IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මහේස්ත්‍රාත් පොලිසියට දොස් කියයි

පොලිසිය ගොනු කළ සාක්කි පරස්පර බැවින් දැරණියගල මානික්කන්ද විදුහලේ විදුහල්පති ඝාතන නඩුවේ සැකකරු නිදහස් කරන බව ප්‍රකාශ කළ කෑගල්ල මහාධිකරණ විනිසුරු ගාමිණි අමරසේකර මහතා රාජකාරි නිසි ලෙස ඉටු කරන ලෙසට පොලිසියට අවවාද කළේය.

දැරණියගල කනගරත්නම් ජෙයසුන්දරම් හෙවත් ‘මුරුගා‘ මේ අනුව නිදහස් කරනු ලැබීය.

2007 ජනවාරී 27 වැනි දින හෝ ඊට ආසන්න දිනකදී මානික්කන්ද විදුහල්පතිට පහර දී ගලක් හිස මතට දමා ඝාතනය කොට තිබිණි.

සාක්කි කරුවන් හය දෙනාගේ සාක්කි පරස්පර විය. දැරණියගල පොලිසියේ හිටපු ස්ථානාධිපති තිස්ස ගුණතිලක මහතා ඇතුළු නිලධාරින්ගේ සාක්කි හා සටහන්ද ක්‍රමානුකූලව නොතිබීම නිසා මෙම චෝදනා සැකයෙන් ඔබ්බට ඔප්පු කිරිමට නොහැකි වූ බව අධිකරණයේදී කියැවිණි.

විත්තියේ නීතිඥ හරිත සේනානායක මහතා පරස්පරතා හා දුර්වලතා පෙන්වා දෙමින් පැවැසුයේ පොලිසිය හිතාමතා තම රාජකාරීය පැහැර ඇති බවය. පොලිස් සුනඛයින් මීට වඩා අවංකව කටයුතු කරන ඔහු කීවේය.

සියලු කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරුවරයා සැකකරු නිදහස් කිරීමට නියෝග කළේය.

මෙම නඩුවේ විත්තිය වෙනුවෙන් නීතිඥ හරිත සේනානායක මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් රජයේ නීතිඥ රන්දිමා ප්‍රනාන්දු මහත්මිය පෙනී සිටියාය.

 

 



අදහස් (0)

මහේස්ත්‍රාත් පොලිසියට දොස් කියයි

පිටබැද්දර ජයා Wednesday, 17 December 2014 11:40 AM

පොලිසියේ උදව්වෙන් නිදහස් උන මේ මිනිහා දවසක පොලිසියටත් වැඩේ දෙනකොට තමා මෙයාලට දෙවියන් සිහි වෙන්නේ ! (නදී)

:       0       0

සරත් Wednesday, 17 December 2014 03:06 PM

ඔබල මහේස්ත්‍රාත් හා මහාධිකරනය අතර වෙනස නොදන්නා එක ගැන කණගාටු වෙනවා. (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 790 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site