රත්නපුර මහේස්ත‍්‍රාත් නිල නිවාස මුරකුටිය ප‍්‍රමිතියෙන් තොරව ඉදිකළැයි ඉදිරිපත් කළ බිල්පත්හි අසත්‍ය තොරතුරු ඇති හෙයින් මුදල් ගෙවීම් සඳහා වන පොදු 35 ආකෘතිපත‍්‍රය සහතික කළ නොහැකි බව රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කේ.ඩී.එල්.සමන් කුමාර මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතාට දැනුම්දී ඇත.
අවසාන බිල්පත අංක 12 අයිතමය වන මෙම මුරකුටියේ වහල සඳහා යෙදිය යුතු ලී වර්ගය වන කෙම්පස් ලී වෙනුවට ගිනිකූරු හා කොස් ලී, ග‍්‍රාන්ඩිස් ලී යොදාගෙන ඇති බවට නීරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වෙයි. එම ලී සඳහා වැයකළ මුදල ලෙස රුපියල් 36936 ක් වියදම් කළ බව අවසන් බිල්පතේ සටහන්ව ඇත.
අවසාන බිල්පතේ අයිතම අංක 36 වැඩ විස්තර අනුව පීවීසී වැහි පිලී යෙදීම සහ ජල බස්නා නළ යොදා නැතිබව මේ පිළිබඳ නීරීක්‍ෂණ සිදුකළ සටහන් අනුව කියවේ. මේ සඳහා වැයකළ මුදල් ප‍්‍රමාණය (7912.08) හත්දහස් නවසිය දොළහකුත් ශත අටක් බව අවසාන බිල්පතේ සඳහන්වෙයි.
අංක 31 අයිතමය වන දැව ආරක්‍ෂිත ආලේපන ගල්වා නොමැති බව නිරීක්‍ෂණයවී ඇත. නමුත් ඒ සඳහා වැයකළ මුදල ලෙස රුපියල් 3840ක් අවසාන බිල්පත සඳහන් කර ඇත.
විදුලි පරිපථ ස්විචයක් මෙම මුර කුටයේ සවිකර නැතිබව නිරීක්‍ෂණ අනුව තහවුරුව ඇත. නමුත් අවසාන බිල්පත එම ස්විචය සඳහා රුපියල් 2900ක් වැයකර තිබෙන බව සටහන්ව ඇත.
අංක 32 පරිදි සීඑෆ්එල් බල්බ සවිකර නොමැති බව නිරීක්‍ෂණව ඇත. එනමුත් එම බල්බ තුනක් යෙදීමට රුපියල් 3000ක් වැයවූ බව අවසාන බිල්පතේ සඳහන්ව තිබේ.
2025 දෙසැම්බර් මස 18
208
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
167
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
967
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මහේස්ත්‍රාත්ගේ කණෙන් රිංගන්න බැරිවෙයි
චතුර Friday, 26 September 2014 06:28 AM
ඇති විශිෂ්ටයි සර්.(අ)
සිල්වා Friday, 26 September 2014 07:42 AM
ඔබට ප්‍රයෝගික දැනුම තියෙනවා (දී)
චාමිකර Friday, 26 September 2014 07:53 AM
තම ඇස් දෙකෙන්ම දකින තුරු කිසිවක් පිලි ගන්න එපා (දී)
හේමන්ත Friday, 26 September 2014 08:04 AM
කොන්ත්‍රාත් දීලා කරන වැඩ ගැන මෙහෙම හොයල ගෙවනවා නම් මේ රට මේ වගේ දුප්පත් වෙන්නේ නෑ. ඔබගේ ක්‍රියාව අපටත් හොඳ පාඩමක්. අපේ ගෙදර දොර වැඩ කරන අය ගැනත් අපි විශ්වාස කරලා වැඩිය හොයන්නේ නැතිව ගෙවීම් කරනවා. ඇත්තටම හැම දෙනාම මෙහෙම කරන්න ඕනෑ. හොර වැඩ මට නම් පෙන්නන්න බෑ. (නදී)
සමන්ති Friday, 26 September 2014 03:39 PM
ඉස්සර රත්නපුරේ කොන්ත්‍රාත් කරන කෙනෙක් හිටියා එයාට කියන්නේ "මැටි ශක්ති" කියලා.මැටි බිත්ති මත සිමෙන්ති කපරාරු කරන නිසා (දී)
උපාලි Friday, 26 September 2014 10:10 AM
ගෙවීම් කිරීමට පෙර නිමැවුම පරීකෂා කලයුතුමයි. නැත්නම් පස්සේ වැඩේ බාලයි කිව්වට පිළිගන්නේ නැහැ. ටෙන්ඩර් කාරයෝ කරන්නෙම බාල වැඩ. එතුමා වැඩේ පරීක්ෂා කල නිලධාරියා මත නොරැදී පුද්ගලිකවම සොයා බැලීම අගේ කල යුතු දෙයක්. (දී)
ගුණසේකර Friday, 26 September 2014 10:12 AM
එම උතුමාණන්ට ප්‍රයෝගික නුවන තිබෙනවා රටට අවශ්‍ය එවැනි අය තමා (දී)
බමුණු Friday, 26 September 2014 10:58 AM
බිල් පත ඇයි මහේස්ත්‍රාත්ට දුන්නේ නගර සබාවේ ටී ඕ ට නොදී. (දී)
ජයසූරිය Friday, 26 September 2014 05:27 AM
ඒ වුනාට ඉතින් අනිත් අයගේ කන් දෙකෙන්ම රින්ගනවනේ. (ස)