රත්නපුර මහේස්ත‍්‍රාත් නිල නිවාස මුරකුටිය ප‍්‍රමිතියෙන් තොරව ඉදිකළැයි ඉදිරිපත් කළ බිල්පත්හි අසත්‍ය තොරතුරු ඇති හෙයින් මුදල් ගෙවීම් සඳහා වන පොදු 35 ආකෘතිපත‍්‍රය සහතික කළ නොහැකි බව රත්නපුර ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් කේ.ඩී.එල්.සමන් කුමාර මහතා රත්නපුර මහාධිකරණ විනිසුරු අචල වෙන්ගප්පුලි මහතාට දැනුම්දී ඇත.
අවසාන බිල්පත අංක 12 අයිතමය වන මෙම මුරකුටියේ වහල සඳහා යෙදිය යුතු ලී වර්ගය වන කෙම්පස් ලී වෙනුවට ගිනිකූරු හා කොස් ලී, ග‍්‍රාන්ඩිස් ලී යොදාගෙන ඇති බවට නීරීක්‍ෂණ වාර්තාවේ සඳහන් වෙයි. එම ලී සඳහා වැයකළ මුදල ලෙස රුපියල් 36936 ක් වියදම් කළ බව අවසන් බිල්පතේ සටහන්ව ඇත.
අවසාන බිල්පතේ අයිතම අංක 36 වැඩ විස්තර අනුව පීවීසී වැහි පිලී යෙදීම සහ ජල බස්නා නළ යොදා නැතිබව මේ පිළිබඳ නීරීක්‍ෂණ සිදුකළ සටහන් අනුව කියවේ. මේ සඳහා වැයකළ මුදල් ප‍්‍රමාණය (7912.08) හත්දහස් නවසිය දොළහකුත් ශත අටක් බව අවසාන බිල්පතේ සඳහන්වෙයි.
අංක 31 අයිතමය වන දැව ආරක්‍ෂිත ආලේපන ගල්වා නොමැති බව නිරීක්‍ෂණයවී ඇත. නමුත් ඒ සඳහා වැයකළ මුදල ලෙස රුපියල් 3840ක් අවසාන බිල්පත සඳහන් කර ඇත.
විදුලි පරිපථ ස්විචයක් මෙම මුර කුටයේ සවිකර නැතිබව නිරීක්‍ෂණ අනුව තහවුරුව ඇත. නමුත් අවසාන බිල්පත එම ස්විචය සඳහා රුපියල් 2900ක් වැයකර තිබෙන බව සටහන්ව ඇත.
අංක 32 පරිදි සීඑෆ්එල් බල්බ සවිකර නොමැති බව නිරීක්‍ෂණව ඇත. එනමුත් එම බල්බ තුනක් යෙදීමට රුපියල් 3000ක් වැයවූ බව අවසාන බිල්පතේ සඳහන්ව තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇති විශිෂ්ටයි සර්.(අ)
ඔබට ප්‍රයෝගික දැනුම තියෙනවා (දී)
තම ඇස් දෙකෙන්ම දකින තුරු කිසිවක් පිලි ගන්න එපා (දී)
කොන්ත්‍රාත් දීලා කරන වැඩ ගැන මෙහෙම හොයල ගෙවනවා නම් මේ රට මේ වගේ දුප්පත් වෙන්නේ නෑ. ඔබගේ ක්‍රියාව අපටත් හොඳ පාඩමක්. අපේ ගෙදර දොර වැඩ කරන අය ගැනත් අපි විශ්වාස කරලා වැඩිය හොයන්නේ නැතිව ගෙවීම් කරනවා. ඇත්තටම හැම දෙනාම මෙහෙම කරන්න ඕනෑ. හොර වැඩ මට නම් පෙන්නන්න බෑ. (නදී)
ඉස්සර රත්නපුරේ කොන්ත්‍රාත් කරන කෙනෙක් හිටියා එයාට කියන්නේ "මැටි ශක්ති" කියලා.මැටි බිත්ති මත සිමෙන්ති කපරාරු කරන නිසා (දී)
ගෙවීම් කිරීමට පෙර නිමැවුම පරීකෂා කලයුතුමයි. නැත්නම් පස්සේ වැඩේ බාලයි කිව්වට පිළිගන්නේ නැහැ. ටෙන්ඩර් කාරයෝ කරන්නෙම බාල වැඩ. එතුමා වැඩේ පරීක්ෂා කල නිලධාරියා මත නොරැදී පුද්ගලිකවම සොයා බැලීම අගේ කල යුතු දෙයක්. (දී)
එම උතුමාණන්ට ප්‍රයෝගික නුවන තිබෙනවා රටට අවශ්‍ය එවැනි අය තමා (දී)
බිල් පත ඇයි මහේස්ත්‍රාත්ට දුන්නේ නගර සබාවේ ටී ඕ ට නොදී. (දී)
ඒ වුනාට ඉතින් අනිත් අයගේ කන් දෙකෙන්ම රින්ගනවනේ. (ස)