IMG-LOGO

2025 දෙසැම්බර් මස 17 වන බදාදා


මහේස්ත්‍රාත් උසාවියේ අවුලක්

කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  අමිල ආරියසේන මහතාගේ ක්‍රියා කළාපයට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් උසාවියේ නීතීඥවරු පිරිසක්  අද (29) විරෝධය පෑහ.

මෙම මහේස්ත්‍රත්වරයා නීතීඥයින්ගේ කරුණු දැක්වීම් හා විරෝධතාවලට ඉඩ නොදෙන බවත් එයින් තමන් හා තම සේවාදායකයිනුත් අසීරුට පත් වන බව නීතීඥවරු කියති.

මේ ගැන අධීකරණ සේවා කොමිසමට පැමිණිලි කරන බවද ඔවුහු කියති.

 



අදහස් (0)

මහේස්ත්‍රාත් උසාවියේ අවුලක්

රුවන් Thursday, 29 January 2015 04:16 PM

මහා කකුළුවෝ ඇදේට යනකොට පොඩි කකුළුවෝ ගෙන කවර කතාද.(හේ)

:       0       0

කමල් Thursday, 29 January 2015 04:16 PM

මම රජයට යෝජනා කරන එක් කරුනත් නම් අධිකරණයට හා නීතියට ඉහලින් සිටින නීතිඥයින්ට චර්යා ධර්ම පද්ධතියක් හදුන්වා දෙන ලෙසයි සාමාන්‍ය ජනයාට වඩා නීතිඥයින් නීති කඩකරන අවස්ථා එමටය. එසේම සේවා දායකයින් ගෙන් ඉතා අසාධාරන ලෙස ගාස්තු අයකිරීමද පාලනය කළ යුතුයි. හිතලා බලන්න හැමදේටම පාලන මිලක් තියෙනවා. වෛද්‍යවරැත් අයකරණ ගණන සදහන් කරලා තියෙනවා රටේ උත්තරීතර ආයතනයේ සේවය කරන ටයි කෝට් පලදින මොවුන්ට විතරක් නියමිත ගාස්තුවක් නැහැ. රටේ නීතිය ගැන හිතාගන්න පුළුවන්නේද??/(හේ)

:       0       0

රණසිංහ Friday, 30 January 2015 12:53 AM

සමහර විනිසුරුවරුන්ද කිසිම තැකිමක් නොකර තින්දු දෙන බවත් ඒ නිසාම ඉහලට අභියාචනා කිරිමට යාමෙන් බොහෝ සේවා දායයින්ගේ මුදල් හා වටිනා කාලය නාස්ති වන බවත් නොකියාම බැරිය. නිතිඥවරුන්ට හෝ විනිසුරුවරුන්ට උවමනා ලෙස නොව නිතිය නිතිය ආකාරයට ක්‍රියාත්මක ව්ය යුතු ක්‍රමවේදයක් හා නඩු කල් යාම වළක්වාලන ක්‍රමවේදයක් ඉතා ඉක්මනින් සැදිය යුතුය. එයද යහපාලනයේ අනිවාර්ය අංගයකි. අද පවතින තත්වය මත බොහෝ නඩු කල් දමන්නේ මිනිසුන්ගේ කාලය හා මුදල් හා ජිවිතවල අගතිය ගැන කිසිම තැකිමක් නොකරයි. (නදී)

:       0       0

දිනේෂ් Friday, 30 January 2015 01:02 AM

කිසියම් විනිසුරුවරයෙකු වැරදි තින්දු දිගින් දිගටම දි ඇත්නම් කළහැකි දෙයක් තිබේද? (හේ)

:       0       0

සේකර Friday, 30 January 2015 01:05 AM

සමන් හරි ඇති. ඒ වගේම සමන් නීතිය නීති සංග්‍රහ හෝ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොව සමහර විනිසුරුවරුන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුයි යන බව විනිසුරුවරුන් සිතන බවද දැන් සිදුවෙන සිදුවීම්වලින් පෙනෙනවා. මම කියන්නේ අත්දැකිමෙන් මට වුනු දෙයක්.(හේ)

