කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අමිල ආරියසේන මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු පිරිසක් අද (29) විරෝධය පෑහ.
මෙම මහේස්ත්‍රත්වරයා නීතීඥයින්ගේ කරුණු දැක්වීම් හා විරෝධතාවලට ඉඩ නොදෙන බවත් එයින් තමන් හා තම සේවාදායකයිනුත් අසීරුට පත් වන බව නීතීඥවරු කියති.
මේ ගැන අධීකරණ සේවා කොමිසමට පැමිණිලි කරන බවද ඔවුහු කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා කකුළුවෝ ඇදේට යනකොට පොඩි කකුළුවෝ ගෙන කවර කතාද.(හේ)
මම රජයට යෝජනා කරන එක් කරුනත් නම් අධිකරණයට හා නීතියට ඉහලින් සිටින නීතිඥයින්ට චර්යා ධර්ම පද්ධතියක් හදුන්වා දෙන ලෙසයි සාමාන්‍ය ජනයාට වඩා නීතිඥයින් නීති කඩකරන අවස්ථා එමටය. එසේම සේවා දායකයින් ගෙන් ඉතා අසාධාරන ලෙස ගාස්තු අයකිරීමද පාලනය කළ යුතුයි. හිතලා බලන්න හැමදේටම පාලන මිලක් තියෙනවා. වෛද්‍යවරැත් අයකරණ ගණන සදහන් කරලා තියෙනවා රටේ උත්තරීතර ආයතනයේ සේවය කරන ටයි කෝට් පලදින මොවුන්ට විතරක් නියමිත ගාස්තුවක් නැහැ. රටේ නීතිය ගැන හිතාගන්න පුළුවන්නේද??/(හේ)
සමහර විනිසුරුවරුන්ද කිසිම තැකිමක් නොකර තින්දු දෙන බවත් ඒ නිසාම ඉහලට අභියාචනා කිරිමට යාමෙන් බොහෝ සේවා දායයින්ගේ මුදල් හා වටිනා කාලය නාස්ති වන බවත් නොකියාම බැරිය. නිතිඥවරුන්ට හෝ විනිසුරුවරුන්ට උවමනා ලෙස නොව නිතිය නිතිය ආකාරයට ක්‍රියාත්මක ව්ය යුතු ක්‍රමවේදයක් හා නඩු කල් යාම වළක්වාලන ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් සැදිය යුතුය. එයද යහපාලනයේ අනිවාර්ය අංගයකි. අද පවතින තත්වය මත බොහෝ නඩු කල් දමන්නේ මිනිසුන්ගේ කාලය හා මුදල් හා ජිවිතවල අගතිය ගැන කිසිම තැකිමක් නොකරයි. (නදී)
කිසියම් විනිසුරුවරයෙකු වැරදි තින්දු දිගින් දිගටම දි ඇත්නම් කළහැකි දෙයක් තිබේද? (හේ)
සමන් හරි ඇති. ඒ වගේම සමන් නීතිය නීති සංග්‍රහ හෝ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොව සමහර විනිසුරුවරුන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුයි යන බව විනිසුරුවරුන් සිතන බවද දැන් සිදුවෙන සිදුවීම්වලින් පෙනෙනවා. මම කියන්නේ අත්දැකිමෙන් මට වුනු දෙයක්.(හේ)
ලංකාවේ විතරයි මම හිතන්නේ මේ තරම් මේ සාමාන්‍ය සිවිල් නඩු පවා කල් යන රටක් තියෙන්නේ.(හේ)
සිවිල් නඩු කිසිම තේරුමක් නැතුව කල්යාම වළක්වන වැඩපිළිවෙලක් සකස් කරන්න ගරු ඇමතිතුමනි. විදේශ රටවල නව ක්‍රමවේදයන් ආදර්ශයට ගන්න. මේ යන විදියට යල් පැනපු ක්‍රම වලට නඩු අහන්න යන නිසා තමයි මෙය වෙන්නේ.(හේ)
ඒ ගැන හිතන්න එපා.(හේ)
මම කියන්නෙත් මේ වර්ධනය ලංකාවේ නීතිය හා සාමයට හොඳ ආදර්ශයක් නෙවේ. (දිල්)
නීතිය ඉදිරියේ තම නිදොස් භාවයට කරුණු ඉදිරිපත් කිරීමට ඇති අයිතිය නොමැති තැන ම නීතිය නැති බව ප්‍රකාශවේ (බ)
සමන් කියන දේ ඇත්ත ලෙස පිළිගැනීමට දිගටම සිදුවන දේ අනුව අපටද සිදු වේ. තවද නීතීඥයන් නීතිය අනුව බොරු කියන අයයි (දිල්)
