ අදහසයි. මෙය සරලව පෙනුනද ගැඹුරු විද්වත් කතිකාවක් ඇති වියයුතුයි. රටේ දැනට ඇති නීති කාලානුරූපව වෙනස්විය යුතුයි. (නි)
මෙවැනි නඩත්තු හා දික්කසාද නඩු පිළිබඳ තීරනයක් ගතහැක්කේ රටේ නිති සම්පාදනය කරන වගකිවයුත්තන්ටය. අද බැලුවොත් රටේ හැම උසාවියකම වැඩිපුර තිබෙන්නේ නඩත්තු නඩුය. මෙහෙම සිර දඬුවම් දෙන්න ගියොත් මේක කොහෙන් කෙළවර වෙයිද? (නි)
සැර වැඩියි තමා දඬුවම. (නි)
අසෝක, ඔබ කියන පරිදි අපරාධකරුවෙකුට වුණත් දිනකට රුපියල් 300ක් වැයවන නිසා ඔවුන්වද නිදහස් කළයුතු නැහැ. මේක වෙනත් ප්‍රශ්නයක්. ඒකයි වෙනස (නි)
බිරිඳට සම අයිතිවාසිකම දෙන්නත් එකඟයි. එතකොට දරුවන්ගේ නඩත්තුවෙන් බාගයක් බිරිඳත් කරන්න. (නි)
ලංකාවේ මේ ප්‍රශ්නය බොහෝ තැන්වල දක්නට ලැබෙනවා (නි)
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනස් කරන්න කලින් නඩත්තු හා දික්කසාද නීති අද කාලයට ගැලපෙන ලෙස වෙනස් කරන්න. මේ්කට තුනෙන් දෙකක් ඕනෙ නැහැ. (නදී)
නව අවුරුදු අට මාසයක සිර දඬුවම් දිලා, උසාවි ගණන වැඩිකිරිමෙන් වත් මේ ප්‍රශ්නය විසඳන්න බැහැ. යල්පැනපු නිති වෙනස් කරන්න. (නදී)
එතකොට තිලකරත්න ඩිල්ෂාන්ට අවුරුදු කීයක් ද? (නදී)
මෙයාට නඩත්තු ගෙවන්න සල්ලි නෑ, නමුත් නීති වේදියට ගෙවලා ශේෂ්ඨාධිකරණයේ නඩු කියන්න සල්ලි තියෙනවා. මේ නඩුවට මුලික වියදම විතරක් රුපියල් ලක්ෂ දෙකක්වත් යනවා.(නදී)
මේකේ තියන අදහස් බලනකොට හිතෙනවා හොදට දීග කාල ඉන්න එකත් ලෙහෙසි පහසු වැඩක් නෙවයි කියල ........හි ............හි..........හි.........(ස)
කවුරු හරි වැරදි වුනත් වරදින්නේ දරුවන්ට. (ස)
මිනිහා හිරේ දැම්මම පවුලට සල්ලි ලැබෙනවද ? මම කියන්නේ කීයක් හරි ගත මනාවක් උන්නාන්සේ අගතියට පත් බිරිඳට ලැබෙන්න සලස්වනවා නම් හොඳයි කියා (නදී)
මෙහෙම ගියොත් සනාට මොකද වෙන්නෙ? (නදී)
මෙයාට හිතුනද දන්නේ නැහැ මේ පවුල කනවට වඩා අවුරුදු 9 ක් හිරේ යනවා සැපයි කියලා. (ස)
සමන්ති, බිරිඳකගේ අයිතිවාසිකම් ගැන කතා කරන්නෙ කලින් බිරිදකගේ යුතුකම් හරියට කළා නම් මම හිතන්නේ නඩු යන්න වෙන්නෙ නැහැ ඇයට. (ස)
සම්පත්, අවුරුදු 9 පුලුවන් නම් අවුරුදු 18ක් කරන්න කිව්වේ නැත්නම්, ඔය කෙනා ළමයින්ගේ බඩ පුරවන එක කොහොම වෙතත් තවත් ගැහැණියකගේ පහසපතා යන බව නම් මට ස්ථිරයි (නි)
අපේ රටේ කසාදය ගැනත් ඒ හා සම්බන්ධ නීතිය ගැන දන්නේ කීයෙන් කී දෙනාද? ප්‍රතිචාර වලින් පේනවා. කසාදයකදී එම ස්ත්‍රියත් දරුවනුත් දිවිහිමියෙන් රැකබලා ගැනීම පිරිමියාගේ වගකීම සහ යුතුකමයි. නමුත් නවීන කාලේ දෙදෙනාම උපයනවා නම් වියදම් දෙදෙනාම දැරීම සාධාරනයි. උසාවියේ නඩත්තු තීරණය වන්නේ පිළිසරණක් නැති මව්වරුන්ට පමණයි. එයත් ස්වාමියාගේ වැටුපෙන් 20%-30% වැනි සුළු ප්‍රමාණයක්. (නි)
අසරණ දරුවන් නඩත්තු නොකරන මේ වගේ අපතයෝ මොකට එළියට දානවද ? වන්ද්‍යාකරණ සැත්කමක් කරලා කසපහර දෙන්න වටින්නේ (බ)
මෙහෙම එක එක විනිසුරුවරයාට උවමනා විධියට දැඩි දඩුවම් දෙන්න පුළුවන්ද? හැමෝටම සාධාරණවු නිතියක් නිර්වචනය කරලා නැද්ද අපේ රටේ? දන්නෙ නැති නිසයි අහන්නේ? (බ)
පොතේ නීතිය හොදයි (නදී)
නඩත්තු ගෙවන්න සල්ලි නැත්නම් මොකද කරන්නේ ?හිරේ දාල ප්‍රශ්නේ විසදෙන්නේ නෑනේ නේද ?දඩුවම් දුන්නට කමක් නෑ එ්ත් නීතිය හැමෝටම එකසේය .දේශපාලකයන්ට එකක් සාමාන්‍ය අයට එක නීතියක් ගැලපෙන්නේ නැ .මේ මනුස්සයාටත් අසනීපයි කියල බන්ධනාගාර රෝහලට යවන්න පස්සේ ඇප දෙන්න. (බ)