:       0       0

සුරංගි Friday, 30 January 2015 01:11 AM

ලංකාවේ විතරයි මම හිතන්නේ මේ තරම් මේ සාමාන්‍ය සිවිල් නඩු පවා කල් යන රටක් තියෙන්නේ.(හේ)

:       0       0

එරංග සමරවික්‍රම Friday, 30 January 2015 01:29 AM

සිවිල් නඩු කිසිම තේරුමක් නැතුව කල්යාම වළක්වන වැඩපිළිවෙලක් සකස් කරන්න ගරු ඇමතිතුමනි. විදේශ රටවල නව ක්‍රමවේදයන් ආදර්ශයට ගන්න. මේ යන විදියට යල් පැනපු ක්‍රම වලට නඩු අහන්න යන නිසා තමයි මෙය වෙන්නේ.(හේ)

:       0       0

බන්දු Friday, 30 January 2015 01:32 AM

ඒ ගැන හිතන්න එපා.(හේ)

:       0       0

හෙළ Friday, 30 January 2015 03:09 AM

මම කියන්නෙත් මේ වර්ධනය ලංකාවේ නීතිය හා සාමයට හොඳ ආදර්ශයක් නෙවේ. (දිල්)

:       0       0

සේරම් Friday, 30 January 2015 03:18 AM

නීතිය ඉදිරියේ තම නිදොස් භාවයට කරුණු ඉදිරිපත් කිරීමට ඇති අයිතිය නොමැති තැන ම නීතිය නැති බව ප්‍රකාශවේ (බ)

:       0       0

කුමාර Friday, 30 January 2015 03:28 AM

සමන් කියන දේ ඇත්ත ලෙස පිළිගැනීමට දිගටම සිදුවන දේ අනුව අපටද සිදු වේ. තවද නීතීඥයන් නීතිය අනුව බොරු කියන අයයි (දිල්)

:       0       0

නිහාල් ජිනදාස Friday, 30 January 2015 04:50 AM

අලුත් කඩේ උසාවිය වගේ තැනුත් දැන් මේ තත්ත්වයට වැටිලාද (දිල්)

:       0       0

පර්සි Friday, 30 January 2015 05:08 AM

ඔය කට්ටිය බලයට එනකොටම අපි දන්නවා රට අනතුරේ කියල.තවම දින 18. බලන් ඉමු. (බ)

:       0       0

‍හේවාවිතාරණ Thursday, 29 January 2015 01:13 PM

මහේස්ත්‍රාත්වරුන්ට අපල කාලයක් (නදී)

:       0       0

සමන් වන්නිආරච්චි Thursday, 29 January 2015 01:15 PM

නීතිය නීති සංග්‍රහ හෝ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොව නීතීඥයන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුයි යන බව නීතිඥයින් සිතන බව දැන් සිදුවෙන සිදුවීම්වලින් පෙනෙනවා. සමහර නීතීඥයින් විනිසුරුවන් සමග ගැටුම් ඇතිකරගන්නේ දේශපාලන බලයද යොදාගෙන. ශ්‍රී ලංකා නීතීඥ සංගමය දේශපාලන පක්ෂයක ශාඛාවක්. එය නීතියේ ස්වාධීනත්වයට මහත් තර්ජනයක් වී ඇති අයුරු අද සිදුවන සිදුවීම්වලින් පැහැදිලිවම පෙනෙනවා. (නදී)

:       0       0

සමන් Friday, 30 January 2015 05:47 AM

ඔන්න යහ පාලනය (බ)

:       0       0

දහම් Thursday, 29 January 2015 01:42 PM

සමන් කියන දේ ඇත්ත ලෙස පිළිගැනීමට දිගටම සිදුවන දේ අනුව අපටද සිදු වේ. (නදී)

:       0       0

සේකර Friday, 30 January 2015 06:44 AM

නීතිය නීති සංග්‍රහ හෝ ආණුඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව නොව විනිසුරුවන්ට අවශ්‍ය පරිදි ක්‍රියාත්මක විය යුතුයි යන බව විනිසුරුවන් සිතන බව සමහර සිදුවෙන සිදුවීම්වලින් පෙනෙනවා. එයද වැළැක්විය යුතුයි. කාටවත් උවමනා පරිදි නොව නිතිය නිතියේ ආකාරයට ක්‍රියාත්මක කළ යුතුයි (බ)