අලුත් කඩේ උසාවිය වගේ තැනුත් දැන් මේ තත්ත්වයට වැටිලාද (දිල්)
ඔය කට්ටිය බලයට එනකොටම අපි දන්නවා රට අනතුරේ කියල.තවම දින 18. බලන් ඉමු. (බ)
මහේස්ත්‍රාත්වරුන්ට අපල කාලයක් (නදී)
නීතිය නීති සංග්‍රහ හෝ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොව නීතීඥයන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුයි යන බව නීතිඥයින් සිතන බව දැන් සිදුවෙන සිදුවීම්වලින් පෙනෙනවා. සමහර නීතීඥයින් විනිසුරුවන් සමග ගැටුම් ඇතිකරගන්නේ දේශපාලන බලයද යොදාගෙන. ශ්‍රී ලංකා නීතීඥ සංගමය දේශපාලන පක්ෂයක ශාඛාවක්. එය නීතියේ ස්වාධීනත්වයට මහත් තර්ජනයක් වී ඇති අයුරු අද සිදුවන සිදුවීම්වලින් පැහැදිලිවම පෙනෙනවා. (නදී)
ඔන්න යහ පාලනය (බ)
සමන් කියන දේ ඇත්ත ලෙස පිළිගැනීමට දිගටම සිදුවන දේ අනුව අපටද සිදු වේ. (නදී)
නීතිය නීති සංග්‍රහ හෝ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොව විනිසුරුවන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුයි යන බව විනිසුරුවන් සිතන බව සමහර සිදුවෙන සිදුවීම්වලින් පෙනෙනවා. එයද වැළැක්විය යුතුයි. කාටවත් උවමනා පරිදි නොව නිතිය නිතියේ ආකාරයට ක්‍රියාත්මක කළ යුතුයි (බ)
සමන්, හැම එකටම යහපාලනයට බැනලා වැඩක් නැහැ. මේ අඟහරු ලොවින් ආපු අය නෙමෙයි. දවස් ගානකට උඩදි මේ රටේ හිටපු අයමයි ඉන්නේ. දවසට දෙකට මකලා හදන්න බැහැ. ඔයාගෙ උනත් මොකක් හරි වැරුද්දක් තියෙනවා නම් දවසින් දෙකෙන් හදා ගන්න පුළුවන්ද? (බ)
ඇත්තටම මෙහෙම විනිසුරුවරුන් සිටිනවා නම් එය වහා සොයා බැලිය යුතුයි. (බ)
සේවාදායකයන් ගෙන් ගාන හරියට කපා ගන්න බැරිවෙන කොට මොනව හරි කරන්නත් එපායැ. මොන ආණ්ඩුව අාවත් නීතිය බල්ලට ගිහින් ඉවරයි. බල්ලෝ සමා වෙන්න ඕනේ මෙහෙම කිව්වට. (නදී)
දැන් රටට නිතිය අවශ්‍ය නැති බවද මේ නීතීඥයන් පෙන්වන්නේ. නීතීඥයන් ඇයි මෙහෙම හැසිරන්නේ නිතියන්ම බේරගන්න පුළුවන් ප්‍රශ්න ඇයි පාරට ගේන්නේ.(හේ)
සමන් මේ පොදු අපේක්ෂකයාව දිනවන්න ඔය කියන සියලුම සංගම් කැමති කරවාගෙන ඇත්තේ ඔවුන්ගේ ඔය අවශ්‍යතාවන් ඉටුකරගැනීමේ එකගතාවය මත බව දැනටමත් පැහැදිලිවෙලා. (දිල්)
නිතිඥයින්ට හෝ විනිසුරුවරුන්ට උවමනා පරිදි නඩු කල් නොගස්වා ඉක්මනින් විසඳන ක්‍රමවේදයක් හැකි ඉක්මනින් ලංකාවේද ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ජාතික ව්‍යසනයක්. මිනිස්සු කොච්චර දුක් විඳිනවද නඩු කල්යාම නිසා.(දිල්)
මේ සියල්ලේ ආරම්භය. සිරානි මැඩම්ව අන්තනෝමතිකව දූරයෙන් පහ කිරීම නිසා ඇරඹුන දේවල්. මේවට වගකියන්න ඕන හිටපු පාලකයන්. ඒ කාලේ සමන් වන්නි අාරච්චිල නිදාගෙනද හිටියේ ? (නදී)
නීතිඥ සංගමය කියන්නේ දේශපාලන ආයතනයක් නොවෙයි. එය සියලු නීතිඥයන් විසින් හදාගත් වෘත්තීය සංවිධානයක්. වෘත්තීය සමිතියක් වත් නෙවෙයි. එය නීතිය ගැනත් එය ක්‍රියාවේ යෙදවෙන ආකාරය ගැනත් උනන්දු වෙනවා. එයට ගරහන්න එපා. (නදී)