අධිකරණ සේවා කොමිසම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩ අද (20) තහනම් කළේය.
වැඩ තහනම් කිරීමේ ලිපිය ඔහුට භාරදී ඇත.
අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත්තැයි ඔහුට එරෙහි නඩුවක්ද පවතී.
අධිකරණ සේවා කොමිසම මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාගේ වැඩ අද (20) තහනම් කළේය.
වැඩ තහනම් කිරීමේ ලිපිය ඔහුට භාරදී ඇත.
අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත්තැයි ඔහුට එරෙහි නඩුවක්ද පවතී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කාලයක් තිස්සේ බලවතුන්ට යටවී තිබුණු නීතියේ ආධිපත්‍යය නැවතත් අපේ හිතසුව පිණිස රජවීමට පටන්ගැනීම ඉමහත් සතුටට හේතුවක්. රටක ඉස්මතු වියයුත්තේ නීතිය, යුක්තිය විනා පුද්ගලයන් නොවේ. (නි)
වැස්ස අස්සෙම වැඩ අල්ලලා! කොහොමත් අපි දන්නවා විපාකය මේක තමයි කියලා. පුදුමේ කියන්නේ හිටපු අගවිනුසුරුවරිය මීටත් වඩා බරපතල චෝදනාවකට ලක්වෙලා වැඩ තහනම් කරපු වෙලාවේ අධිකරණයේ ස්වාධිපත්‍ය ගැන කතාකරපු උදවිය මේ සිද්ධියේදී කසාය බීපු ගොළුවෝ වගේ ඉන්න එකයි (නි)
මම නම් කියන්නේ ආයෙත් කොහොමහරි රස්සාව ලබාගනියි (නි)
මේ මහත්තයා පහුගිය කාලයේ දුන් තීන්දු ගැනත් හොයාබලන්න (නි)
බොහොම හොඳ වැඩක් (නි)
දැන්වත් තේරෙනවද ආණ්ඩුවක් පෙරලුනාම කවුරුවත් තමන් බේරන්න එන්නේ නැහැ කියලා?
කරන කලට පවු මිහිරිය මී සේ... (නි)
අලි උගුලකටනේ ගමගේ මහත්තයා අහුවෙලා තියෙන්නේ... (නි)
තරාතිරමට යටනොවී වැරැද්දට දඬුවම් දීමේ සම්ප්‍රදාය දැන්වත් රටට දායාද කළ යුතුයි. (නි)
සාමාන්‍ය ජනතාවගේ නඩු ඉලාස්ටික් වගේ ඇදි අැදී වසර ගණන් යනවා වගේ මේ අය සම්බන්ධ නඩුත් ඇදෙයි නේද? එතකොටවත් තේරෙයි බොරුවට නඩු කල්ඇදීමේදි අනෙක් මිනිසුන්ට දැනෙන වේදනාව මොකකද කියලා. (නි)
එතකොට වැඩ තහනම් කරලා තියෙන්නේ අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත්තට නෙමෙයිද? (නි)
මෙන්න රටේ නීතිය ගැන සතුටුවෙන්න පුලුවන් අවස්ථාවක් (නි)
අපේ ගමේ නඩුකාරයෙක් ඉන්නවා පුංචි කාලේ ඉඳලා අපිත් එක්කම හැදුනු. එයා දැන් ගමේ මළ ගෙවල්වලට එන්නෙත් පොලිස් නිලධාරියෝ දෙන්නෙක් එක්ක. (නි)
මෙය ලංකාවේ අධිකරණය පැත්තෙන් බෙහෙවින් සංවේදී අවස්ථාවකි. තමන්ට සම්බන්ධකම් පවත්නා නඩුවක් බව දැනුණවිට විනිසුරු අසුනෙන් බැසයන විනිසුරුවන් විසින් ප්‍රභාමත් කළ අධිකරණ සේවය මේ ලබන්නේ මහා නින්දාවකි. විනිසුරු තිළිණ ගමගේ මේ සිද්ධිය ගැන ප්‍රතික්‍රියා දැක්වූ ආකාරය ගැන අපි ලැජ්ජා වන්නෙමු. අලියා සම්බන්ධ සිද්ධියට නඩු අහන්න දෙයක් ඉතිරිවී නැත. (නි)
මෙ රජය ගැන මට අද ලොකු පැහැදීමක් ඇතිවුණා (නි)
හරිම සතුටුයි මේ තීරණය ගැන. තව මේ වගේම අය ඉන්නවා (නි)
කල්ගත්තා වැඩියි කියලා හිතෙනවා මේ තීරණය ගන්න (නි)
සන්නස් මඟින් අලි පැටව් ප්‍රදානය කළ අයගේ වැඩ තහනම් කරන්නේ නැද්ද? (නි)
ප්‍රමාද වී හෝ මෙම තීරණය ගත් එක ගැන සතුටුයි (නි)
නඩුකාර හාමුදුරුවන්ටත් අලි පිස්සුවක් ගහලා නම්, කොහොමද අලි ගැටළු විසඳන්නේ? (නි)
මට අද දවාලට බත් නොකා වුණත් ඉන්න පුළුවන්. සතුට දරාගන්න බැහැ (නි)
අපේ රටේ ජරා දේශපාලනයෙන් කොපමණ මිනිස්සු ප්‍රමාණයක් විනාශ මුඛයට ඇද දැම්මාද? (නි)
මහේස්ත්‍රාත්වරයෙක් මෙසේ කටයුතු කරද්දී අනෙක් අය ගැන මොන කතාද? (නි)
නීතිය කාටත් පොදුයි (නි)
වරදක් කර ඇත්නම් දඬුවම් ලැබෙයි. (ර)
යුක්තිය පසිදිලන අයත් නිතිවිරෝධී වැඩ කරනවා නම් තව මොන කතාද? (ර)