කුලියාපිටිය කම්කරු උසාවියේ මුර කාමරයට වැදුණු සුදු නයෙකු අල්ලා කන්කානියමුල්ල රක්ෂිතයට මුදා හැරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් බන්ධුල ගුණරත්න මහතා ඉදිරිපත් විය.
කම්බි කොක්කකින් නයා අල්ලා බකට්ටුවකට දමා ගත් මහේස්ත්‍රාත්වරයා සිය කාරයෙන් කිලෝමීටර් 5 ක් පමණ දුරින් පිහිටි රක්ෂිතය අසලට ගොස් නයා මුදා හැරියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ තරම් සුදු නයි ඉන්නවද (දී)
ඇත්තටම ද? (නදී)
කළු කෝට් එක ගලවල තියල වෙන්න ඇති ඇතුලට එන්න ඇත්තේ. එහෙම නැත්නම් ලඟදි හැව ඇරලා පක්ෂේ මාරු කරපු කෙනක්වත්ද ඔච්චර සුදු පාට නම්? (අ)
නයා ජීවත් වූ පරිසරයෙන් ඉවත් කිරීම නිසා නයාට වූ මානසික පීඩාවට මෙම මහේස්ත්‍රාත් වරයාට එරෙහිව නඩු පැවරිය යුතු වේ!! පරිසරවේදී සංගමය (දී)
අපේ ලෝයෙර් මහත්වරු උසාවියේ අරින නයි දැකල දැකල මෙතුමාට නයි හැසිරවීමේ හොඳ පළපුරුද්දක් තිබෙන බව පේනවා (දී)
හොඳ වැඩක් , ප්‍රනාමයක්. (දී)
ලංකාවේ වැඩියෙන්ම ඉන්නේ සුදු අලි. (නදී)
පරණ නඩුවක හිමි කාරයෙක්. අදවත් නඩුව අහල ඉවරයක් වේවිද කියල බලන්න ඇවිත්. ඊලග නඩු දිනයටත් ආපසු ඒවි. බොරු කියන ලෝයර්ලා ටිකක් ප්‍රවේසමෙන් (නදී)
එතුමාට හම්බවෙච්ච නිසා හොඳට ගියා. නැත්තම් ලක්ෂ ගානකට විකුනනවා ආයේ දෙකක් නැහැ. (දී)
මම හිතන්නේ මේ මහේස්ත්‍රාත් මහතා උසාවියේ හැමදාම නයි යවනවා දැකල දැකල දැන් නයින්ට බය නැති වෙලා වගෙයි .. (දී)
ඔබ තුමා වීරයෙක් (දී)
මහේස්ත්‍රාත් වරයෙකුට එහා ගිය වීරයෙක් (දී)