:       0       0

සම්පත් පෙරේරා Friday, 30 January 2015 06:47 AM

සමන්, හැම එකටම යහපාලනයට බැනලා වැඩක් නැහැ. මේ අඟහරු ලොවින් ආපු අය නෙමෙයි. දවස් ගානකට උඩදි මේ රටේ හිටපු අයමයි ඉන්නේ. දවසට දෙකට මකලා හදන්න බැහැ. ඔයාගෙ උනත් මොකක් හරි වැරුද්දක් තියෙනවා නම් දවසින් දෙකෙන් හදා ගන්න පුළුවන්ද? (බ)

:       0       0

දිනේෂ් Friday, 30 January 2015 06:49 AM

ඇත්තටම මෙහෙම විනිසුරුවරුන් සිටිනවා නම් එය වහා සොයා බැලිය යුතුයි. (බ)

:       0       0

ඇසළ Thursday, 29 January 2015 02:18 PM

සේවාදායකයන් ගෙන් ගාන හරියට කපා ගන්න බැරිවෙන කොට මොනව හරි කරන්නත් එපායැ. මොන ආණ්ඩුව අාවත් නීතිය බල්ලට ගිහින් ඉවරයි. බල්ලෝ සමා වෙන්න ඕනේ මෙහෙම කිව්වට. (නදී)

:       0       0

සුසන්ත Thursday, 29 January 2015 02:27 PM

දැන් රටට නිතිය අවශ්‍ය නැති බවද මේ නීතීඥයන් පෙන්වන්නේ. නීතීඥයන් ඇයි මෙහෙම හැසිරන්නේ නිතියන්ම බේරගන්න පුළුවන් ප්‍රශ්න ඇයි පාරට ගේන්නේ.(හේ)

:       0       0

සුජිත් Thursday, 29 January 2015 02:39 PM

සමන් මේ පොදු අපේක්ෂකයාව දිනවන්න ඔය කියන සියලුම සංගම් කැමති කරවාගෙන ඇත්තේ ඔවුන්ගේ ඔය අවශ්‍යතාවන් ඉටුකරගැනීමේ එකගතාවය මත බව දැනටමත් පැහැදිලිවෙලා. (දිල්)

:       0       0

රණසිංහ Friday, 30 January 2015 07:29 AM

නිතිඥයින්ට හෝ විනිසුරුවරුන්ට උවමනා පරිදි නඩු කල් නොගස්වා ඉක්මනින් විසඳන ක්‍රමවේදයක් හැකි ඉක්මනින් ලංකාවේද ක්‍රියාත්මක කළ යුතුයි. මෙය ජාතික ව්‍යසනයක්. මිනිස්සු කොච්චර දුක් විඳිනවද නඩු කල්යාම නිසා.(දිල්)

:       0       0

සහන් Thursday, 29 January 2015 02:49 PM

මේ සියල්ලේ ආරම්භය. සිරානි මැඩම්ව අන්තනෝමතිකව දූරයෙන් පහ කිරීම නිසා ඇරඹුන දේවල්. මේවට වගකියන්න ඕන හිටපු පාලකයන්. ඒ කාලේ සමන් වන්නි අාරච්චිල නිදාගෙනද හිටියේ ? (නදී)

:       0       0

සුනිල් Thursday, 29 January 2015 03:22 PM

නීතිඥ සංගමය කියන්නේ දේශපාලන ආයතනයක් නොවෙයි. එය සියලු නීතිඥයන් විසින් හදාගත් වෘත්තීය සංවිධානයක්. වෘත්තීය සමිතියක් වත් නෙවෙයි. එය නීතිය ගැනත් එය ක්‍රියාවේ යෙදවෙන ආකාරය ගැනත් උනන්දු වෙනවා. එයට ගරහන්න එපා. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 19 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 820 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 601 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site